Wednesday, April 25, 2012

අපේ ලක්මවට තවත් දුක් දෙන්න එපා.



අවුරුදු ගණනක් තිබුන යුද්දේ නැවැත්තුවා,එහෙත් දැන් මොකේටද මේ අර අදින්නේ,ලගකදී ඉදන් ෆේස් බුක් එකේ අනිත් ජාතීන්ට, ආගම්වලට විරුද්දව ලියන ප්‍රචාර ,පොස්ට් වැඩිවෙලා.හැමදාම ෆේස් බුක් එක ඕපන් කරපු ඇටිය දකින්නට ලැබෙන්නේ මොකක් හරි අන්‍ය ජාතිකයන්ට විරුද්දව ලියපු දෙයක්.බොරුවට පේජස් හදාගෙන ලේ කුපිත වෙන නම් දාගෙන මොකක්ද මේ කරන දේශ ද්‍රෝහී වැඩේ.

අපිට අයෙමත් යුද්දයක් ඕනේ නැහැ.සිංහල දෙමල මුස්ලිම් අපිට ඕනේ අපි හැම එකාම සතුටින් ඉන්නවා දකින්න.එහෙම නේද ? ටිකක් හිතන්න .මතකද අවුරුදු ගණනක් බස් වල මහා පාරේ බෝම්බ පිපුරුණ.අවුරුදු ගානක් අපි දුක් වින්ද.පාරට බැස්සෙත් මරණ බයෙන්.අයෙත් අපිට ඒ වගේ කාලයක් ඕනේ නැහැ.අපිට ඕනේ සමගියෙන් එක වගේ ඉන්න පුළුවන් රටක්.

කරුණාකරලා ජාතින් අතර අරගල ඇති වෙන දේවල් ඔයාලගේ ෆේස් බුක් එකෙන් ප්‍රචාරය කරන්නවත් බෙදා අරින්නවත් එපා.ඕව කරන්නේ රටට ආදරේ මිනිස්සු නෙමේ , ඒ නිසා දේශ ද්‍රෝහීන්ගේ ගොදුරක් වෙන්න එපා.ඔව කරන එවන්ට කවද අරි මහි මාතාව දඩුවම් දෙවි.මිනිස්සු කුලප්පු කරලා රටට අහේනියක් කරන්න මන බලන එවුන්ට කොහොමත් අරියන්නේ නැහැ.
ඔයාල ඇත්තටම රටට ආදරේනම් ඒ ගැන හිතට ගන්න.

මේක මට හිතෙන දේ.ඔයාලගේ හදවත් වලින් අහන්න,අපේ ලක්මවට තවත් දුක් දෙන්න එපා.

මේක අනිත් අයත් එක්කත් share කරගන්න.
ජීවිතය සුන්දරයි පිටුවෙන්.

Tuesday, April 24, 2012

සතිෂ් ඔබට නිවන් සුව ලැබේවා

ජනප්‍රිය ගායක සතිෂ් පෙරේරා කොළොඹ පෞද්ගලික රෝහලකදී හදිසියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.මිය යනවිට එතුමා 43 වියේ පසුවුණා .

ඔහු විසින් නව සංගීතය මුසු කල අවසන් ලියුමි ඔබට ලියන්නේ සහ එගොඩ හා යන්නෝ ගීත ඔහුගේ ජනප්‍රිය වුනු ගීත අතරින් සමහරක්.ඔහුට අපි නිවන් සුව ප්‍රර්ථනා කරමු.


ඔහුගේ ආදරණිය රසික රසිකාවියන් ඔහුට කරන උපහාරයක් ලෙස මෙය ඔබගේ යාළුවන් අතරත් බෙදා හරින්න.




Thursday, April 19, 2012

දෛව අංකය මගින් ඔබගේ අනාගතය ගැන හෙළිදරව්වක්


 දෛව අංකය මගින් ඔබගේ අනාගතය ගැන හෙළිදරව්වක්.  හරි වැරැද්ද ඔබම තීරණය කරන්න. 

ඔබේ උපන් දිනය ලියන්න ,එය හරහට එකතු කරන්න.එවිට ඔබට දෛව අංකය ලැබේවි.
උදා : ඔබ උපන්නේ 1988 දෙවැනි මස විසි වෙනිදනම් - එය මේ ආකාරයට එකතු කරන්න.
1+9+8+8+0+2+2+0 = 30          
3+0 = 3
ඔබේ දෛව අංකය 3. 

මෙය හිතාමත් ප්‍රසිද්ද ජෝතිෂ්‍ය ක්‍රමයක් වන අතට අපරදිග පමණක් නොව පෙරදිග රටවල මිනිසුන්ද විශ්වාස කරන්න වූ සහ අත්හදා බලන්න වූ ශාස්ත්‍ර ක්‍රමයකි.ඔබම බලන්න....හරි වැරැද්ද ඔබම තීරණය කරන්න.යාළුවන් සමගත් බෙදා ගන්න..

(මෙය උපුටාගන්නා ලද්දේ අනංමනං වෙබ් අඩවියෙනි ) 









Tuesday, April 10, 2012

අපේ රටේ වටිනාකම අපේ මිනිස්සුන්ට නොතේරෙන එක තමයි දුක.






අපේ මිනිස්සුන්ට අපේ රට අගේ නැති උනාට අපේ රටට,සංස්කෘතියට ආදරයය කරන මිනිස්සු අනන්තවත් මේ ලෝකේ ඉන්නවා....අපේ රටේ වටිනාකම අපේ මිනිස්සුන්ට නොතේරෙන එක තමයි දුක.

Sunday, April 8, 2012

හිගන්නෝ.........................



හිගන්නෝ.........................

ජිවිතයේ කවදාක හරි මිනිස්සු පිරිලා ඉන්න තැනක බිම ඉදගෙන තියෙනවද? එතකොට ඔයාලට හිතේවි තමනුත් පයට පෑගෙන දුවිල්ලක් වගේ නේද කියල,එහෙම ඉදගෙන හිගකාලා තියෙනවද? එහෙමනම් ඔයාලට හිතේවි දෙවියන් දුන්නු දේවල් නොදුන්න දේවල් වලට වැඩිය කොච්චර වටිනවද කියලා....

කාලයක් සිළුමිණේ වැඩකරන කලේ හිගන්නන් ගැන ආර්ටිකල් ලියන්න කොටුව ස්ටේෂන් එක ඉස්සර හිගන්නෙක් වෙලා හිගා කාපු වෙලාවේ මට හැගුනු දේවල් කියන්න මේ වගේ පේජ් සියයකින්වත් බැරිවෙයි,එහෙත් මම කරුණු කීපයක් කියලා මේ කතාව නවත්තනම්.ඒ හිගන්නෝ ගැන නෙමේ අපි ගැන.

ජීවිතය කියන්නේ අපිට අපි පතන හැමදේම ලැබෙන එකක් නෙමේ,එහෙත් අද ඔබ ලග ඇති දෙය ගැන සතුටු වෙන්න.මොකද සමහර විට හෙට ඔබේ ජිවිතයෙන් ඒ දෙය අහිමිව යන්න පුළුවන්.

ඔබට නැති අනුන්ට ඇති දේ නොව,ඔබට ඇති අනුන්ට නැති දෙය ගැන සිතන්න.

වෙන අයෙකුගේ හොද ගුණාංගයක් දුටු විට එය ඔහුට පවසන්න,එය අගයන්න.ඔබගේ අගයිම තව කෙනෙකුගේ ජිවිතයට දෛර්යකුත් අශිර්වාදයකුත් වේවි.

අයෙත් හෙටක් නොහවොත් ඔබට පසුතැවිලි වෙන්නට වේවි.ඒ නිසා ඔබගේ හදවතට දැනෙන ආදරය කිසි දිනෙක හංගගෙන ඉන්න එපා.

තමා ගන්න සෑම ආහාර වෙලකදිම දෙවියන්ට පින්දෙන්න.ඒ ආහාර වෙලා වෙනුවෙන් ප්‍රසංස කරන්න.අපි කන මොහොතේදී තවත් පිරිසක් කුසගින්නේ සිටින බව අමතක කරන්න එපා.

මිනිස්සුන්ගේ දුකට පිහිට වෙන්න,එය යලිත් ඔබටම ලැබේවි.

ජීවිතය සතුටින් ගත කරන්න උත්සකරන්න ඔබේ දහිර්ය අබිමුවෙයි දුක ඔබ හැර දමා පලා යාවි.

යාලුවන්ටත් share කරලා අපේ page එකටත් සෙට් වෙන්න
ජීවිතය සුන්දරයි නිර්මාණයක්.

Wednesday, April 4, 2012

අපි දිනු සාමය අපි සුරකිමු,ලක් මව අයිති අපි සමොටම,මෙය අපි හැමෝගෙම මාතෘ භූමියයි.





අවරුදු විස්සකටත් වැඩිය අපි යුද්දෙන් බැට කෑවා,අපි සටන් කලේ ලෝකයේ දරුණුම ත්‍රස්තවාදීන් එක්ක,කොච්චි වල බස් වල බෝම්බ පුපුරද්දී අපි පාරේ බැහැල ගියෙත් හිතේ ගින්දරෙන්,සමහර දේශපාලකයන් යුද්දයෙන් වපුරාගෙන  කෑවා,එහෙත් මහින්ද ජනාදි පති තුමාට පින්සිද්දවෙන්න අද යුද්දය හමාර වෙලා,රට මත පැටවිල තිබුන නය ටික් ටික අඩුවෙන්න පටන් අරන්,රට සංවර්දනය වෙන්න පටන් අරන්,යුද්දයෙන් අවරුදු ගණනක් බැට  කෑව රට යලි ගොඩ නංවන එක ලේසි දෙයක්ද?
ජිවන බර වැඩියි තම එහෙත්  රට සංවර්දනය කරන්න ජනාදිපතිතුමා  දරන ප්‍රයන්තයට අපි උදව් කල යුතුයි නේද?

යුද්දයෙන් මරුනේ සිංහලුන් විතරක්ද ? මුස්ලිම් දෙමල අන්‍ය ජාතින් මරුනේ නැද්ද ? යුද සංග්‍රාමයට ගිය රණ විරුවන් අතර මුස්ලිම් දෙමල රණ විරුවන් සිටියේ නැද්ද? මේ යුද්දය ජයග්‍රණය කලේ අපි,මුස්ලිම් දෙමල සිංහල අපි හැමෝම එකතු වෙලා,අපිට තව යුද්ද ඕනේ නැහැ ,අපිට ඕනේ සමගියෙන් ජීවත්වෙන්න දන්නා මිනිස්සු සිටින රටක්.
 
කුහක දේශපාලකයන් ගේ සහ විජාතික බලවේග වල ගොදුරු බවට පත් වෙන්න එපා,ජාතින් අතර අරගල අපිට ඕනේ නැහැ,අපි දිනු සාමය අපි සුරකිමු,ලක් මව අයිති අපි සමොටම,මෙය අපි හැමෝගෙම මාතෘ භූමියයි.

ජීවිතය සුන්දරයි - මාතෘ භුමිය වෙනුවෙන් තැබූ සටහනක් .මෙය සැමදෙන අතරේම කරන්න......අපේ page එකටත් සෙට් වෙන්න 

Monday, April 2, 2012

දුම්රිය පා පුවරුවෙන් ඇදවැටි මරණයට පත්වූ සමීරගේ ශෝකනිය පුවත





දුම්රිය පා පුවරුවෙන් ඇදවැටි මරණයට පත්වූ සමීරගේ ශෝකනිය පුවත මෙයට පෙර අප ලිපියකින් ඔබ වෙත හෙළි කර සිටියා.

සමීර අද අප අතර නැතත් අද "වේයන්ගොඩ සමීර" යනු බොහෝ හදවත් වල වීරයෙක් බවට පත්වී හමාරය.පහතින් දැක්වෙන්නේ සමීරගේ අවසන් පැය කිහිපය ගතවූ ආකාරය පිලිබඳ තැබෙන සටහනකි.
(මෙය කියවීමෙන් පසු ඔබට ඇතිවන කණගාටුව පිළිබද අපට සමාවන්න.මෙය අප ජීවිතය සුන්දරයි වෙතින් සටහන් තබන්නේ ඔබ රිද වීමට නොව ඔබට සත්‍ය සිදුවීම් පසක් කරවීමටය.යාළුවන් අතරේද මෙය SHARE කරගන්න)

සමීර ප්‍රසාද් අසුරමාන්න විසිහතර හැවිරිදිය. ඔහු පාසල් දිවියට ආයුබෝවන් කීවේ අපොස සාමාන්‍ය පෙළ මෙන්ම උසස්‌ පෙළ ද හොඳින් සමත් වූ පසුවය. සමීර කුඩා කල සිටම යන්ත්‍ර සූත්‍ර හැදීමට කැමැත්තක්‌ දැක්‌වීය. ඒ අනුව පාසල් දිවියෙන් පසු ඔහුගේ සිත ඇදී ගියේ වායුසමීකරණ පාඨමාලාවක්‌ වෙතය. හරි ඉක්‌මනින්ම ඒ තාක්‌ෂණය ඔහු හඳුනාගත්තේය. මල්වාන ප්‍රදේශයේ වාසුසමන යන්ත්‍ර ආයතනයක රස්‌සාවක්‌ ලැබුණේ ඊට පසුවය. වායුසමීකරණ යන්ත්‍ර ක්‍රියාකරුවෙකු වූ සමීර ඒ රස්‌සාව හරි ආශාවෙන් කරන්නට පටන් අරන් වැඩි කාලයක්‌ ද නැත.

සමීරලා ජීවත්ව සිටියේ වේයන්ගොඩ එළුවාපිටියේය. වේයන්ගොඩ නගරය සමීරට ගම බඳුය. පාරට බැස්‌ස විට මිතුරන් ඔහු වටා රොක්‌වන්නේ සැබෑ මිතුරෙකු ලෙස ඔහු කීර්තියක්‌ දිනා සිටි නිසාය.

සමීර බොහෝ විට ගමන් බිමන් ගියේ දුම්රියෙනි. දුම්රියේ යැම ඒම ඔහුට හොඳ හැටි පුරුදුය.

පසුගිය සෙනසුරාදා (17 වැනිදා) සමීර දුම්රියේ නැගී ගමනක්‌ ගියේය. ආපසු එනවිටත් ඔහු පැමිණියේ දුම්රියෙනි. මහව දුම්රිය ස්‌ථානයට දුම්රිය පැමිණි පසු දෙපාර්තමේන්තුවේ සේවකයන් පැමිණ දුම්රිය පාපුවරුවේ ගැලවී තිබූ ඇණ සවිකරන්නට වූහ.

"අපිට ගෙවල්වලට යන්න ඕනේ. කැඩිච්ච ඒවා හදනකම් අපට ඉන්න බෑ. ඕවා කලින් හදලා තියන්න එපැයි" දුම්රියේ සිටි මගීන් විරෝධය පළ කළේ එලෙසින්ය.

පාපුවරුවක ගැලවී තිබූ ඇණ හතරෙන් දෙකක්‌ පමණක්‌ සවිකළ පසු දුම්රිය ධාවනය කළේය.

දුම්රිය වේයන්ගොඩට කිට්‌ටුවනවාත් සමඟ දුම්රිය ඇතුළේ සිටි සමීර දොරටුව කිට්‌ටුවට පැමිණියේ වේයන්ගොඩින් බැසීමටය. ඒ වනවිට දුම්රියේ වේගයද අඩාල කර තිබිණි. වේයන්ගොඩ, දුම්රිය ස්‌ථානය පෙනෙන මානයේය.

සමීර පාපුවරුවට පය තිබ්බා පමණි. ඇණ දෙකකින් සවි කර තිබූ පාපුවරුවත් කඩාගෙන ඔහු ඇද වැටිණි. ඔහුගේ දෙපා ඒ වනවිටත් දුම්රියේ රෝද අතරට ගොස්‌ තිබිණි. සමීරට ජීවිතයේ කිසි දිනක නොදැනෙන වේදනාවක්‌ දැනෙන විට යකඩ යකා ඉදිරියට ඇදි ඇදී ගොස්‌ නතර විය. සමීරට වූ දේ දුටු මගීහු කෑ ගසද්දී, අසල සිටි ජනයා ලතෝනි තබන්නට වූහ.

යකඩ රෝදවලට හසුවූ සමීරගේ උදරයෙන් පහළ කොටස දෙකට වෙන්වී ගොස්‌ තිබිණි. නමුත් සමීර තවමත් ජීවතුන් අතරය.

"මල්ලියේ මගෙ කකුල් දෙක කෝ. කකුල් දෙක කැඩිලා වෙන්වෙලා නේද? " ළඟට පැමිණි තරුණයකුගෙන් සමීර විමසද්දී ඒ තරුණයාට පුදුම සිතිණි. ඒ තරුණයාට පමණක්‌ නොව දුම්රියේ පැමිණි මගීන්ද අහල පහල සිටි උදවියද මේ තරුණායට වූ දේ බලන්නට රොක්‌ වෙද්දී, තරුණයා කෑලි දෙකට වෙන්ව තිබියදීත් කතා කරනවා දුටු පසු විමතියට පත්වූහ.

පැය භාගයක්‌ තිස්‌සේ සමීර එක එක දේවල් විමසන්නට විය. නමුත් කිසිවකු ඔහුව රෝහල්ගත කරන්නට උත්සාහ ගත්තේ නැත. පසුව දුම්රිය දෙපාර්තමේන්තු සේවකයන් හා තවත් තරුණයන් කිහිප දෙනකු වෙන්ව තිබූ සමීරගේ උදරයෙන් පහළ කොටස හා උදරයෙන් ඉහළ කොටස වෙන වෙනම වතුපිටිවල රෝහල වෙත රැගෙන ආහ.

ඒ වනවිටත් සමීර සිහියෙන්ය. හොඳ සිහියෙන්ය. වතුපිටිවල රෝහලේ වෛද්‍ය ශාන්ත කුමාර අමරසිංහ මහතා වෙත රෝගියා ගෙන එනවිට සවස 3.30 පමණ වී තිබිණි.

"ඩොක්‌ටර් අනේ ඩොක්‌ටර් මට වෙච්ච දේ දැන්ම අම්මට කියන්න එපා. අම්මට මේ දුක උහුලගන්න බැරිව මැරෙයි." ඔහු වෛද්‍ය ශාන්ත කුමාර අමරසිංහ මහතාගෙන් මුලින්ම ඉල්ලුවේ ඒ ඉල්ලීමය.

"මොකද වුණේ. ඔයා දුම්රියට පැන්නද?"

වෛද්‍ය නිලධාරිතුමා රෝගියාගෙන් විමසුවේ මිත්‍රත්වය ඇතිවන ලෙසිනි.

"නෑ ඩොක්‌ටර් මට දුම්රියට පැනලා මැරෙන්න තරම් ප්‍රශ්න නෑ. මම පාපුවරුව ළඟට ආවා. ඒ එක්‌කම පාපුවරුව කඩාගෙන මාව වැටුණා." ඔහු කියා සිටියේය.

වෛද්‍යවරයාට හරි පුදුමය. උදරයෙන් පහළ කොටස සම්පූර්ණයෙන් ගැලවී ගොස්‌ තිබියදීත් මේ තරුණයා ඉතා හොඳ සිහියෙනි.

"බයවෙන්න එපා" වෛද්‍යවරයා අවශ්‍ය ක්‍ෂණික ප්‍රතිකාර ලබා දෙන්නට පටන් ගත්තේය.

ඒ වනවිටත් විශේෂඥ ශල්‍ය වෛද්‍ය නිහාල් නුගදූව මහතාද රෝගියා අසලට පැමිණියේ හදිසි කැඳවීමෙනි. රෝගියාගේ තත්ත්වය දුටු සැණින් මොහුව ජීවත්කරවීමට අපහසු බව විශේෂඥ වෛද්‍යවරයා නිගමනය කළේය.

"අනේ ඩොක්‌ටර්... මම අම්මට හරි ආදරෙයි. මට දැන් කකුල් දෙකත් නෑ. මාව ජීවත් කරවන්න බෑ කියලා මම දන්නවා" සමීර වෛද්‍යවරු හමුවේ කියන්නට වූහ.

"ඩොක්‌ටර් මට පොඩි උදව් දෙකක්‌ කරන්න."

"මොකක්‌ද කරන්න ඕනේ උදව්ව."

"මගෙ කොන්ද රිදෙනවා ඩොක්‌ට. ඒ වේදනාව නැතිවෙන්න ඉන්ජෙක්‌ෂන් එකක්‌ ගහන්න. තිබහයි දිව ගිsලෙන්න යනවා වතුර ටිකක්‌ දෙන්න" ඔහු ඉල්ලුවේ ඒ ඉල්ලීම් දෙකය. තරුණ වෛද්‍යවරිය දෙස බැලූ ඔහු කීවේ අබ්බගාත කෙනෙක්‌ව බඳින්න කවුද කැමැති නේද ඩොක්‌ටර් කියාය.

සමීර දුම්රියට හසුවූ පසු දෙකට වෙන්ව යැම මහ අවාසනාවන්ත සිද්ධියකි. එවැනි විටක රෝගියාගේ දෙකඩ වූ තැනින් ලේ වහනය වන්නේ නැත. හේතුව රුධිර ගෙනයන ධමනි තැලී යැමය. සේලයින් හෝ වෙනත් බෙහෙතක්‌ ලබා දුන් සැණින් ධමනි විවර වේ. ලේ වහනය පටන් ගනී. සමීර රෝහලට ගෙන එනවිට ඔහුගේ සිරුරෙන් ලේ වහනය නොවූ බව දුම්රිය සේවකයන් හා සෙසු අය දුටුවේ එනිසාය.

සමීරට සොයුරියකද සිටී. ඔවුනගේ පියා සමීරට අවුරුදු හතරක්‌ පිරන විට මිය ගියේ පවුලේ සියලු බර මවට දෙමිනි. සමීරත්, ඔහුගේ නංගීත් දහසක්‌ ප්‍රශ්න මැද හැදුවේ ඒ දිරිය මවය. ඒ මව මේ දුක කෙලෙස වාවනු ඇද්ද? අවුරුදු විසිහතරක්‌ තිස්‌සේ දෑස මෙන් රැකගත්, හදාවඩාගත් දරු දෙදෙනාගෙන් වැඩිමල් දරුවා මරු රැගෙන ගොස්‌ය. මවකට මෙවන් දුකක්‌ ඉහිලිය හැක්‌කේ කෙලෙසද?

මෙම සිදුවීම පිලිබඳ අදහස් දක්වන සමීරගේ මාමා වන ඉන්දික නිශාන්ත මහතා

ගයාන්ගේ දුරකථන ඇමතුම අනුවයි මම රෝහලට ගියේ.එවෙලේ මමත් ඔපරේෂන් කාමරේට ගියාම "ලොකු මාමේ ලොකු මාමේ "කියල මගෙන් දෙවතාවක් වතුර ඉල්ලගෙන සමීර පුතා බීවා.මන් සමීරට ලංවෙලා පුතා මොකද වුනේ කියල ඇහුවා.

"ලොකු මාමේ මම කෝච්චියට පැන්නේ නැහැ.කෝච්චියෙන් බහින්න හැදුව.තරප්පු පෙලට ගොදවෙනකොටම එකත් කඩාගෙන ඇතුලට වැටුනා..අනේ මාමේ මට එහම උනා කියල අම්මටනම් කියන්න එපා.." එහෙම කතා කරලා ආපහු වතුර ඉල්ලන් බිව්වා.."ලොකු මාමේ මාමා එලියට යන්න එපා..මගේ ලගින්ම ඉන්න "දොස්තර මහත්තයට එක ඇහිලා මට පුතා ලගින් ඉන්න කිව්වා.

"ලොකු මාමේ මගේ කකුල් දෙක තියෙනවද?" ඔව් පුතේ ඔයා බය නැතුව ඉන්න කියල මම කිව්වා..සමීර පුතාගේ ඇඟට සුදු රෙද්දක් දාල තිබ්බ හින්ද මම හිතුවේ සුළු තුවාල ඇති කියල.ඉතින් පුතා විනාඩි 20 ක් විතර කතා කළා..මටත් වාවගන්න බැරි භින්දා පුතා කියන දේ විතරක් අහගෙන හිටියා..එතර සමීර පුතා මගේ ලඟදි එක පාරටම ඇස දෙක පියා ගත්ත.මෙම සිද්ධියට දුම්රිය දෙපාර්තමේන්තුව වගකිවයුතු බව අප එකහෙලාම කියනවා."

- නන්දන දී. කෙහෙල්ගමුව (මව්බිම ) හා ශිරාන් රණසිංහ (දිවයින) ගේ ලිපි ඇසුරින් සැකසුණි

උපුටා ගැනීම gossip 9 වෙබ් එකෙන්

උපේක්ෂාට කුරුල්ලෙක් වෙන්න ආසලු.








උපේක්ෂාට කුරුල්ලෙක් වෙන්න ආසලු.

පසුගිය සති අන්ත ටැබ්ලොයිඩ් පුවත්පතකට සාකච්ඡාවක් ලබා දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උපේක්ෂා ස්වර්ණමාලි ඇගේ "සෙකන්ඩ් චාන්ස්" ගැන පැහැදිලි කර තිබෙනවා. පහතින් දැක්වෙන්නේ එයින් කිහිපයකි.

ඔබ උපේක්ෂා නොවුනානම් ?
උපේක්ෂා නොවුනානම් ද? එහෙනම් මම මදර් තෙරේසා වනවා.

ඔබ සිංහලයෙක් වුනේ නැත්නම්
එහෙම නැත්නම් මම අනිවාර්යෙන් ඉන්දියන් වනවා

උපේක්ෂා ගැහැනියක් නොවුනානම් ?
මම කුරුල්ලෙක් වෙනවා. ලස්සන අහිංසක පුංචි කුරුල්ලෙක් වෙලා අහසේ හැමතැනම පියාඹනවා

ඇයි උපේක්ෂා කුරුල්ලෙක් වෙන්නේ?
කුරුල්ලන්ට ලොකු නිදහසක් තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැතුව පියාඹමින් ඉන්න පුළුවන්. පුංචි කුඩුවක් හදාගෙන,බිත්තර දාල ඒවා රැකගෙන කුරුලු පැටව ආදරෙන් බලාගන්න පුළුවන්. හැබැයි මම අහිංසක කුරුල්ලෙක් මිසක රාජාලියෙක් නම් වෙන්නේ නැහැ.

ඔබේ ආගම කතෝලික නොවුනානම්
එහෙනම් මම මුස්ලිම්වරුන්ගේ ආගමට බැඳෙනවා. ඊට පස්සේ ඉස්ලාම් භක්තිකයෙක් වෙලා පාඩුවේ මගේ ආගම අදහාගෙන ඉන්නවා.

ඔබ නිළියක් උණේ නැත්නම් ?
මම හොඳ ගෘහණියක් වෙයි.

ඔබ එක්සත් ජාතික පක්ෂයෙන් ජන්දය ඉල්ලුවේ නැත්නම් ?
මට හිතාගන්න බැහැ..එක ඒ වෙලාවේ ගත්ත තීරණයක් නැහැ.

ඔබ විපක්ෂයේ ඉඳල ආණ්ඩුවට නාවානම් ?
විපක්ෂය ඉතින් කරන්නේ ආණ්ඩුවට බනින එකමනේ.එහෙනම් මමත් ඉතින් ඒ පත්තට් වෙලා බොහොම සැරට ආණ්ඩුවට බැණ බැණ ඉඳීවි

ඔබේ නායකයා මහින්ද රාජපක්ෂ නොවුනානම් ?
ඒ ප්‍රශ්නයට තමයි මට සෙකන්ඩ් ඔප්ෂන් එකක් නැත්තේ.මෙහෙමයි මට ඒ කව්ද කියල නාමිකව කියන්න බැහැ.එත් ඊළඟට එන නායකයා දුරදර්ශි රටට ආදරය කරන සෘජු නායකයන් විය යුතුයි.

-පුබුදු හසන්තිකා අරඹවෙල

Thanks to Gossip 9 website