Monday, May 21, 2012

ෆේස් බුක් නිර්මාර්තෘ

ෆේස් බුක් නිර්මාර්තෘ මාර්ක් සකම්බර්ග් ඊයේ ඔහුගේ දිගු කාලීන පෙම්වතිය වුනු Priscilla Chan. සමග විවාහ වුණා..ඔහුට ඇයව මුලින්ම හමු වුනේ 2003 වසරේදී....කොහොමත් බිලියන ගණනක් දෙන ඔහුන්ගේ විවාහයට සුබ පතනවා...මොකද මාර්ක් සකම්බර්ග් නැත්නම් අපිට ෆේස් බුකුත් නැහැනේ.......මේ ඔහුන් දෙපලගේ ජායාරුපයක්...


ලෝකෙ ලාබාලතම දෙමව්පියෝ..........

ලෝකෙ ලාබාලතම දෙමව්පියෝ..........

මේ තමයි ලෝකෙ ලාබාලතම දෙමව්පියෝ...
අම්මට 15 යි තාත්තට 13 යි...
හැබැයි ලස්සනම කතාව ඒක නෙමෙයි...

තාත්ත කව්ද කියල හොයාගෙන තියන්නේ DNA පරීක්ෂණයක් කරලා මොකද මේ අම්ම තව පිරිමි ළමයි ගොඩක් එක්ක ඉඳල තියනවා. ඔය බබාව වඩාගෙන ඉන්න ළමය හිතල තියෙන්න බබා එයාගේ කියල එත් තනියම ඉන්න ළමය තමයි හරි තාත්ත.

ලංකාවෙත් මේ යන විදියට ගියොත් තව ටිකකාලෙකින් ඔයවගේ දේවල් වෙන රටක් වෙන්න පුළුවන් මොකද අපේ අයත් අවරුදු 8-10 වෙනකොට ආදරය කරන්න පටන් ගන්න නිසා.

ඉගෙන ගන්න කාලේ ඉගෙන ගෙන ආදරය කරන කාලේ ආදරය කලොත් සතුටු ජිවිතයක් ගතකරන්න පුළුවන් වෙනවා කියල ඔයාලත් හිතනවානම් මේ POST ඒක යාළුවො එක්ක SHARE කරන්න.

උපුටාගත්තේ hot and fast news වෙබ් අඩවියෙන්.අපේ PAGE එකටත් LIKE එකක් දාලා අපිත් එක්කත් සෙට් වෙන්න.......

පෘතුවිය ගැන ඔබේ දැනුමට ...


1) අප ජීවත්වන පෘතුවිය අවුරුදු බිලියන 4.5 ක් පමණ වයසින් යුක්තය.

2) එය සුර්යා වටා පැයට කිලෝ මීටර 660,000 වේගයෙන් ගමන් කරයි....

3) පෘතුවියෙහි බර ටොන් 6,588,000,000,000,000,000,000,000 කි.

4) පෘතුවිය මාර්තු මාසයේදී තම කක්ෂය වටා ගමන් කරන වේගය සැප්තැම්බර් මාසයට වඩා බොහෝ සෙයින් අඩුය.

5) පෘතුවියෙහි උෂ්ණත්වය සැම අඩි 60 කදීම අංශක 1 බැගින් වැඩිවේ.

6) පෘතුවිය ගෝලාකාර නොවන අතර එය පැතලි ගෝලාකාර හැඩයකින් යුක්තය.

7) පෘතුවියෙන් 70% ක් ජලයෙන් පිරි ඇත.

8) පෘතුවියෙහි සබැ වසරක් යනු දින 365 ක් නොව දින 365.2564 කි.

9) පෘතුවියෙහි ගර්භය සෙල්ට්‍රිගේටේ අංශක 7500 උෂ්ණත්වයකින් යුක්තවන අතර මෙය සුර්යාගේ පෘෂ්ට උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයකි.

10) පෘතුවියෙහි මුල්ම ජයරුපය ගනුලබුවේ එක්ස්ප්ලෝර් 6 යානයෙන් 1959 දී වන අතර පෘතුවියේ සජීවී දර්ශනයක් කක්ෂයෙහි සිට මුල්වරට දැක ගැනීමට වාසනාව ලැබුවේ යුරි ගගාරින්ය.


මෙය ඔබේ දැනුමට එකතු කර ගන්න ගමන් යාළුවන් අතරත් බෙදා හරින්න...අපේ පේජ් එකටත් සෙට් වෙන්න..


Thursday, May 17, 2012





පුංචිම කලේ අම්මගේ අතින් අල්ලන් ඉස්කෝලේ ගිය හැටි මතක් කරන්න...අම්මා අපේ ඇගිලි තුඩු වලට පැන්සල තියල අකුරු ලියන්න ඉගැන්නුවා මතකද...ඉස්කෝලේ ඇරිලා අම්මා එනකන් ගේට්ටුව ඉස්සර හිටිය මතකද...ඒ වෙලාවට අම්මා ටිකක් හරි පරක්කු උනානම් අපි හැඩුව තරම්.අම්මත් එක්ක කොහේ ගියත් අපිට තමා වාසි ඇයි අඩුම තරමින් අයිස් ක්‍රීම් එකක්වත් අරන් දෙනවනේ...දුන්නේ නැත්නම් අඩිය පොලවේ ගහල හරි ඒක අරගන්න විදියත් අපි දැනගෙන හිටිය එහෙම නේද ....අම්මා ඉස්සෙල්ලම බත් බෙදුවේ ඔයාලට සමහර වෙලාවට අම්මට කන්න ඉතිරි වුනේ දන් කුඩු ටික විතරයි...එහෙකත් නැත්නම් මගේ රත්තරන් අම්මා බඩගින්නේ හිටිය ....මතක් කරන්න...කොහේ හරි දුර පළාතකට ගියත් කන්න ලැබිච්ච දෙයින් ටිකක් හරි ලේන්සුවේ හොතාගෙන හරි අරන් ඇවිත් මගේ රත්තරන් අම්මා මට කන්න දුන්න...අපිට ලෙඩක් දුකක් හැදුනම අපිට සනීප වෙනකන්ම හිටියේ හිතේ ගින්දරෙන්.අපි කොහේ හරි ගියත් අපි එනකන් රෑට නිදි වරාගෙන බලාගෙන ඉන්නවා...එහෙව් රත්තරන් අම්මට මම එක වචනෙකින් හරි බැනල ඇති.එහෙම නේද ?එහෙම තමා අපි විතරක් නෙමේ මේ ලෝකේ ඉන්න හැමෝම එහෙමයි....

අද ඔයාලගේ ගෙදර බුදු පහන තියනකොට ඔයාගේ රත්තරන් අම්මා වෙනුවෙන් ප්‍රාර්ථනයක් කරන්න ..." උපදින උපදින හැම අත්මයකදිම මගේම රත්තරන් අම්මගේ කුස තුලම මා ඉපදේවා කියලා" ...ඔයාලගේ සිතින් දැන හෝ නොදැනුවත්ව ඔයාලගේ රත්තරන් අම්මට සිත් තැව්ලක් සිදු වුනානම් අම්මගේ දෙපා වැදලා ඒ වෙනුවෙන් සමාව ගන්න...අද අම්මාවරුන්ගේ දිනය...ඔයාගේ රත්තරන් අම්මව ඇස් දෙක වගේ බලා ගන්න අධිෂ්ටාන කරගන්න..ඒ අම්මාවරුන්ගේ දිනය නිසාම නෙමෙයි.ඒ මෙතේ බුදුන් නොදැකපු අපි මෙලොව බුදුන් දකින නිසා.....සිංහල මුස්ලිම් දෙමල අපි හැමෝගෙම අම්මා "අම්මාමයි"

ජීවිතය සරලව ගෙවන්න,.....



ජීවිතය සරලව ගෙවන්න,.....

1) අනිත් අයව තේරුම් ගැනීමට ඔබ යොදවන කාලය ඔබව තේරුම් ගැනීමට යොමු කරන්න.......

2) සිනහවන්න - එය කෙනෙකුගේ සතුට වෙනුවෙන් නොමිලේම ඔබට දිය හැකි දෙයකි.

3) අනවශ්‍ය දේවල් ගොඩ ගසා ගැනීමෙන් වලකින්න.....

4) සැමවිටම ඔබටත් අන් යටත් අවංක වන්න...

5) ඔබ ආදරය කරන කෙනාට සැමවිටම ඔබේ ආදරය පවසන්න.....

4) කිසිවිටෙකත් කල දෙයක් ගැන කම්පා නොවන්න...කලයුතු මොහොතේ නොකළ දෙය ගැන සිතන්න...

5) හදවතට අවංක වන්න.

6) ඔබ ඔබය ....අන් අයගේ අදහස් වලින් ඔබගේ මාර්ගය අවහිර කර නොගන්න....

7) මුදලට ගන්න ..ලෝකයාට නය කාරයෙකු නොවන්න...

8) කිසියම් දෙයක් කිරීමට ඔබ අකමැතිනම් ..එය කිසිදා නොකරන්න.......

9) අලුත් මිනිසෙකු අදුන ගැනීමටත් අලුත් දෙයක් දන ගැනීමටත් කිසි විටෙකත් ලජ්ජා නොවන්න...

10) කාලය සැම විටම වෙනස්වේ....ජිවිතයේ නරක කාලයේදී ශක්තිමත්ව සිටින්න....සුබ කාලයේදී ඔබ විදි නරක කාලය ගැන අමතක නොකරන්න....මේක SHARE කරන්නත් අමතක කරන්න එපා

බියර් බොන කට්ටියට -

බියර් බොන කට්ටියට -

ඔබ දිනකට එක බියර් බෝතලය බැගින් පානය කලොත් ඔබේ බර දවස් 5 කදී රත්තලකින් වැඩිවේ..එක බියර් බෝතලයක කලොරින් 200 ක් පමණ ඇති අතර .. මෙමගින් උදරය විරූපී ලෙස ඉදිරියට නෙරා ඒමට පටන් ගනියි.
එසේම බියර් පානය පිළිකාවට,රුධිර පිඩනයට සහා වෙනත් විවිධාකාර රෝග වලට ඉවහල් වන අතර,දිනපතා පානය කරන බියර් බෝතලයකින් ඔබේ ආයුෂ වසර 10 සිට 20 දක්වා අඩු කරනු ඇත.


මේක SHARE කරන්නත් අමතක කරන්න එපා

ගැහැනියක් පිරිමියෙක් වූ අපූරු කතාව..........




මිස් කෝල් එකෙන් ආරම්භ වූ ප්‍රේම කතාව

දෙවිනුවර ගන්ධරවත්තේ පදිංචි ඇය 23 හැවරිදි ඇගලුම් සේවිකාවකි.තුරුණු වියේ පසුවන ඇයට තම කුලුදුල් පෙම්වතා මුණගැසුනේ මිස්කෝල් එකක මාර්ගයෙනි.දුරකතනයෙන් ආරම්භවූ කතා බහ ප්‍රේම කතාවකට හැරෙන්නේ ඉතාමත් ඉක්මනිනි.


මම හමුදාවේ වැඩ කරන්නේ

"මම යුද හමුදාවේ වැඩ කරන්නේ. මට කියල කාත් කව්රුවත් නෑ.අම්මයි තාත්තයි දෙන්නම් නැති වෙලා."මේ අයුරෙන් දුරකතනයෙන් හාද වූ පෙමට මාස 6ක්ම ගතවුණු අතර ඇය තම දෙමව්පියන්ටද සිය පෙම්වතා ගැන දැනුම් දුන්නාය.ඒ අනුව ඔහු ඇයව බැලීමට පැමිණෙන්නේ ඔහුගේ මිතුරෙකුත් සමගයි.බලු බැල්මට කඩවසම් පෙනුමක් තිබු තරුණයට අයගේ සිත ඇදී ගියත් ඇයගේ පියා මෙයට විරුද්ධ වුයේ ඔහු ඇයට වඩා උසින් අඩු වීමයි.

මේ වගෙ කෙනෙක් ලැබෙන්න ඔයාලගේ දුව වාසනාවන්තයි

"මෙය හොද කෙනෙක්.අපේ කදවුරේ මේ වගේ ගති තියෙන කෙනක් හොයා ගන්න නෑ.ඇත්තටම ඔයාලගේ දුව වාසනාවන්තයි." එසේ පැවසුවේ ඔහු සමග පැමිණි ඔහුගේ මිතුරායි.ඒ අනුව දෙමව්පියන්ගේ කැමැත්තද ඔහුට ලැබුන අතර ඒ අවසරයෙන් ඔහු නිවසට යෑම ඒම ද කරන්න පටන් ගත්තේය. තම හමුදාවේ වැඩ කරන බව සනාත කිරිඉමට ජායාරුපයක් ඇයට ලබාදුන් අතර මෙම සමය රණවිරුවන් පිළිබද ඉහලින්ම කතාකෙරුන කාලයක් නිසා දෙමව්පියන්ටද ඔහුගේ අගය වැඩි විය.

වෙනසක් නැති මධුසමය

මේ අතරතුර තමාට යුද හමුදාවේ හිමි වරප්‍රසාද ලබා ගැනීම සදහා විවාහ වෙමුයි හදිසියේ ඔහු යෝජනා කළේය.දෙමව්පියන්ගෙන් හදිසි විවාහයකට කැමැත්ත නොලැබෙන නිසා ඔවුන් දේපල හොර රහසේ විවාහ විය. පසුව ඒ පිලිබදව දෙමව්පියන්ටද දන්වනු ලැබූ අතර වෙන කරන්න දෙයක් නැති නිසාවෙන් එයට එකග වූ ඔවුන් ඔවුන් දෙදෙනාට මධු සමය ගත කිරිමට කාමරයක් සකස් කොට දුනි. නමුත් මධු සමය නම් ඇයට විශේෂයක් වුයේ නොමැත. ඔවුන් කාමරයට ආ විලසින්ම පසු දින උදෑසනම එලියට පැමිණියේය.

ගෙදරට එන්නේ ඔසප් දිනවල

ඉන්පසු රැකියාව සදහා පිටව යන බව පවසා ඔහු නිවසින් නික්ම ගිය අතර ඉඩ ලැබෙන සම අවස්තාවකදීම ඔහු තරුණියට කතා කළේය.පෙම් හසුන් එව්වේය.
ඔහු නැවත පැමිණයේ මාස දෙක තුනකට වරකි.එම දවස් තරුණියට විශේෂ දවස් විය.එනම් සැම ස්ත්‍රියකටම සිදුවන ශාරීරික ක්‍රියාවලිය සිදුවන කාල පරිච්චේදියෙදිය.ඒ අනුව පැමිණෙන සම දිනම ඔහු තදින් මත පැන් බී සිටියේය.මත්පැන් වලට අමතරව නීති විරෝධී මත ද්‍රව්‍ය ද පාවිච්චි කිරිමට ඔහු ඇබ්බැහි වී ඇත.

සැම දිනකම අග සේදීම වැනි කටයුතු අදුරේ රහසේ සිදු කල අතර බිරිද එවැනි තැන් වලට සුදානම් වුවහොත් සැර පරුෂ වී ඇත.පපුවේ යම් කිසි වෙනසක් පෙනුනත් ඒ ව්‍යායාම වැඩි නිසයි කිවේය.විවාහ වී මාස 10ක් ගත වුවත් තරුණියගේ මුහුණ සිප ගැනීම හැරෙන්න වෙන කිසිවක් සිදු නොවිණි.මේ නිසාම තරුණියට ඔහු පිළිබද සැකයක් ඇති වන්නට විය.

සරමක් අන්දන්න හිතිලා කලිසම ගලවලා

දිනක් ඇගේ සැමියා අධික බිමත්ව ගෙදර පැමිණි විට කිසිදා උඩුකය නිරාවරණය නොකර සිටින ඔහුගේ කලිසම හා කමිසය ගලවා සරමක් ඇද බැලීමට තරුණියට සිත් විය.කලිසම ගලවන අවස්ථාවේ ඔහුට ඒ කිසිවක් දැනුනේ නැත්තේ අධික බිමත් කම නිසාවෙනි. කලිසම ගලවන විට ඇයට ඉබේටම කෑ ගැසිනි.

ඒ ශබ්දයට ඇගේ මව හා පියාද කාමරයට දිව ආ අතර ඔහුගේ ඉනේ සුදු නුල් පොටක් දක්නට ලැබිණි.එම අවාසනාවන්ත දර්ශනයත් සමග තරුණියට දැකගන්න ලැබුනේ තමා විවාහ කරගෙන සිටින්නේ තරුණයෙක් නොව කාන්තාවක් බවයි.

මානසික රෝගි එක්දරු මවක්

ඒ අනුව මේ පිලිබදව පොලිසියේ පැමිණිල්ලක්ද ගොනු විය. පසුව හෙළිදරව් වූ තොඅරතුරුවලට අනුව ප්රිරිමියෙක් ලෙස පෙනී සිටි කාන්තාව අවුරුදු 32 ක් වයසැති එක්දරු මවකි.ඇගේ දරුවා හදවත් රෝගයකින් මියගොස ඇති අතර සැමියාද සුනාමි ව්‍යවසනයෙන් මියගොස් ඇත.මෙය මානසික රෝගයක් මත ඇති වූ තත්වයක් බව වෙද්‍යවරුන් මත පළකරයි.

මෙය උපුටා ගත්තේ ගොසිප් 9 වෙබ් අඩවියෙනි.
Read more: http://www.gossip9.com/2010/12/blog-post_14.html#ixzz1v6ggZx8m

Friday, May 11, 2012

අපි දුප්පත් වෙලා ඉපදුනොත් එක අපේ වැරද්දක් නෙමේ.එහෙත් අපි දුප්පතෙක් විදියටම මැරුනොත් ඒක අපේ වැරද්දක්




ජීවිතය කියන්නේ අභියෝගයක්.හිතන්න ඒ අභියෝගය බාර ගන්න ඔයගොල්ලෝ කොච්චරක් දුරට ලෑස්තිද කියල.කියවන්න මේ පුංචි කතා ටිකක් විතරයි.

1) ශාරුක් ඛාන් අවුරුදු ගණනක් වේටර් කෙනෙක් විදියට ආපන ශාලාවක වැඩකරපු කෙනෙක්.ඒ වගේමයි දමිල සිනමාවේ සක්විති රැජිනි කාන්ත් අවුරුදු විසි පහේදී බස් කොන්දොස්තර කෙනෙක්.

2) සින්දු කියන්න අසාවෙන් හිටපු තරුණයෙක් හිටියා ඔහු අවුරුදු ගණනක් වේදිකාවල මුදලක් නොගෙන ගීත ගායනා කළා.සමහරු ඔහුට හූ තිබබා.ඔහු ගීත ගායනා කල මුල්ම චිත්‍රපට ගීතයත් නිෂ්පාදක කපල ඉවත් කලා..චිත්‍රපට නිෂ්පාදකයා බැන වැදුනේ ඔහුට සිනමාවට ගැලපෙන කට හඩක් නැහැයි කියල.එහෙත් ඔහු උත්සාහය අත ඇරියේ නැහැ .ඒ තමා අපි කව්රුත් හදුරන එච් ආර් ජෝතිපාල ජනප්‍රිය ගායක ශිල්පියා.

3) අවුරුදු 7 වන විටත් වචනයක් වත් කියවගන්න බැරි කොලු ගැටයෙක් හිටියා.ඔහු පන්තියේ හැමදාමත් අන්තීමය උන.කව්රුත් ඔහුව ගණන් ගත්තේ නැහැ.දෙමව්පියෝ හිතුවේ ඔහු මානසික රෝගියෙක් කියල.ඒ තමා ලෝකයම දිනපු ප්‍රසිද්ද විද්වතා ඇල්බට් අයින්ස්ටයින් .

3) අනාතයෙකුව ඉපදුනු කුඩා දරුවෙක් හිටියා.ඔහු ඔහුගේ ළමා කාලය ගත කලේ මහා මග.අනුන්ගේ කඩපිලි වල.තරුණ වියට පත් වෙද්දී ඔහු රැකියාව විදියට මහා මාර්ගයේ යනෙන මිනිස්සු හිනැස්සුව.ඒ දවසට පවුම් දෙකක් හොයා ගන්න.එහෙත් ඔහු මැරෙද්දි මුළු ලෝකයක්ම ඔහු වෙනුවෙන් හැඩුවා..ඔහුගේ නම චාලි චැප්ලින්.

4) තරුණ වියේදී එක තරුනයෙකුව කැලිෆෝනියා සිනමා පාසලෙන් නෙරප දැමුවා.ඔහුගේ එකම සීහීනය වුනේ සිනමා උපාධියක් අරගන්න.ඔහු උත්සාය අත ඇරියේ නැහැ.තමා සීනයක් ව ප්‍රර්ථනා කරපු උපාදිය 2002 වසරේදී විශ්ව විද්‍යාලය විසින් නොමිලේම ඔහුට පිරිනැමුණා.ඒ ස්ටීවන් ස්පිල්බර්ග් ලෝ ප්‍රකට සිනමාවේදියා.

5) සැමියා අතහැර දැමු වැන්දබු කාන්තාවක් තමා එකම දරුවා ජිවත් කරගන්න පත්තර වලට සුරංගනා කතා ලිව්වා.ඒ කතා සියල්ලම පුවත් පත් වලින් ප්‍රතික්ෂේප කරද්දීත් ඇය තීරණය කලා පොතක් ලියන්න.ඒ පොතත් රැගෙන ඇය සියගණනක් ප්‍රකාශන ආයතන වලට පයින් ගියා..එඅහෙත් සෑම කෙනෙක්ම එය බාල වර්ගයේ නිර්මාණයක් ලෙස විසිකර දැමුවා.අවසානයේ එක සමාගමක් එය ප්‍රකාශ කරන්නට බාරගත්තා..මේ තමා ජේ.ආර් රෝව්ලින් සහ අයගේ මුල්ම නිර්මාණය "හැරි පොටර් " නවකතාවේ ඉතිහාසය.

6) වරක් ගීත නිෂ්පාදන ආයතනයක් එක තරුනයෙක්ව තම සමාගමෙන් අස් කර දැමුවා."උබට සින්දු කියන්න බෑ උබට පුළුවන් ට්‍රක් එලවන්න විතරයි" සමාගමේ අය්තිකරු ඔහුට එසේ කිව්වේ ඔහු වෘතියෙන් ට්‍රක් එලවන්නෙකු වුනු නිසා....එහෙත් තරුණය එහින් සැලුනේ නෑ..ඔහු නැවත නැවතත් උත්සා කලා.ඔහු පසුකාලයේ ජනප්‍රිය වුණා "එල්විස් ප්‍රෙස්ලි " නමින්.

7) දුප්පත් ගොවියෙකුට දාව උපන් දරුවෙක් හිටියා.කුඩා කාලයේ අධ්‍යාපන ලැබීමේ වාසනාව ඔහුට නොලැබුණේ ඔහුගේ දුප්පත් කම නිසා.කුඩා කාලයේම මුදල් උපයන්න ඔරු පදින්නෙකු ලෙසත් දුම්රිය මාර්ග සදන්නෙකු ලෙසත් සේවය කලා.ඒ උපාය ගත් මුදලින් ඔහු නීති විද්‍යාලයට බැදී නීති උපාදියත් සමග දේශපාලනයට අවතීර්ණ වුන.දහතුන් වතාවක් චන්දයෙන් පැරදුනු ඔහු 1961 දී ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරයට පත් වුණා.ඒ ඒබ්‍රහම් ලින්කන් .

අපි දුප්පත් වෙලා ඉපදුනොත් එක අපේ වැරද්දක් නෙමේ.එහෙත් අපි දුප්පතෙක් විදියටම මැරුනොත් ඒක අපේ වැරද්දක්.ජිවිතයේ වැටෙන වැටෙන හැම මොහොතකම අපි ආයේ නැගිටින්න ඕනේ.ජිවිතයේ වැටෙන හැම මොතේම තවත් ශක්තිමත් වෙන්න ඕනේ.මැරෙන මොහොතේදී හදවතට ජීවිතය ගැන දුකක් දැනෙන්න තියන්න එපා...තමන් හැම මොහොතේම ජීවිතය දිනන්න උත්සහ කල කියන හැගීම හදවතට දැනෙන්න ඉඩ දෙන්න.

මේ කතා කීපයක් විතරයි.ලියනවනම් මිලියන ගණන් උනත් ලියන්න පුළුවන්.හිතන්න මොහොතක්. ඔහුන් මැරුණත් ඔහුන්ගේ නම සදා කල්ම මේ මිහිතලයේ රැදේවි...ඔබ සිටින්නේ කොතනද ???? ජීවිතය දිනන්න....ශක්තිමත් වෙන්න.ඔහුන්ට හැකිනම් ඔබටත් බැරි කමක් නැහැ.


මේක SHARE කරන්නත් අමතක කරන්න එපා
අපේ PAGE එකටත් LIKE එකක් දාලා අපිත් එක්කත් සෙට් වෙන්න......
>>>>http://www.facebook.com/JeewithayaSundarai

මෙම ලිපිය අවුරුදු 18 ට වඩා වැඩි අයට වඩාත් හොද බැව් කරුණාවෙන් සලකන්න.


ලිංගිකත්වය ගැන කතා කරනවා කියල කිව්වම සමහරු හිතාවි මේ මොන ලජ්ජා නැති වැඩක්ද කියල.ඒමනේ බොහොමයක් ලංකාවේ අයගේ මානසිකත්වය....මේ වගේ දේවල් ඇත්තටම ෆේස් බුක් එකෙන්වත් නැත්නම්යාලුවන්ගේන්වත් දැනගන්න ඕනේ ඒවා නෙමේ.පාසලෙන්ම ඉගැන්විය යුතු දේවල්.ලිංගිකත්වය ගැන නිසි අධ්‍යාපනයක් ලබා නොදෙන නිසා තමා ලංකාවේ දුෂණ අතවර වැඩිවෙලා තියෙන්නේ.දැන් ඉතින් ඕව කතා කරලා වැඩක් නැහැ මාර්තුකාවට බහිමු.............

1) ශුක්‍රානු එක් කොට එක කුඩා බෙහෙත් කරලක් තැනුවහොත් එහින් දැනට පෘතුවියේ ජිවත්වන මුළු ජනගහනයම නිර්මාණය කල හැක.(එක් ලිංගික එක් වීමකදී ශුක්‍රානු මිලියන තුනත් පහත අතර ප්‍රමාණයක් පිට වෙයි )

2) එක් ලිංගික එක් වීමකදී ශරීරයේන් දහනය වන කැලොරින් ප්‍රමාණය සියයකටත් අධිකය.

3) ලිංගික එක් වීමකදී පිටවන ශුක්‍රානු වල වේගය පැයට හැතැප්ම 28 කටත් වැඩ වැඩි අතර එය මෙතෙක් කෙටිදුර ඉසව් දාවකයන් විසින් තබා ඇති ලෝක වර්තවනුත් අබිබවා යන්නකි.

4) ස්වයන් වින්දනයකදී ශුක්‍රානු අගල් හතත් , විසි හතරත් අසන්න දුරක් ව්හිදෙයි.

5) ලිංගික එක්වීමකදී පිරිම් විසි දෙනෙකු ලබන තෘප්තියට සමාන තෘප්තියක් එක් ගැහැණියෙකුට ලැබිය හැක.

6) ඇමෙරිකාවේ ජිවත් වන පිරිමින්ගෙන් 80% දෙනා චර්මචේදනය කර ඇත.....

7) සාපේක්ෂව ගත කල අවරුදු 40 ට වැඩි කාන්තාවන් අනිත් කාන්තාවන්ට වඩා ස්වයන් වින්දනයේ යෙදේයි.

8) ලිංගිකව එක්වීම තුලින් මානසික ආතතිය දුරු වන අතර එය ශරීරයේ රුධිර ධාවනයටත් හිසරදය සහ බොහොමයක් මානසික රෝගවලටත් ඔහුෂදයකි.

9) බොහොමයක් කාන්තාවෝ අදුරේදී ලිංගිකව එකතු වීමට කැමති අයයි....

10) සියයට 85%ක් කාන්තාවෝ තමා ස්වාමියාගේ ලිංගේන්ද්‍රිය කුමන ප්‍රමාණයේ එකක් වූවත්
එහින් සැනසීමට පත්වන්නෝ වෙති.

11) එක් සතියක් ඇතුලතදී කාන්තාවක් තම ලිංගික ජීවිතය ගැන අඩුම තරමින් ඇයගේ යාළුවන් පස් දෙනෙකුටවත් පවසනු ඇත.

12) ස්ව්‍යන්වින්දනයකදී කාන්තාවකට මිනිත්තු 4 කින් සුරතාන්තයට පත්විය හැකි අතර ලිංගික එක්විමකදී මිනිත්තු 10 ත් 20 ත් අතර ප්‍රමාණයක් ගත වෙයි.

13) ලිංගික එක් වීමකදී සාමාන්‍යයෙන් යෝනියක් අගල් 4 ක දිගින් යුක්තවන අතර පුරුෂ ලිංගයක් අගල් 6 ක් පමණ දිගු වෙයි.

14) ලිංගික කාර්යකදී පිරිමියෙකුගේ ලිංගේන්ද්‍රිය ඍජු වීමට තේ හැදී දෙකක පමණ රුධිරය අවශ්‍ය වෙයි..

15 ) දැනට පවත්වා ඇති සමීක්ෂණ අනුව ග්‍රීකයන් වැඩියෙන්ම ලිංගිකව එක්වන්නන් වන අතර ඒ යුවලක් වර්ෂයකට 138 වතාවකි.අඩුවෙන්ම ලිංගිකකව එක් වන්නෝ ජපන් ජාතිකයන් වන අතර ඒ යුවලක් වසරකට 45 ස් වතාවකි.

Translated from Lustability and sexual education....
ජීවිතය සුන්දරයි සටහනක්.

අපේ PAGE එකටත් LIKE එකක් දාලා අපිත් එක්කත් සෙට් වෙන්න......
>>>>http://www.facebook.com/JeewithayaSundarai

විලියම් ශේක්ෂ්පියර් ගැන ඔබ නොදත් දේ........



1) ශේක්ෂ්පියර් විවාහ වුයේ ඔහුට වයස 17 දී වන අතර ඒ ඔහුට වඩා අව්රුදු 9 ක් වැඩිමල් අන්නා අත්වේයි සමගය.ඔහුන් විවහ වන විටත් ඇය දෙමස් ගැබිනියකව සිටියාය.

2) මිය යන විට හිතමත් ධනවත් ව සිටි ඔහු ඔහුගේ දේපල වලින් බොහොමයක් තම දුවනියට ලියු අතර ඔහුගේ බිරිද සදහා ලිය තිබුනේ හැද ඇතිරිල්ලක් පමණි.

3) ඔහුගේ දේහය ශ්‍රුද්ද වූ ත්‍රිත්ව දේවස්ථානයේ වල දැමු අතර ඔහුගේ සොහොනෙයි ඔහු විසින්ම ලියන ලද සමරු පළකයක් කොටන ලදී.එහි වුයේ "මගේ දේහය යලි ගොඩගන්න කිසිවෙකුට වුව මාගේ ශාපය හිමිවන බවයි " මෙම නිසා කිසිවෙකුවත් ඔහුගේ දේහය යලිත් ගොඩ ගැනීමට බිය විය.

4) බයිබලයෙන් පසුව වැඩි දෙනා කියවා ඇති පොත් බවට වර්තවෙන්නේ ශේක්ෂ්පියර් ගේ පොත්ය.

5) ගුගල් අඩවියේ ඇති පිටු වලින් මිලියන 157 ක් ම ලිය ඇත්තේ ශේක්ෂ්පියර් ගැන වන අතර දෙවියන් ගැන ලිය ඇත්තේ මිලියන 132 ක් පමණි.

6) ශේක්ෂ්පියර් නාට්‍යශාල වල කාන්තාවන්ට සහ තරුණියන්ට සේවය කිරීම නීතිවිරෝදී වී තිබුනෙන් ඔහුගේ බොහොමයක් නාට්‍යවල කාන්ත චරිත රගපැවේ පිරිමින් විසිනි.

7) ඔහුගේ මුළු ජිවිත කාලය තුලදීම ඔහු විසින් ලුහුඩු පද්‍ය 154 කුත් නාට්‍ය 37 කුත් රචනා කල අතර ඔහුගේ රචනා 20 කටත් වැඩි ප්‍රමාණයක් අතුරුදන් වී ඇත .


මේක SHARE කරන්නත් අමතක කරන්න එපා
අපේ PAGE එකටත් LIKE එකක් දාලා අපිත් එක්කත් සෙට් වෙන්න......
>>>>http://www.facebook.com/JeewithayaSundarai

Wednesday, May 9, 2012

තමන්ගේ මරණය වීඩියෝ කළ තරුණයා...(මෙවැනි මෝඩ වැඩ කරන්න එපා ....බොහොම කණගාටු දායක පුවතක් ....)

http://www.youtube.com/watch?feature=player_embedded&v=VF1WozIKxfM#!

තමන්ගේ මරණය වීඩියෝ කළ තරුණයා...(මෙවැනි මෝඩ වැඩ කරන්න එපා ....බොහොම කණගාටු දායක පුවතක් ....)

එප්පාවල තරුණයෙක් ඊයේ සියදිවි හානි කරගත්තා. ඔහු මියයාමට පෙර ඒ අවස්ථාව වීඩියෝ ගතකර තිබෙනවා. 

වසන්ත ප්‍රදීප් බණ්ඩාර නම් ඔහුගේ 19 වන උපන්දිනයට ඒ වනවිට තිබුනේ දින 2ක් පමණයි.

ගාල්ලේ පරිගණක ආයතනයක සේවය කරන ඔහු ඊයේ එප්පාවල පිහිටි තම නිවසට පැමිණ තමා සියදිවි හානි කරගන්නා බව ඔහුගේ හොඳම මිතුරෙකුට එස්.එම්.එස් පණිවුඩයක් මඟින් දන්වා තිබෙනවා.

ගෙදර පහණ උඩ තිබෙන ජංගම දුරකථනයේ වීඩියෝ දෙකක් තිබෙන බවත් ඇවිත් ඒවා බලන ලෙසත් එහු එහි සඳහන් කර තිබෙනවා.

ඉන් එක් වීඩියෝ එකක ඔහු සියදිවි හානි කරගැනීමට හේතුව දක්වා කළ කථාවක් තිබූ අතර අනෙක් වීඩියෝවේ තිබී ඇත්තේ කැමරාවේ වීඩියෝ ඔන් කර තැබීමෙන් පටිගතවූ සියදිවි හානි කරගන්නා ආකාරයයි.

වසන්තගේ පවුලේ අක්කා කෙනෙකු හා අයියලා දෙන්නෙකුද මීට පෙර සියදිවි හානි කරගන තිබෙනවා. පසුගිය දෙසැම්බර් මාසයේ එකම ගසක මල සිරුරු 3ක් එල්ලි තිබෙමින් සියදිවි හානිකරගැනීමක් සිදුවූයේද එප්පාවල ප්‍රදේශයෙනි

අපේ ජීවිතය සුන්දරයි පිටුවේ පළවුණු පින්තුර කීහිපයක්














Sunday, May 6, 2012


අන්තන්පුරය යනු ගණිකා මඩමක්ද ????



අන්තන්පුරය යනු ගණිකා මඩමක්ද ???? 

රජ්ජුරුවන්ට ඇස ගැසෙන හොද හංගපුල ඇති හැඩකාර ළමිස්සියන් ,කාන්තාවන් සිය ගණනක් රජ්ජුරුවන් තම අන්තන්පුරයේ කොටුකර සිටි බව අපිට ඉතිහාස පන්තියේදී ඉගැන්නුවා මට මතකයි.ඇත්තටම මොකක්ද මේ අන්තප්පුරය කියන්නේ....ඕක දැන් කලේ ඉන්න කොල්ලෙක්ගෙන් ඇහැව්වොත් නම් කියයි නියිට් ක්ලබ් නැත්නම් ගණිකා මඩමක් වගේ පොට් එකක් වෙන්න ඇති කියල.
අන්තප්පුරය යනු ගම පියස වල සිටි හැඩකාර ලමිසියන් නොහොබිනා මිනිසුන්ගෙන් සහ අතවර වලින් බේරෙන්න ආරක්ෂාවට තියපු තැනක් (ඔහොම තමා පත්තරේකනම් තිබ්බේ ) , ඉස්සරත් අද වගේම වෙන්න ඇතිනේ...එක නිසා ඔයවගේ නීති දාන්නත් ඇත්තේ නීති අදන අයගේ යටි ඉතේ මොකක් හරි තියාගෙන නොවැ....කොහොම උනත් ගැහැනුන් සියගණනක් ඉන්න තැනක එක ගැනියෙක්ට රජ්ජුරුවන් හම්බුවෙන්න ඇත්තේ අව්රුද්දකටම එකපාරක් දෙපාරක් වෙන්න ඇති.එහෙම හම්බුවෙලත් නිකන් හරි ගැබ් ගත්තොත් එකත් නම්බුවක් විදියට තමා ඉස්සරනම් පිළිගැනිම,මොන උනත් රජ්ජුරුවන්ගේ ලේ නිසා බොහොම තෑගි බෝග කුල නම්බු නාම එහෙමත් අම්බුවෙන්න ඇති.(එහෙත් ප්‍රස්නේ තියෙන්නේ අද වගේ බ්ලඩ් චෙකින් ක්‍රම තිබුනේ නැති නිසා දරුවා ඇත්තටම රජ්ජුරුවන්ගේද නැත්නම් අන්තප්පුරය මුරකරපු එකාගේද කියල කොහොම හොයාගත්තද කියන එක) කොහොමත් ලොක්කට වඩා වටේ ඉන්න එව්න්ටනේ සැප..

කව්රු හරි මේ ගැන අලුත් දෙයක් ,නැත්නම් අන්තප්පුරය ගැන සහිත්‍යනුකුල හොද අදහසක් දෙන්න පුළුවන් අය ඉන්නවනම් කොමෙන්ට් එකක් දන්නා පුළුවන්.ගවේෂණයක් කරලම මේ ගැන හොද ආර්ටිකල් එකක් පස්සේ දාන්නම්.....




හඳුනා නොගත් පියාසර වස්තුවක් සුර්යයා අසලින්ම ගමන් කරයි

විශාල ප්‍රමාණයේ හඳුනා නොගත් පියාසර වස්තුවක් පසුගියදා සුර්යයා අසලින්ම ගමන් ගත් බව නාසා ආයතනය ප්‍රකාශ කර තිබෙනවා.

සූර්යයා නිරීක්ෂනය කිරීම සඳහාම නාසා ආයතන විසින් 1995 සිට යොදවා තිබෙන SOHO චන්ද්‍රිකාව මඟිනුයි මෙම වස්තුව නිරීක්ෂණය කර තිබෙන්නේ.

විශාල ප්‍රමානයේ ඇන්ටනා සහිත සන්නිවේදන උපකරන දොලහකින් යුත් මෙම චන්ද්‍රිකාව මඟින් එම යානයේ වීඩියෝ එවෙලේම නාසා ආයතනය වෙත ලබාදීමත් සමඟ එය හොලිවුඩ් චිත්‍රපට වල දක්නට ලැබෙන විශාල ප්‍රමානයේ යානයක් බවයි හඳුනාගන තිබෙන්නේ.

ලෝහමය බාහු වලින් යුත් එය අධික සූර්යතාපයක් පවතින ප්‍රදේශයක මෙලෙස ගමන් කිරීමත් සමඟ එහි වීඩියෝ පසුගියදා යුටියුබ් වෙත එක්වීමෙන් පසුව බොහෝ දෙනා එය පිටසක්වල යානයක් බවයි විශ්වාස කළේ.
Read more: http://www.gossip9.com/2012/05/blog-

Friday, May 4, 2012

බුදුරජාණන් වහන්සේගේ දක්ෂිණ පාදයේ පිහිටි මහා මංගල සලකුණු ...........





රන්ජන් ගැහැනියක් වෙයි.................


රන්ජන් රාමනායක මේ දිනවල කාන්තාවගේ චරිතය නිරුපනය කිරීම සඳහා වෙහෙසන බව වාර්තා වේ.

ඔහු කාන්තාවකගේ චරිතය නිරුපනය කරන්නේ "කාන්චානා" නම් දමිල සිනමා පටයක් ඇසුරින් නිර්මාණය කෙරෙන චිත්‍රපටයක් වෙනුවෙනි.

කාංචනා දමිල චිත්‍රපටයේ එම කාන්තාවගේ චරිතය නිරුපය කරනු ලබන්නේ සරත් කුමාර් නම් නළුවෙකු විසිනි.



වසර 60 ක‍ට පසු රොස්වෙල් නිවු මෙක්සිකෝ හිදි පියාඹණ පීරිසියක් සෙ‍ායාගත් බව පිලිගනී!


මෙතෙක් රහසිගත තොරතුරු ලෙස පැවති පියාඹණ පීරිසි පිලිබඳ තොරතුරු රාශියක් පසුගිය මාසයේදි ඇමරිකානු රජය මගින් මුදාහැර ඇත. මෙහිදී අඩි 3 පමන උස පිටසක්වල ජීවීන් ගේ සිරුරුද මෙම යානයේ තිබී සෙ‍ායාගත් බව අණාවරණය කොට ඇත.


1950 මාර්තු 22 දින සිදුවු මෙම සිදුවීම මෙතෙක් කල් රහසක්ව තබා ගෙන සිටියත් මේ මෝහෝතේ මෙසේ මහජනතාව අතරට නිකුත් කලේ මන්ද?, සිග්‍රයෙන් ලොව වටා පියාඹණ පීරිසි දර්ෂණය වීම වැඩීවනවාත් සමගම තවදුරටත් මෙය රහසක්ව තබාගත නෝහැකි නිසාද?, අන්තර්ජාලය පුරා මේ වනවිට සැරිසරණ කටකථා අතර මෑත දී සිදුවෙතැයි කියන ලෝකවිනාසය නිසාද?, න‍ැතහොත් සුර්යයාට ඊත‍ාම ආසන්නයේ කක්ෂ ගතව ඇතැයි පවසන පෟථුවිය තරම් විශාල යාන‍ා නිසාද?, සූර්යයාගේ ක්‍රියාක‍ාරීත්වය සිග්‍රයෙන් වැඩිවෙමින් පෟථුවියට තර්ජනයක් නුදුරේදිම සිදුවිය හැකි නිසාද?, පෟථුවියේ උතුරු දකුණු චුම්භක ද්‍රැව ම‍ාරු වීමට යන නිසාද?, තවත් විශාල ග්‍රහයකු සූර්යයාට හසුවන නිසා අප සෟරග්‍රහ මණ්ඩලය‍ට සූර්යයන් දෙදෙනෙකු ලැබෙන්නට යන නිසාද?, මේ එකක්වත් නොවේ නම් මායන් වර‍ැන් ගේ මිනිස් සංහතියම රුගෙන ගියා ලෙස අපව ද රැගෙන යාමට කාලය පැමිණ ඇති නිසාද?.

මගේ අහස බ්ලොග් එකෙන් ....මේක SHARE කරන්නත් අමතක කරන්න එපා.

කන්‍යාභාවය ඩොලර් මිලියන 1.5 ක් පමනි.

බොරුවක් නොව සැබැවකි...ඉතාලියානි මෝස්තර නිරුපන ශිල්පිනි Rafella Fico තම කන්‍යාභාවය විකිනීමට තීරනය කර ඇත. ඒ ඩොලර් මිලියන 1.5 කටය... 21 වැනි වයසෙහි පසුවන ඇය තම කන්‍යා භාවය ලබා ගන්නේ කවුරුන්දැයි දැන ගැනීමට දැඩි ඇශාවකින් පසුවේ..
ඉහත දැක්වෙන්නේ ඇයගේ ජායාරුපයයි ....

සද්දන්ත කුලේ අපි බ්ලොග් එකෙන් ....මේක SHARE කරන්නත් අමතක කරන්න එපා.




තේරෙනවද මේකෙන් කියවෙන කතාව
මේ AIDS වලට ලගදි නිර්මානය කරපු පොස්ටරයක්..බලන්න මේ පොස්ටරෙන් කොච්චර ලොකු කතාවක් කියවෙනවද කියල... මේකෙන් කියවෙන කතාව තේරුම් ගත්තද...?


රූපයට රැවටෙන්න එපා.


1960 දශකයේ අඩ නිරූප චිත්‍රපට ලෝකයේ කිරුලු පලන් නිලියක් හිටියා. ඒ දිනවල ඇයගේ චිත්‍රපටයක් නොබැලූ කොල්ලෙක් නැති තරම්. ඒ චිත්‍රපට නිෂ්පාදකයන්ට අවශ්‍ය වූයේ එයින් ලැබෙන මුදල් සම්භාරය පමණයි. සමාජයට එයින් කිසිම සෙතක් උනේ නැහැ. දැනට වුවත් සිටින කාමාතුරයන්ට මෙය පෙනෙන්නේ වෙනස් අන්දමකට විය හැකිය. ඒ සියල්ලටම ඒ අවස්ථාවෙ බුදු බණ අම්තක වුනා. සියවසකටත් වඩා අඩු මේ මනුශ්‍ය ජීවිත නිති පතා වෙනස් වනබව කාටත් අමතක වුනා. එදා සියොළඟ නිරුවත විදහා පාමින් රාගයෙන් ලොව කුල්මත් කල ඒ නිලියගේ අද හැඩ රුව අනෙක් පින්තූරයෙන් බලා ගන්න. සත්‍යය පිලිබඳව විචාරාත්මකව සිහිකරන්න. සියලු දේ අනිත්‍යය යන අගනා බුදු වචන සැඟවී ගියත් අවසානයේ එය මතු වෙන හැටි මෙයින්ම දිස්වේ.. මේ අප හඇමටම පොදුවේ සිදුවන මෙසින් ගැලවී සැඟවීමට තැනක් නොමැති සත්‍යයකි. මේ නිලියගේ නම බ්‍රිජට් බාර්ඩෝය. (Bridjit Bardo)

ගත්තේ යට ගිය දවස blog එකෙන් ..............

Tuesday, May 1, 2012

කඳු මුදුනට නැග පාමුල බැලූ රාජ්‍ය නායකයා .


අමල් වික්‍රමතුංග උප භාණ්ඩාගාරික ශ්‍රී සුචරිත ව්‍යාපාරය ..
2012 අප්‍රේල් 30 වෙනි සදුදා, 23:03

මරණින් පසුවත් ජීවත්වීම යනු අමරණීයවීමය, ලෝකයේ අමරණීය වූවන්ගේ නාමාවලිය ගොනු කළහොත් එය ඉතාම පුංචි ‍පොතක් වෙයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ අමරණීය වූවන් ලෝක වාර්තාවද පරදවයි. අපේ ඉතිහාසය බටහිර ඉතිහාසයට වඩා දීර්ඝවීම ඊට හේතුවයි.

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ගැන ලියන්නට මම ඒ පෙරවදන උපයෝගී කර ගනිමි. දේශපාලනඥයින් වශයෙන් නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අගමැති මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතාගෙන් පටන්ගෙන වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තෙක් ගණනය කරතොත් රාජ්‍ය පාලකයන්ගේ ගණන් විශාල වුවත් අමරණීය වූවන්ගේ සංඛ්‍යාව ඉතා කුඩාය. අල්පය.

පුංචි මිනිහා සමග වැඩි ඇසුරක් පවත්වා ගෙන යමින් කටයුතු කළ එකම ජන නායකයා රණසිංහ ප්‍රේමදාස මහතා යැයි කිවහොත් කවුරුත් එය අවිවාදයෙන් පිළිගනිති. අහස උසට බැඳි තාප්පවලින් හෝ වැටකඩොලු බැඳගෙන හෝ දහස් ගණනක ආරක්ෂක නිලධාරීන්ට මැදිව සිටීමට ඔහු පුරුදු පුහුණු වී සිටියේ නැත. ජනතාව අතරට නිතරම ගියේය. වැට කඩොලු ඉවත් කර ජනතාවට තමන් සමීපයට පැමිණීමට ඉඩ සැලැස්වීම එතුමාගේ කැමැත්ත විය. තම ආරක්ෂක නිලධාරීනට පවා එවැනි උපදෙස් ලබාදී තිබිණ.

බොහෝ දේශපාලනඥයින් කන්ද පාමුල සිට ඉහළට නැගුණ පසු යළි පහළ බැලුවේ නැත. එහෙත් රණසිංහ ප්‍රේමදාස මහතා කන්ද පාමුල සිට කන්ද මුදුනට නැග කන්දේ පාමුල සිටින්නා දෙස සෘජුව බැලුවේය. එතුමාගේ ජනප්‍රියත්වයේ රහස එයයැයි සිතමි. කඳු මුදුනට නැගි මිටියාවත දෙස බැලූ රාජ්‍ය නායකයාය.

උතුරේ සහ දකුණේ යුද්ධ දෙකක් පවතිද්දී තම පාක්ෂිකයන් විසින්ම ඉදිකළ මහා බාධක කඳු වැටිය පෙරළා ගෙන ජය කණුවට ළංවීමට එතුමාට හැකිවූයේ පුංචි මිනිහා කෙරෙහි තැබූ විශ්වාසය නිසාමය.

එක්සත් ජාතික පක්ෂයේ අයෝමය ශක්තිය දෙදරන්ට නොදී රැක ගැනීම වෙසෙසින් අගය කළ යුතුය. පැසසිය යුතුය. යුද්ධය මුහුණ දෙමින් භාණ්ඩ මිල සමබරව පවත්වාගෙන යමින් රටේ ආර්ථික සංවර්ධනය 8 දක්වා ඉහළ නැංවීමට දක්ෂවීම ප්‍රශංසනීය කටයුත්තකි. එය වෙසෙසින් අගය කළ යුතුය.

අද යුද්ධය නිමාවී සාමකාමී පරිසරය තුළ ලබා ඇති ආර්ථික වර්ධනය එදා යුද්ධ දෙකක් කරමින් ලබාගැනීමට හැකිවිය. ඇඟලුම් කම්හල් 200ක් ආරම්භ කළ අවස්ථාවේ සුද්ධන්ට ජංගි මහනවයි කියා අවලාද නැගුවා පමණක් නොව හිසට සෙවණක් වූ මහල් නිවාස කුකුල් කූඩු කියමින් කාලකණ්ණි දේශපාලන සතුටක් ලැබූ අයගෙන් ද අඩුවක් නොවීය.
විදෙස් සරසවියක උපාධි කබාය ලා ගත්තේ තමා ශ්‍රේෂ්ඨයයි සිතා කටයුතු කිරීමේ පුහු අහංකාරකමින් පෙළුණු අමනෝඥ පිරිසක් සාමාන්‍ය මිනිහාට මග හරස් කළහ. එතැන තිබුණේ සමාජ ගැටුමයි.
සතියකට වරක්වත් සමීපතම ‍පොඩි මිනිහාට දුරකථනයෙන් කතාකොට දුක සැප විමසීම ඔහුගේ සිරිත විය. එහෙත් තමා ගොඩ නැගූ පාක්ෂික බලයට අමතර හිතෛෂී බලය වත්මන් පක්ෂයේ නායකයා ප්‍රයෝජනයට ගත්තේ නැත. එතැන අමතක කර ඉදිරි ගමනක් පක්ෂයට නැති බව දත් රණසිංහ ප්‍රේමදාස මහතා ‍පොඩි මිනිසා කිසිවිටෙකත් අමතක කළේ නැත. තම නමින් අන් අය අමතන්නට තරම් පුදුම මතක ශක්තියක් ඔහු තුළ විය. එවිට එසේ ඇමතුම ලැබූ පුද්ගලයා තුළ ඇතිවනුයේ මහත් ආඩම්බරයකි. මහත් අභිමානයකි. අද දේශපාලනඥයින්ට එවැනි මතකයක් නැත. මතක් කර ගැනීමට කලක් ගතවේ. රණසිංහ ප්‍රේමදාස මහතාගේ චරිතයෙන් උගත හැකි දේ බොහෝය.

මැයි 1වන දින ලෝක කම්කරු දිනයයි. එය සැමරීම වස් මෙයට වසර 19කට පෙර මැයි පෙළපාලිය සංවිධානය කර සිටියදීම රටට අහිමි විය. රටට අහිමි වූවාට වඩා අහිමි කළා යන්න වඩාත් උචිතය. මහත් ජන මෙහෙවරක් කළ සැබෑ මිනිසෙකුගේ මෙහෙවර මෙසේ අවසන් කළේය. කෙසේ වෙතත් වියයුතු දේ දැන් සිදු වී හමාරය. එහෙත් ඒ මහතාගේ ප්‍රතිපත්තිය රටට අවශ්‍ය විය.
විශේෂයෙන් දුගී දුප්පත් අසරණ ජනතාව වෙනුවෙන් ඉටුකළ මෙහෙය අපමණය. කුමන දේශපාලන මතිමතාන්තර දැරුවද කුමන එදිරිවාදිකම් පැවැතියද, එතුමා ගෙන ගිය වැඩපිළිවෙළේ හරවත් යමක් විය. එය දුගී දුප්පත් ජනතාවට මහත් සහනයක් විය. නෑ බෑ යන්න වෙනුවට කළයුත්ත නිලධාරීන්ගෙන් බලා‍පොරොත්තු විය. කල් දැමීමට හෝ කල් මැරීමට අකමැතිය. එවැනි නිලධාරීන්ට ඔහු ප්‍රිය කළේ නැත.

1970 වර්ෂයේ දී එක්සත් ජාතික පක්ෂය පතාක යෝධයින් ලෙස ප්‍රබලයින් පවා පරාජයට පත්වෙද්දී ඡන්ද ලක්ෂය ඉක්මවා මැද කොළඹ පළමුවන මන්ත්‍රීවරයා වශයෙන් ජයග්‍රහණය කර තේරී පත්වීමට සමත් විය. පරාජයට පත් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය සඳහා මෙහෙයවීමේ කාර්ය භාරයේ වැඩි කොටසක් තම කරට ගත් එතුමා 1977 වර්ෂයේ දී රට පුරා යමින් අනභිභවනීය ජයක් එක්සත් ජාතික පක්ෂයට ලබා දුන්නේය. සුපිරි පන්තියක් එක්සත් ජාතික පක්ෂය වටා කවදත් සිටිය මුත් පීඩිත දුප්පත් අසරණ ජනතාව පක්ෂය වටා රඳවාගෙන ඉදිරියට ගෙන යාමේ අභිප්‍රාය ඔවුන් තුළ ඇති කිරීමට රණසිංහ ප්‍රේමදාස මහතා මූලික විය.

එම විශ්වසනීයත්වයට හානි නොකර පළුදු නොකර කටයුතු කිරීමේ ප්‍රතිඵල මත 1977 දී එක්සත් ජාතික පක්ෂය

විශිෂ්ට ජයග්‍රහණයක් ලැබිය. පළාත් පාලන හා නිවාස අමාත්‍ය ධුරයට අමතරව ශ්‍රී ලංකාවේ 8වන අගමැතිවරයා වශයෙන් කටයුතු කිරීමේ භාග්‍ය ද ලැබිය. පසු කාලයේ දෙවන විධායක ජනාධිපති ධුරයද හෙබවීමට එතුමා සමත් විය.

එතුමා ආරම්භ කළ නිවාස වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොවන්නට රටේ උග්‍ර නිවාස ප්‍රශ්නයක් මතුවන බව අවිවාදයෙන් පිළිගත යුතුය. කෙසේ වෙතත් එම නිවාස වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොවූ ප්‍රදේශයක් රටේ සතර දිග්භායෙන්ම සොයා ගත නොහැක. එපමණට ගම තුළට නිවාස වැඩපිළිවෙළ ඇදී ගියේ ය. උදාකළ ගම්මාන, උදා ගම්මාන, ආදර්ශ ගම්මාන ඒ අතර වේ. ජල ප්‍රශ්නයටද විසඳුම් ලබා දීමට රටපුරා ජල සම්පාදන ව්‍යාපෘති ආරම්භ
කළේය. නාගරික ජනගහනයෙන් 82කට ත් ග්‍රාමීය ජනතාවගෙන් 67කටත් පිරිසිදු පානීය ජලය ලබාදීමට සමත් විය. විශේෂයෙන් අති විශාල නළ ළිං ප්‍රමාණයක් ග්‍රාමීය ජනතාව වෙනුවෙන් ඉදි කළේය.

සුචරිත ව්‍යාපාරය මගින් දායාද කොට රටට ලබාදුන් මෙම උතුම් මිනිසා සමාජයට වැඩදායක මෙන්ම සමාජයට මෙහෙවරක් කළ සැබෑ මිනිසෙකු වූ අතර යා යුතු මග නොබියව ඉදිරියට යන කොන්ද පණ ඇති අයෙකු විලසින් තිස් හත් වසරක් දේශපාලනයෙහි නියැලුනේය. එතුමා ‍පොළවට බරක් වූයේ නැත.

එතුමා ලොක්කෙකුට වඩා සැබෑම නායකයෙකි. ලොක්කෙකු මෙන් වැරදිකරු කවුද කියා සොයනවාට වඩා නායකයකු මෙන් වරද කොතැනද යන්න සෙවීය. ලොක්කෙකු මෙන් ගෞරවය බලෙන් ලබාගන්න ගියේ නැත. නායකයෙකු මෙන් ගෞරවය ඉබේ ලබාගත්තේය. ලොක්කෙකු මෙන් රාජකාරිය හිසරදයක් කර ගන්නවා වෙනුවට නායකයතු මෙන් රාජකාරිය ආශ්වාදයක් කර ගත්තේය. රටට අවශ්‍ය එවැනි රාජ්‍ය නායකයකු අහිමි කර අදට වසර 19කි. එතුමා කර ඇති දේ අපමණය එය අකා මකා දැමිය නොහැක. අදටත් ගම් උදාව ජනසවිය වෙනත් නම්වලින් ක්‍රියාවට නැංවේ.

ශ්‍රී ලංකාවේ කොතෙකුත් රාජ්‍ය නායකයින් පහළ වූවද එයින් අතැඟිලිවලට වඩා අඩු පිරිසක් වාර්ෂික අනුස්මරණය කරයි. එයද අඛණ්ඩව අනුස්මරණය නොකරයි. එම නායකයාගේ පක්ෂය රාජ්‍ය බලය ඇතිවිට ඉතා සාර්ථක අයුරින් අනුස්මරණය කරන අවස්ථාද ඇත. නින්දෙන් අවදිවූවක් මෙන් ඉඳහිට අනුස්මරණය කරන පිරිසක්ද ඇත. එහෙත් දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාව වාර්ෂිකව නොකඩවා අනුස්මරණය කරනවා පමණක් නොව එතුමා ‍පොඩි මිනිහාට කර ඇති මෙහෙවර නිතරම සිහි කරන්නේ.

අනේ ප්‍රේමදාස මහතා සිටියානම් යන බලා‍පොරොත්තුව හා විශ්වාසනීයත්වය පෙරදැරිවය.
ප්‍රේමදාස මහතා අහිමි වීම ‍පොඩි මිනිහාට වෙසෙසින්ම බලපෑවේය. එම හිඩැස තවමත් පවතී. කෘතගුණ දත් ජනතාව එතුමා වෙනුවෙන් පින් දහම් නොඅඩුව ඉටුකරමින් එතුමාට නිවන් සුව පතයි. සුචරිත ව්‍යාපාරයේ ද පැතුම එය වනු ඇත.

සුදේශ් කරුණාතිලකගේ මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී....

අද වැනි දිනෙක ලක්‌ මවගෙන් සමුගත් ජනපති ප්‍රේමදාස



PHOTO: 1993 මැයි 1 වැනිදා ප්‍රේමදාස ජනාධිපතිතුමා මියයැමට මොහොතකට පෙර ආමර්වීදිය මංසන්ධියේදී එජාප මැයි පෙළපාලිය සංවිධානය කරමින්.

මැයි දිනය සහ වැඩ කරන ජනතාව යනු සමාන පද දෙකකි. මේ කරුණු දෙක ගැන කතා කිරීමේදී එක්‌සත් ජාතික පක්‍ෂයට අමතක කළ නොහැකි නාමය ආර්. ප්‍රේමදාස මැතිඳුන්ගේ නාමයයි.

එතුමන්ගේ වටිනා ජීවිතය ත්‍රස්‌තවාදය විසින් බිළිගනු ලැබුවේ, එතුමන් වැඩ කරන ජනතාවගේ දිනය වෙනුවෙන් වූ මැයිදින උත්සවය සංවිධානයේ යෙදී සිටියදීය. ඒ එක්‌සත් ජාතික පක්‍ෂ මැයි දින සැමරුම වෙනුවෙනි.

එක්‌සත් ජාතික පක්‍ෂයට ආර්. ප්‍රේමදාස නාමය අමතක කර මැයි දින සැමරුමක්‌ පැවැත්විය හැකිද?

"ජනතාව පළමුව, තම ආරක්‍ෂාව දෙවනුව" ලෙසින් සලකා, ඔහු මැයි දින සැමරුමේ සාර්ථකත්වය වෙනුවෙන් කැපවිණ. මැයි දිනයේදී ඔහු ජනතාව අතරය. ඔහු සිටියේ ජනතාවගේ දහඩිය සුවඳ සමගිනි. දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම පැමිණෙන ජනතාව සමග ඔහු කතාබහේ යෙදිණ. සෑම වැඩපලකින් ම වාගේ එන වැඩ කරන ජනතාව පෙළ ගැස්‌වීමට ඔවුන් අතර සිටිමින් උපදෙස්‌ ලබාදුනි. ඔහුත්, ජනතාවත්, අතර පරතරයක්‌ නොතිබිණ. සුපුරුදු සුදු සරමක්‌, ලාකොළ පැහැති අත්කොට කමිසයක්‌, සෙරෙප්පු දෙකක්‌ සමගින් ඔහු මහ පාර අසලය.

තනතුරක ගාම්භීරත්වය ඔලුවට ගෙන, රතිඤ්Æ හඬ මධ්‍යයේ, මැයි දින රැලියේ වේදිකාවට රැකවලුන් සමග පැමිණ, ජනතාවට ඉහළින් සිට ආචාර කර, සුලු වේලාවකින් කතාවක්‌ පවත්වා, රඟපෑම අවසන් කර පිටත්ව යැම ඔහුගේ සිරිත නොවීය.

වැඩ කරන ජනතාවගේ උත්සවය සාර්ථක උත්කර්ෂවත් එකක්‌ බවට පත් කර ගැනීමට මගපෙන්වීම, උපදෙස්‌ දීම, සංවිධානය ද ඔහු සිදු කළ අයුරු, කෙසේ අමතක කළ හැකිද?

සෑම වසරකම එක්‌සත් ජාතික පක්‍ෂය මැයි දින සැමරුම පැවැත්විය යුත්තේ ප්‍රේමදාස ගුණ සැමරුම හා එක්‌වය. එක්‌සත් ජාතික පක්‍ෂ මැයිදින සැමරුම වෙනුවෙන් කැප වූ, ඒ වෙනුවෙන් තම ජීවිතය අවදානමට භාජනය කරමින් වෙහෙස වූ, අවසානයේදී ඒ වෙනුවෙන්ම තම ජීවිතය බිළිදුන් පක්‍ෂයේ නායකයා, පක්‍ෂයේ ජනපතිවරයා වෙනුවෙන්, තම ණය ගැතිභාවය සහ කෙළෙහි ගුණය දැක්‌වීමට හොඳම මග එයයි.

අප සමාජය තුළ නැති බැරි මිනිසුන් වෙනුවෙන්, ඔවුන්ගේ යහ පැවැත්ම වෙනුවෙන්, ඔවුන්ගේ ගරුත්වය වෙනුවෙන්, ඔවුන් සමානයන් ලෙස සලකන සමාජයක පැවැත්ම වෙනුවෙන් ඔහු ඉටු කළ මෙහෙවර, සාධාරණත්වය අගයන අප සමාජයේ බහුතර ජනතාව කිසි දිනක අමතක නොකරනු ඇත.

"දිළිඳුකම පිටුදැකීම", "නැති බැරි මිනිසුන් ඇති හැකි මිනිසුන් කිරීම" වැනි ධනාත්මක පද, අප දේශපාලන ශබ්දකෝෂයට හඳුන්වා දුන් නායකයා ඔහු විය. එම පදයන්හි අර්ථය, යථාර්ථයක්‌ බවට පත් කිරීමට සැබෑ උවමනාවකින්, ශීඝ්‍රගාමී ගමනක්‌ ඇරඹූ නායකයා ඔහු විය.

අප සමාජයේ නැති බැරි මිනිසුන් වෙනුවෙන් ඔහුට සිහිනයක්‌ තිබිණ. දැක්‌මක්‌ තිබිණ. අධිෂ්ඨානයක්‌ තිබිණ. ඒ සඳහා වූ ගමනේදී තහංචි, අභියෝග පරදවා ඉදිරියට යන්නට නිර්භීතකම ඔහුට තිබිණ.

ආර්. ප්‍රේමදාස මැතිඳුන් තුළ ශ්‍රී ලාංකික සමාජයේ අනාගතය වෙනුවෙන් තිබූ සිහිනය සිහිපත් කරන විට මගේ මතකයට එන්නේ, ඇමරිකානු සමාජය තුළ නිදහස, සමානත්වය සහ මානව අයිතීන් වෙනුවෙන් අරගල කළ මාටින් ලූතර් කිංගේ, .ෂ ය්ඩැ a dරුaප. (මට සිහිනයක්‌ ඇත) යන සුප්‍රසිද්ධ කතාවයි. 1963 දී වොෂිංටනයේ ලින්කන් ස්‌මාරකය ඉදිරිපිට, දෙලක්‍ෂ පනස්‌ දහසක්‌ පමණ වූ නිදහස සහ මානව අයිතීන් වෙනුවෙන් නැගී සිටි ක්‍රියාකාරිකයන් අමතා ඔහු කළ දේශනයේ ඇතැම් කොටස්‌ කෙරෙහි මගේ මතකය අවදි වෙයි.

"මම සිහින දකිනවා, ජොර්ජියාවේ වහලුන්ගේ දරුවන් සහ වහල් හිමියන්ගේ දරුවන් සහෝදරත්වයේ මේසය වටේ එක්‌වහිඳ ගනිමින්, සමානයන් ලෙසින් කතා බහ කරන දිනය ගැන මම සිහින දකිනවා, මගේ පුංචි දරුවන් හතරදෙනා සම්බන්ධව, ඔවුන්ගේ සමේ වර්ණයෙන් නොව, ඔවුන්ගේ හැසිරීම් මත තීන්දු ගන්නා වූ සමාජයක පැවැත්ම පවතින දිනය ගැන මම සිහින දකිනවා. අසාධාරණත්වයේත්, මර්දනයේත්, උණුසුමෙන් පීඩාවිඳින මිසිසිපි ප්‍රාන්තය, නිදහසේත්, සාධාරණත්වයේත් ක්‍ෂේම භූමියක්‌ වන දවස ගැන මම සිහින දකිනවා, අප සමාජයේ උස්‌ තැන් පහත් කරන්නටත්, පහන් තැන් උස්‌ කරන්නටත්, රළුතැන් මොළොක්‌ කරන්නටත් අපට පුළුවන් වන දිනය ගැන."

සැබවින්ම මාටින් ලූතර් කිංගේ සිහිනයේත්, ආර්. ප්‍රේමදාසයන්ගේ සිහිනයේත්, පදනම සහ මූලධර්ම දෙකක්‌ නොව එකක්‌ම විය.

පොල් අතු පැලක, මැටි නිවසක, ලෑලි ගෙදරක, මුඩුක්‌කු නිවසක, වසින වැස්‌සට නිසි ආවරණයක්‌ අහිමිව, නින්දක්‌ නොලබන දරු පවුල්වල ජීවිත ගැන දැඩි සේ සංවේදී වූ නායකයා ඔහු විය.

පුංචි කාමරයක, දෙමාපියන්, දරුවන්, පවුල් කිහිපයක්‌ මාරුවෙන් මාරුවට නිදා ගන්නාවූ දරු පවුල්වල ජීවිත ගැන ප්‍රමුඛ අවධානය යොමු කළ නායකයා ඔහු විය.

පූට්‌ටු ගෙවල්, අත්කම් නිවාස, නිවාස ලක්‍ෂය, නිවාස දස ලක්‍ෂය, නිවාස පහළොස්‌ ලක්‍ෂය සහ ජාත්‍යන්තර නිවාස වසර යන මේ සියල්ල ඔහු හඳුන්වා දුන්නේ ඒ කඳුළු නිවන්නටය.

"ජන සවිය" මේ පොළවේ ජනිත වූ සංකල්පයකි. එය ක්‍රියාවට නැගුණේ, තුන්වේල කන්නට අවකාශ නැති අප සමාජයේ දරු පවුල් වෙනුවෙනි.

"සෙවන මා පිය කැපකරු" ක්‍රමය ක්‍රියාවට නැඟුණේ ද දෙමාපියන් අහිමි අසරණ දරුවන්ගේ ජීවිත ඉරණම වෙනස්‌ කරන්නටය.

"පාසල් දිවා ආහාර" වැඩපිළිවෙළ ක්‍රියාවට නැගුණේ, උදයට හරි කෑම වේලක්‌ නොමැතිව පාසලට පියමන් කරන දරුවන් වෙනුවෙනි.

"පාසල් නිල ඇඳුම" ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාවට නැගුණේ, දහස්‌ ගණනින්, ආර්ථික දුෂ්කරතා හේතුවෙන් පාසල් හැර යන දරුවනට පිහිට වන්නටය.

දුප්පත්කම රැකියාවක්‌ ලබා ගැනීමේදී නුසුදුසුකමක්‌ නොව, සුදුසුකමක්‌ බවට පත් කරමින්, (දුප්පත් පවුල් කොන්කරන මිනුම් දඬු වෙනුවට) ජනසවිය පවුල් වෙත වැඩි ලකුණු ලබාදෙන ක්‍රම ඔහු හඳුන්වා දුන්නේ, දිළිඳු පවුල්වල ආර්ථික ශක්‌තිය නගාසිටුවන්නටය.

පළාත් පාලන මැතිවරණවලදී තරුණ නියෝජනත්වය සඳහා වන ප්‍රතිශතය අනිවාර්යය කෙරෙන නීති පැනවුණේ, ඒ තරුණ ජනගහනයට අවශ්‍ය පිළිගැනීම ලබා දීමටය.

"ජනපති ජංගම සේවා" රට පුරා ගෙන ගියේ, දේශපාලන නායකයන්ගේ නිසි අවධානය ලබාගත නොහැකි ජනතාව වෙනුවෙන්, දේශපාලන නායකයන් ඔවුන්ගේ දෙපා ළඟට ගෙන යනු පිණිසය.

ඇඟලුම් කම්හල් සිය ගණනින් ඈත දුෂ්කර ගම්මානවලට ගෙන යමින්, ගැමි ආර්ථිකයේ විප්ලවයකට මුලපිරුණේ "කොළඹට කිරි - ගමට කැකිරි" පිළිවෙත උඩු යටිකුරු කරමිනි.

"ග්‍රාමෝදය මණ්‌ඩල" වැඩපිළිවෙළ ක්‍රියාවට නැගුණේ ගමේ එකමුතුව සහ ගම් නගාසිටුවීම අරමුණු කර ගනිමිනි.

සෑම ආගමික ජන කොටසක්‌ වෙනුවෙන්ම "ආගමික අමාත්‍යාංශය" ආරම්භ වූයේ සැමට සාධාරණය සැළසීමේ සද්භාවය මුල් කර ගනිමිනි.

"මහ ගම් උදාව" ප්‍රාදේශීය ගම් උදාව" සහ ඒ හා බැඳුණු විවිධ ක්‍ෂේත්‍රයන් සම්බන්ධ කර ගත් සති වැඩපිළිවෙළ" රට පුරා ගෙන යනු ලැබුවේ ඒකාබද්ධ සංවර්ධනයක අරමුණු ඉටුකර ගන්නටය.

"කැපකරු ගම්මාන" වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරිණි. රජයේ ප්‍රතිපත්තිවලට අමතරව දානපතීන්ගේ සහායද දිළිඳු ජනතාව නඟා සිටුවීම සඳහා ලබා ගත්තේය.

"මට භාර කර ඇත්තේ දෙපැත්ත පත්තු වන විලක්‌කුවක්‌"

ප්‍රේමදාස ජනාධිපතිතුමන් මෙසේ කියා සිටියේ උතුරේ ගිනිදැල් සහ දකුණේ ගිනිදැල් මධ්‍යයේ තමනට ජනපති ධුරයේ කටයුතු භාරගන්නට සිදුවූ අවස්‌ථාවේදීය.

තුණ්‌ඩු කෑල්ලකින් පාසල්, රජයේ කාර්යාල වැසී යයි. දේශපාලන ක්‍රියාකාරිකයන් තනතුරුවලින් ඉවත් නොවුණහොත් ඔවුන් ඝාතනය වෙයි. රාජකාරියට වාර්තා කරන රජයේ සේවකයන් ඝාතනය වෙයි. සවස හයෙන් පසු විදුලිය තහනම් වෙයි. වටිනා රජයේ ගොඩනැඟිලි, දේපළ ගිනිතැබිණි. ඡන්දය පාවිච්චි කරන්නට යන පිරිස්‌ ඝාතනය විණි. ඝාතනය වන අයවලුන්ගේ මෘත දේහයන් දණ හිසට ඉහළින් ඔසවා ගෙන යැම තහනම් කෙරිණි. ප්‍රේමදාස මැතිඳුන් බලයට පත්වූයේ මෙවන් පසුබිමකය. එදා ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම තිබුණේ අනතුරකය.

"ජීවිතයට හානිකරන්නට එපා. මම කැමැතියි ඔබලා සමග සාකච්ඡා කරන්නට. ඒ සඳහා ඇස්‌ දෙක වසාගෙන ඕනෑම කැලෑවකට සාකච්ඡා සඳහා මම එන්නම්.

මේ ප්‍රේමදාස ජනපතිඳුන්ගේ ඉල්ලීම විය. ආයාචනය විය. මිනිස්‌ ජීවිත ඝාතනය වීම වළක්‌වා ගන්නට ඔහු බැගෑපත්විය. එහෙත් ඒ ආයාචනයට ප්‍රතිචාර නොලැබිණි. ආරක්‍ෂක හමුදා පවුල්වල පිරිස්‌ද තර්ජනවලට මුහුණ දුන්හ.

අවසානයේදී ත්‍රස්‌තවාදය පරාජය කෙරිණි. ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම ආරක්‍ෂා විණි. ජීවිත හානිවලින් තොරව සාකච්ඡාවෙන් විසඳුමක්‌ ලබාගන්නට අවසන් මොහොත දක්‌වා ඔහු ගත් උත්සාහය නිෂ්පල වීම ඔහුගේ වේදනාවට හේතු විය.

එතුමන්ට සැඟවුණු න්‍යායපත්‍ර නොතිබිණි. විදේශ සම්බන්ධතාවලදී රටේ ගරුත්වය ඉහළින් තබාගත් ඔහු, ශක්‌තිය නොව යුක්‌තියට ගරු කරන නොබැඳි විදේශ ප්‍රතිපත්තියක්‌ වෙනුවෙන් තිරසාර ලෙසින් පෙනී සිටියේය.

ප්‍රේමදාස මැතිඳුන් මේ රටේ නායකත්වයට පත්වීම සැබවින්ම විප්ලවයක්‌ම විය. ආර්ථික, සමාජ, පංති, වර්ග, කුලමල වැනි අභියෝග ජයගෙන මේ රටේ ඉහළම තනතුරට ප්‍රේමදාස මැතිඳුන් පත්වීම තුළින් පෙන්නුම් කරනුයේ මේ රටේ ඕනෑම දරුවකුට තම දක්‍ෂකම සහ ජනතා ආදරය දිනාගැන්ම තුළින් මේ රටේ ඉහළම පුටුවට යැමට දොරටුව විවෘතව පවතින බවයි.

එක්‌සත් ජාතික පක්‍ෂය තුළින් මේ විප්ලවය සිදු කරන්නට හැකිවීම ගැන ඒ සඳහා දායක වූ සියලු දෙනාට නිහතමානීව සතුටක්‌ ලැබිය හැක.

සියල්ලන්ට සමානව සැලකීම, සියල්ලන්ට සමාන අවස්‌ථා ලබාදීම, ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම සමාජ සාධාරණත්වය වෙනුවෙන් එක්‌සත් ජාතික පක්‍ෂය සැමදා පෙනී සිට ඇත. එම වටිනාකම් වෙනුවෙන් රට තුළ මෙන්ම පක්‍ෂය තුළද පෙනී සිටීම එක්‌සත් ජාතික පාක්‍ෂික වගකීම වේ. එක්‌සත් ජාතික පක්‍ෂයේ ඒ උරුම ගමන අනාගත පරපුරටද ආරක්‍ෂා කරදීම, ආර්. ප්‍රේමදාස නාමයට කළ හැකි ඉහළම උපකාරය වනු ඇතැයි මම තරයේ විශ්වාස කරන්නෙමි.

ඉමිතියාස්‌ බාකීර් මාකාර්
(හිටපු අමාත්‍ය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී)

සුදේශ් කරුණාතිලකගේ මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී.

ඔබලත් හිතනවානම් මුදල් යනු ජීවිතයයි කියල එහෙනම් මේ ගැන මොකක්ද කියන්නේ.කියවලම බලන්න.



මේ ජයරුපයේ ඉන්නේ දකුණු ආසියාවේ ධනවත්ම පුද්ගලයා ව සිටින මැලේසියාවේ ආනන්ද ක්‍රිෂ්ණන් ගේ එකම දරුවා.ඔහු ලෝකයේ සිටින 89 වන ධනවත්ම පුද්ගලයා වගේම තම පෞද්ගලික ධනයෙන් ඩොලර් බිලියන 8 කටත් වඩා හිමිකම් කියන්නෙක්.මේ තරම් මුදල් කන්දරාවක් ඇතත් ඔහුගේ එකම දරුවා මීට වසර කීපයකට පෙර ශාසනයට ඇතුළු උනා.ඒ තමන්ගේ පිය උරුමයෙන් ලැබෙන්නට තිබුණු සියලු ධන ස්කන්දයට පයින් ගසමින් ජිවිතයේ සබැ අරුත අවබෝධ කර ගන්නට......