Monday, November 12, 2012

ජීවිතය සුන්දරයි මුතුමුදලිගේ නිශ්ශංක Muthumudalige Nissanka



ජීවිතය සුන්දරයි,
ඇත්තටම කිව්වොත් ජිවිත සුන්දර නැහැ..අපි හැමෝගෙම හිනාවල් ඇතුලේ මොකක් හරි දුකක් හැංගිලා තියෙනවා...එක තමා ඇත්ත...එහෙත් මම මගේ පිටුවට මේ නම තිබ්බේ ඒ හැංගිලා තියෙන දුක් කන්දරාවට මොහොතකට හරි ෆුල් ස්ටොප් එකක් නැත්නම් විරාමයක් දෙන්න.....

කාලයක් ගතවෙද්දී මගේ ඒ අභිප්‍රායත් එක්ක එකතු වුන තවත් අය හිටියා .ඔමේග ,නේත්‍රා ,නිල්මිණි ,නාලක,සමිදු ,මේරියන්, ශාන්ත,ජගත්, චානක දුෂ්මන්ත ...නම් වලින් කියන්නට බැරි වුන හැමෝමත් මෙතෙක් අප පිටුවෙන් ගෙන ආ සැම නිර්මාණයක් වෙනුවෙන්ම ස්තුති වන්ත වෙන්න ඕන .

ඔයාල ලස්සන පින්තුරයක් එක්ක දකින සැම නිර්මාණයක් ඇතුලෙම තියෙන්නේ ලොකු කතාවක්.කාගේ හරි කැපකිරීමක් .එකයි ඒ නිර්මාණ වල තියෙන වටිනාකම.අනිත් පිටු අපේ නිර්මාණ හොරකන් කරගෙන,ලියුව කෙනාගේ නමත් මකලා උන්ගේ පිටු වල දාද්දි අපි කෑ ගැහැව්වේ ඉරිසියාවට නෙමේයි.ඒ නිර්මාණයක් බිහි කරන්න කොහි තරම් වෙහෙසක් කැපකිරීමක් කරන්න ඕනෙද කියල අපි දන්න නිසා.ඒ වගේ පරිශ්‍රමයකින් කරපු නිර්මාණ කිසිම ලැජ්ජාවක් නැතිව ලියපු කෙනාගේ නමත් කපල වෙන පිටුවලින් පලකරනවා කියල කියන්නේ නීච නිවට වැඩක්...

එවැනි නිවටුන් පිනුම් ගහන ලංකාවේ මුහුණු පොත් වල තමන්ගේ ස්වයං නිර්මාණ ගෙන එන පහන් පිළිවෙත,ලොවෙත් නැහැ,කජුවත්ත වගේ පිටු ගැන අපි ආඩම්බර වෙනවා.
හැම මොහොතේම මම කියුව දෙයක් තිබුනා.අපිට තරගයක් නැහැ.මේ පිටුවට නිර්මාණ ගෙන එක අපි හැම කෙනෙක්ම හුගක් කාර්ය බහුල අය .අපි කරන්නේ අපේ අතිරේක කාලය සමාජයේ යහපත උදේශා වැය කිරීම පමණයි.අපි ලයික් හිගකන්නේ නැත්තේ ඒ නිසා...අපේ පිටුවට කැමති එක්කෙනෙක් හිටියත් අපි අපේ පිටුව කරනවා.

ජීවිතය සුන්දරයි පිටුවේ ඉන්න ඔයාලටත් අපිට ලියන්න අවස්ථාව තියෙනවා.අපේ කණ්ඩායමත් එක්ක එකතු වෙලා ඔයාලගේ නිර්මාණ ,අදහස් අපේ පිටුවෙන් සමාජයට ගෙනියන්න හැම මොහොතේම අපේ පිටුව ඔයාල වෙනුවෙන් විවර්ත බව අමතක කරන්න එපා.

ඉදිරියේදී ලංකාවේ දුප්පත් අසරණ මිනිස්සු වෙනුවෙන් ලොකු යමක් කරන්නත් හිතේ බලාපොරොත්තුවක් තියෙනවා.විශ්වාසයි එකත් බොහොම සාර්ථක වෙයි කියලා.

අපිත් එක්ක සිටින ඔයාලා හැමෝගේම ජිවිත සුන්දර වේවා...

මුතුමුදලිගේ නිශ්ශංක

muthumudalige nissanka antique car posts