Thursday, March 29, 2012

මේක ලියන්නේ ලංකාවේ ජිවත් වෙන අහිංසක ගැනු ලමයින්ට.කාසි හොයන්න ගිහිල්ලා මේ වගේ තැන් වලටනම් වැටෙන්න එපා.





මම සිලුමිනේ වැඩ කරන කලේ නයිට්‌ ක්‌ලබ් ගැන ආටිකල් වගයක්‌ කලා.මේ ආටිකල් වලට විස්‌තර හොයා ගන්න ලංකාවේ ප්‍රසිද්ධ නයිට්‌ ක්‌ලබ් එකක වේටර් කෙනෙක්‌ විදියට වැඩ කලා.ඒ මීට අවුරුදු 7 කට විතර ඉස්‌සර,මට අවුරුදු 22යි.එක පැත්තකින් ආඩම්බරයි ලංකාවේ නයිට්‌ ක්‌ලබ් ඇතුලේ සිද්ධ වෙන දෙවල් ගැන මුලින්ම ලංකාවේ ගවෙශනාත්මක වැඩක්‌ කලේ මම.ඒක කොයිතරම් ජනප්‍රිය උනාද කියනවනම් ,මාව මරන්නත් කට්‌ටියක්‌ ට්‍රයි කරනවා කියලායි පස්‌සේ ආරංච් වුනේ.

අද මම කියන්න යන්නේ එකෙදි අම්බුහුන නයිට්‌ ක්‌ලබ් කෙල්ලන් ගැන විස්‌තර ටිකක්‌.. --, නම් ගම් මනංකල්පිතයි.මම කියන්නේ කතාව විතරයි තේරුම් ගන්න ටික ඔයාලා තේරුම් ගන්න.

නිශාරි - මම විහිලුවට කිව්වේ නිශාචාරා කියලා,ඒ රැට විතරක්‌ ඇහැරගෙන ඉන්න හින්දා,වැඩට එන්නෙත් ලොකු ඉන්ෆෝමේශන් ටෙක්‌නොලොජි පොතක්‌ අරගෙන,ඇවිත් කොල්ලෙක්‌ සෙට්‌ වෙනකන් එකිගේ වැඩේ බියර් බිබී පාඩම් කරන එක.

හංසි - පුංචි කාලෙම ගෙදරින් පැනලා ඇවිත් කලබ් එකකට සෙට්‌ වෙලා.දුප්පත් කම හැරුනු විට නයිට්‌ ක්‌ලබ් කෙල්ලෙක්‌ බිහි වෙන්න හේතු වෙන අනිත් සාධකය තමයි උපතින්ම පිහිටන රාගය,මෙයත් ඒ වගේ එක්‌කේනෙක්‌.

උදාරි - කොලබ ප්‍රසිද්ධ කැම්පස්‌ එකක 3 වසරේ කෙල්ලෙක්‌,දවසක්‌ මම දකිද්දි එකි කිචන් එකෙ හැංගිලා එකේ හැංගිලා ඉන්නවා.මම ඇහැව්වා "ඇයි" කියලා."මල්ලී අපේ කැම්පස්‌ එකේ සර් කෙනෙක්‌ අද ක්‌ලබ් ඇවිල්ලා,දැක්‌කොත් මාර චාටරේ" අන්තිමට එයා කතාව ඉවර කලේ "මේකනම් හරිම කරුමයක්‌" කියාගෙන.

රුවිනි - ක්‌ලබ් එකට එද්දි දවසක්‌ බස්‌ එකේදි අම්බහුනා,කලබ් එකක වැඩ කරන කෙල්ලෙක්‌ කියලා හිතාගන්නනවත් බැහැ.කතා කලෙත් මහා චාම් ව්දියට,මම මගේ ලගින් ඉටපු යලුවාට පෙන්නුවා "මචන් අපේ කලබ් එකේ කෙල්ලෙක්‌" ",
ඌ ගත් කටටම කිව්වේ"හිතා ගන්නවත් බැහැ මචන් ඉන්නේ පත්තිනි අම්මා වගෙනේ"

සමාදි - කැම්පස්‌ එකක ඉගෙන ගන්න තවත් කෙල්ලෙක්‌,තාත්තා කරන්නේ කුබුරු වැඩ.ගම මාතර පැත්තේ.දුප්පත් කම තමා හැම අහේනියකටම මුල.

රිද්මි - බොස්‌ තමා එයාට සෙක්‍රිටරි පට්‌ටම දීලා තියෙන්නෙ.ටිකක්‌ හයි ක්‌ලාස්‌ කෙල්ලෙක්‌.. පොස්‌ට්‌ එක වී.අයි.පී නිසා යන්නෙත් හොද සල්ලිකාරයෝ ලගට විතරයි.

රේකා - කලබ් එකේ දැකපු අප්‍රසන්නම චරිතයක්‌,මිනියා ක්‌ලබ් එකේ ඩී.ජේ . ගැනිත් ක්‌ලබ් එකේම අනිත් රාජකාරි.හැමදාම දෙන්නා රන්ඩූ.දවසක්‌ මහා රැ ගෙදර යද්දි මුන් දෙන්නා රන්ඩූ උනා.මිනියා ලොකු ගලක්‌ උස්‌සන් ආවා ගැනිගේ ඔලුවට අත හරින්න.මම මැදට පැන්නේ නැත්නම් දෙන්නගෙන් එකෙක්‌ අද නැහැ.

නයිට්‌ කලබ් වල කේල්ලංගේ ජිවිත පිටතින් සුන්දරව පෙනුනට අතුලතින් පුදුමාකර දුක්‌බර ජිවිත ටිකක්‌ ඔය ටිකක්‌ විතරයි.සේරම ලියන්න බැහැ ප්‍රසිද්ද මාධයක්‌ හින්දා තොරා බේරා ලියන්න එපැයි.මේක ලියන්නේ ලංකාවේ ජිවත් වෙන අහිංසක ගැනු ලමයින්ට.කාසි හොයන්න ගිහිල්ලා මේ වගේ තැන් වලටනම් වැටෙන්න එපා.

මතක්‌ හුනු නිසා ජිවිතය සුන්දරයි වෙනුවෙන් තැබු සටහනක්‌....
(අපේ පිටුවටත් සෙට්‌ වෙන්න)

No comments:

Post a Comment