Friday, May 4, 2012

රූපයට රැවටෙන්න එපා.


1960 දශකයේ අඩ නිරූප චිත්‍රපට ලෝකයේ කිරුලු පලන් නිලියක් හිටියා. ඒ දිනවල ඇයගේ චිත්‍රපටයක් නොබැලූ කොල්ලෙක් නැති තරම්. ඒ චිත්‍රපට නිෂ්පාදකයන්ට අවශ්‍ය වූයේ එයින් ලැබෙන මුදල් සම්භාරය පමණයි. සමාජයට එයින් කිසිම සෙතක් උනේ නැහැ. දැනට වුවත් සිටින කාමාතුරයන්ට මෙය පෙනෙන්නේ වෙනස් අන්දමකට විය හැකිය. ඒ සියල්ලටම ඒ අවස්ථාවෙ බුදු බණ අම්තක වුනා. සියවසකටත් වඩා අඩු මේ මනුශ්‍ය ජීවිත නිති පතා වෙනස් වනබව කාටත් අමතක වුනා. එදා සියොළඟ නිරුවත විදහා පාමින් රාගයෙන් ලොව කුල්මත් කල ඒ නිලියගේ අද හැඩ රුව අනෙක් පින්තූරයෙන් බලා ගන්න. සත්‍යය පිලිබඳව විචාරාත්මකව සිහිකරන්න. සියලු දේ අනිත්‍යය යන අගනා බුදු වචන සැඟවී ගියත් අවසානයේ එය මතු වෙන හැටි මෙයින්ම දිස්වේ.. මේ අප හඇමටම පොදුවේ සිදුවන මෙසින් ගැලවී සැඟවීමට තැනක් නොමැති සත්‍යයකි. මේ නිලියගේ නම බ්‍රිජට් බාර්ඩෝය. (Bridjit Bardo)

ගත්තේ යට ගිය දවස blog එකෙන් ..............

No comments:

Post a Comment