Monday, July 30, 2012




මරණින් පසුවත් ජීවත්වීම යනු අමරණීයවීමය, ලෝකයේ අමරණීය වූවන්ගේ නාමාවලිය ගොනු කළහොත් එය ඉතාම පුංචි ‍පොතක් වෙයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ අමරණීය වූවන් ලෝක වාර්තාවද පරදවයි. අපේ ඉතිහාසය බටහිර ඉතිහාසයට වඩා දීර්ඝවීම ඊට හේතුවයි.

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ගැන ලියන්නට මම ඒ පෙරවදන උපයෝගී කර ගනිමි. දේශපාලනඥයින් වශයෙන් නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අගමැති මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතාගෙන් පටන්ගෙන වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තෙක් ගණනය කරතොත් රාජ්‍ය පාලකයන්ගේ ගණන් විශාල වුවත් අමරණීය වූවන්ගේ සංඛ්‍යාව ඉතා කුඩාය. අල්පය.

පුංචි මිනිහා සමග වැඩි ඇසුරක් පවත්වා ගෙන යමින් කටයුතු කළ එකම ජන නායකයා රණසිංහ ප්‍රේමදාස මහතා යැයි කිවහොත් කවුරුත් එය අවිවාදයෙන් පිළිගනිති. අහස උසට බැඳි තාප්පවලින් හෝ වැටකඩොලු බැඳගෙන හෝ දහස් ගණනක ආරක්ෂක නිලධාරීන්ට මැදිව සිටීමට ඔහු පුරුදු පුහුණු වී සිටියේ නැත. ජනතාව අතරට නිතරම ගියේය. වැට කඩොලු ඉවත් කර ජනතාවට තමන් සමීපයට පැමිණීමට ඉඩ සැලැස්වීම එතුමාගේ කැමැත්ත විය. තම ආරක්ෂක නිලධාරීනට පවා එවැනි උපදෙස් ලබාදී තිබිණ.

බොහෝ දේශපාලනඥයින් කන්ද පාමුල සිට ඉහළට නැගුණ පසු යළි පහළ බැලුවේ නැත. එහෙත් රණසිංහ ප්‍රේමදාස මහතා කන්ද පාමුල සිට කන්ද මුදුනට නැග කන්දේ පාමුල සිටින්නා දෙස සෘජුව බැලුවේය. එතුමාගේ ජනප්‍රියත්වයේ රහස එයයැයි සිතමි. කඳු මුදුනට නැගි මිටියාවත දෙස බැලූ රාජ්‍ය නායකයාය.

උතුරේ සහ දකුණේ යුද්ධ දෙකක් පවතිද්දී තම පාක්ෂිකයන් විසින්ම ඉදිකළ මහා බාධක කඳු වැටිය පෙරළා ගෙන ජය කණුවට ළංවීමට එතුමාට හැකිවූයේ පුංචි මිනිහා කෙරෙහි තැබූ විශ්වාසය නිසාමය.

එක්සත් ජාතික පක්ෂයේ අයෝමය ශක්තිය දෙදරන්ට නොදී රැක ගැනීම වෙසෙසින් අගය කළ යුතුය. පැසසිය යුතුය. යුද්ධය මුහුණ දෙමින් භාණ්ඩ මිල සමබරව පවත්වාගෙන යමින් රටේ ආර්ථික සංවර්ධනය 8 දක්වා ඉහළ නැංවීමට දක්ෂවීම ප්‍රශංසනීය කටයුත්තකි. එය වෙසෙසින් අගය කළ යුතුය.

අද යුද්ධය නිමාවී සාමකාමී පරිසරය තුළ ලබා ඇති ආර්ථික වර්ධනය එදා යුද්ධ දෙකක් කරමින් ලබාගැනීමට හැකිවිය. ඇඟලුම් කම්හල් 200ක් ආරම්භ කළ අවස්ථාවේ සුද්ධන්ට ජංගි මහනවයි කියා අවලාද නැගුවා පමණක් නොව හිසට සෙවණක් වූ මහල් නිවාස කුකුල් කූඩු කියමින් කාලකණ්ණි දේශපාලන සතුටක් ලැබූ අයගෙන් ද අඩුවක් නොවීය.
විදෙස් සරසවියක උපාධි කබාය ලා ගත්තේ තමා ශ්‍රේෂ්ඨයයි සිතා කටයුතු කිරීමේ පුහු අහංකාරකමින් පෙළුණු අමනෝඥ පිරිසක් සාමාන්‍ය මිනිහාට මග හරස් කළහ. එතැන තිබුණේ සමාජ ගැටුමයි.
සතියකට වරක්වත් සමීපතම ‍පොඩි මිනිහාට දුරකථනයෙන් කතාකොට දුක සැප විමසීම ඔහුගේ සිරිත විය. එහෙත් තමා ගොඩ නැගූ පාක්ෂික බලයට අමතර හිතෛෂී බලය වත්මන් පක්ෂයේ නායකයා ප්‍රයෝජනයට ගත්තේ නැත. එතැන අමතක කර ඉදිරි ගමනක් පක්ෂයට නැති බව දත් රණසිංහ ප්‍රේමදාස මහතා ‍පොඩි මිනිසා කිසිවිටෙකත් අමතක කළේ නැත. තම නමින් අන් අය අමතන්නට තරම් පුදුම මතක ශක්තියක් ඔහු තුළ විය. එවිට එසේ ඇමතුම ලැබූ පුද්ගලයා තුළ ඇතිවනුයේ මහත් ආඩම්බරයකි. මහත් අභිමානයකි. අද දේශපාලනඥයින්ට එවැනි මතකයක් නැත. මතක් කර ගැනීමට කලක් ගතවේ. රණසිංහ ප්‍රේමදාස මහතාගේ චරිතයෙන් උගත හැකි දේ බොහෝය.

මැයි 1වන දින ලෝක කම්කරු දිනයයි. එය සැමරීම වස් මෙයට වසර 19කට පෙර මැයි පෙළපාලිය සංවිධානය කර සිටියදීම රටට අහිමි විය. රටට අහිමි වූවාට වඩා අහිමි කළා යන්න වඩාත් උචිතය. මහත් ජන මෙහෙවරක් කළ සැබෑ මිනිසෙකුගේ මෙහෙවර මෙසේ අවසන් කළේය. කෙසේ වෙතත් වියයුතු දේ දැන් සිදු වී හමාරය. එහෙත් ඒ මහතාගේ ප්‍රතිපත්තිය රටට අවශ්‍ය විය.
විශේෂයෙන් දුගී දුප්පත් අසරණ ජනතාව වෙනුවෙන් ඉටුකළ මෙහෙය අපමණය. කුමන දේශපාලන මතිමතාන්තර දැරුවද කුමන එදිරිවාදිකම් පැවැතියද, එතුමා ගෙන ගිය වැඩපිළිවෙළේ හරවත් යමක් විය. එය දුගී දුප්පත් ජනතාවට මහත් සහනයක් විය. නෑ බෑ යන්න වෙනුවට කළයුත්ත නිලධාරීන්ගෙන් බලා‍පොරොත්තු විය. කල් දැමීමට හෝ කල් මැරීමට අකමැතිය. එවැනි නිලධාරීන්ට ඔහු ප්‍රිය කළේ නැත.

1970 වර්ෂයේ දී එක්සත් ජාතික පක්ෂය පතාක යෝධයින් ලෙස ප්‍රබලයින් පවා පරාජයට පත්වෙද්දී ඡන්ද ලක්ෂය ඉක්මවා මැද කොළඹ පළමුවන මන්ත්‍රීවරයා වශයෙන් ජයග්‍රහණය කර තේරී පත්වීමට සමත් විය. පරාජයට පත් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය සඳහා මෙහෙයවීමේ කාර්ය භාරයේ වැඩි කොටසක් තම කරට ගත් එතුමා 1977 වර්ෂයේ දී රට පුරා යමින් අනභිභවනීය ජයක් එක්සත් ජාතික පක්ෂයට ලබා දුන්නේය. සුපිරි පන්තියක් එක්සත් ජාතික පක්ෂය වටා කවදත් සිටිය මුත් පීඩිත දුප්පත් අසරණ ජනතාව පක්ෂය වටා රඳවාගෙන ඉදිරියට ගෙන යාමේ අභිප්‍රාය ඔවුන් තුළ ඇති කිරීමට රණසිංහ ප්‍රේමදාස මහතා මූලික විය.

එම විශ්වසනීයත්වයට හානි නොකර පළුදු නොකර කටයුතු කිරීමේ ප්‍රතිඵල මත 1977 දී එක්සත් ජාතික පක්ෂය

විශිෂ්ට ජයග්‍රහණයක් ලැබිය. පළාත් පාලන හා නිවාස අමාත්‍ය ධුරයට අමතරව ශ්‍රී ලංකාවේ 8වන අගමැතිවරයා වශයෙන් කටයුතු කිරීමේ භාග්‍ය ද ලැබිය. පසු කාලයේ දෙවන විධායක ජනාධිපති ධුරයද හෙබවීමට එතුමා සමත් විය.

එතුමා ආරම්භ කළ නිවාස වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොවන්නට රටේ උග්‍ර නිවාස ප්‍රශ්නයක් මතුවන බව අවිවාදයෙන් පිළිගත යුතුය. කෙසේ වෙතත් එම නිවාස වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොවූ ප්‍රදේශයක් රටේ සතර දිග්භායෙන්ම සොයා ගත නොහැක. එපමණට ගම තුළට නිවාස වැඩපිළිවෙළ ඇදී ගියේ ය. උදාකළ ගම්මාන, උදා ගම්මාන, ආදර්ශ ගම්මාන ඒ අතර වේ. ජල ප්‍රශ්නයටද විසඳුම් ලබා දීමට රටපුරා ජල සම්පාදන ව්‍යාපෘති ආරම්භ
කළේය. නාගරික ජනගහනයෙන් 82කට ත් ග්‍රාමීය ජනතාවගෙන් 67කටත් පිරිසිදු පානීය ජලය ලබාදීමට සමත් විය. විශේෂයෙන් අති විශාල නළ ළිං ප්‍රමාණයක් ග්‍රාමීය ජනතාව වෙනුවෙන් ඉදි කළේය.

සුචරිත ව්‍යාපාරය මගින් දායාද කොට රටට ලබාදුන් මෙම උතුම් මිනිසා සමාජයට වැඩදායක මෙන්ම සමාජයට මෙහෙවරක් කළ සැබෑ මිනිසෙකු වූ අතර යා යුතු මග නොබියව ඉදිරියට යන කොන්ද පණ ඇති අයෙකු විලසින් තිස් හත් වසරක් දේශපාලනයෙහි නියැලුනේය. එතුමා ‍පොළවට බරක් වූයේ නැත.

එතුමා ලොක්කෙකුට වඩා සැබෑම නායකයෙකි. ලොක්කෙකු මෙන් වැරදිකරු කවුද කියා සොයනවාට වඩා නායකයකු මෙන් වරද කොතැනද යන්න සෙවීය. ලොක්කෙකු මෙන් ගෞරවය බලෙන් ලබාගන්න ගියේ නැත. නායකයෙකු මෙන් ගෞරවය ඉබේ ලබාගත්තේය. ලොක්කෙකු මෙන් රාජකාරිය හිසරදයක් කර ගන්නවා වෙනුවට නායකයතු මෙන් රාජකාරිය ආශ්වාදයක් කර ගත්තේය. රටට අවශ්‍ය එවැනි රාජ්‍ය නායකයකු අහිමි කර අදට වසර 19කි. එතුමා කර ඇති දේ අපමණය එය අකා මකා දැමිය නොහැක. අදටත් ගම් උදාව ජනසවිය වෙනත් නම්වලින් ක්‍රියාවට නැංවේ.

ශ්‍රී ලංකාවේ කොතෙකුත් රාජ්‍ය නායකයින් පහළ වූවද එයින් අතැඟිලිවලට වඩා අඩු පිරිසක් වාර්ෂික අනුස්මරණය කරයි. එයද අඛණ්ඩව අනුස්මරණය නොකරයි. එම නායකයාගේ පක්ෂය රාජ්‍ය බලය ඇතිවිට ඉතා සාර්ථක අයුරින් අනුස්මරණය කරන අවස්ථාද ඇත. නින්දෙන් අවදිවූවක් මෙන් ඉඳහිට අනුස්මරණය කරන පිරිසක්ද ඇත. එහෙත් දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාව වාර්ෂිකව නොකඩවා අනුස්මරණය කරනවා පමණක් නොව එතුමා ‍පොඩි මිනිහාට කර ඇති මෙහෙවර නිතරම සිහි කරන්නේ.

අනේ ප්‍රේමදාස මහතා සිටියානම් යන බලා‍පොරොත්තුව හා විශ්වාසනීයත්වය පෙරදැරිවය.
ප්‍රේමදාස මහතා අහිමි වීම ‍පොඩි මිනිහාට වෙසෙසින්ම බලපෑවේය. එම හිඩැස තවමත් පවතී. කෘතගුණ දත් ජනතාව එතුමා වෙනුවෙන් පින් දහම් නොඅඩුව ඉටුකරමින් එතුමාට නිවන් සුව පතයි. සුචරිත ව්‍යාපාරයේ ද පැතුම එය වනු ඇත.

අමල් වික්‍රමතුංග උප භාණ්ඩාගාරික ශ්‍රී සුචරිත ව්‍යාපාරය ..
2012 අප්‍රේල් 30 වෙනි සදුදා, 23:03

මෙය යාළුවන් සමගත් බෙදා ගන්න ගමන් ඔබේ කාලයෙන් මොහොතක් ගතකොට අපේ පේජ් එකට ලයික් එකක් දමන්නත් කාරුණික වන්න



ග්‍රැන්විල් රොද්‍රිගු -



ග්‍රැන්විල් රොද්‍රිගු -

විශිෂ්ට ගීත රචකයෙක්,ගායකයෙක්,සිනමා සහ නාට්‍ය නළුවෙකු සේම දයාබද හදවතක් තිබුණු කලාකරුවෙක්.මෙතුමාගේ මරණය සිදුවුණු කාල වකවානුව මතක නැති උනත් එදා මෝදර මෙතුමාගේ නිවසේ සිට ආමර් විදිය මංසන්දිය තෙක් තිබුණු රථ පෙරහැර සහ ජන ගන්ගාවනම් තාම මට මතකයි.ඒ සහත් ජනයා රැස්වී සිටියේ මෙතුමාට අවසන් ගොවුරව දක්වන්න.මියයන යන මොහොතේ රසිකයන් අතර හිතාමත් ජානදරයට පත් වී සිටි ග්‍රැන්විල් රොද්‍රිගු එකල හිටාමත් ජනප්‍රිය සින්දුවක් ව තිබු හොටා දමන්නා ගීතයෙන් ද නෝනා වරුණේ මහත් වරුණේ නාට්යෙන්ද රසික හදවත් වල ආදරය දින සිටි කලාකරුවෙක්.මාරක රිය අනතුරක් නිසාවෙන් අප අතරින් සමු ගැනීමට සිදු වුනත් ඔහුගේ නාමය ඔහුගේ දයාබර රසිකය අතරෙයි දිගුකල් වැජබෙනු ඇති,
මේ උපහාරය ග්‍රැන්විල් රොද්‍රිගු කලාකරුවාට ජීවිතය සුන්දරයි පිටුවෙන් සහ දයාබර රසිකයන්ගෙන්.

සටහන මුතුමුදලිගේ නිශ්ශංක

අසීමිතව ස්වයංවින්දනය



අසීමිතව ස්වයංවින්දනය

අධික ලෙස ස්වයංවින්දනයෙහි යෙදීම නිසා ඇති විය හැකි සෞක්ය ගැටළු රාශියකි.
පසුපස (කොඳු ඇට පෙළ, උකුල ආශ්රිත) වේදනාව
නිරන්තරව දැනෙන විඩාපත් බව
මානසික ඒකාග්රතාවය සහ මතකය සම්බන්ධ ගැටලු
හිසකෙස් වැටීම (හෝ තුනී වීම)
මද ලිංගික ප්රාණවත් බව
ේදනාව (වෘෂණ, ලිංගාශ්රිතව හෝ උකුල ආශ්රිතව)



ස්වයංවින්දනය පමණ ඉක්මවන සීමාව

ෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.

පළමුව එක් දෙයක් වටහාගත යුතු ය. ස්වයංවින්දනය සෞඛ්යයට හිතකර වේ. සෞඛ්යාරක්ෂිත
නොවන්නේ එය පමණ ඉක්මවූ විටයි.

ස්වයංවින්දනය දුරාචාරයක් හෝ පාපයක් නොවේ. එහෙත් එවැනි අදහස් වලින් පෙලෙන්නෝ
ගිනිය නොහැකි තරම් සිටිති!

ඔබ සංසර්ගයේ නොයෙදේ නම් හෝ සංසර්ගයේ යෙදෙන අවස්ථා විරල නම් ඔබට නොලැබී
යා හැකි යම් සෞඛ්යය ප්රතිලාභ ද ස්වයංවින්දනය මගින් ලඟා කර දෙන බව කිව යුතු ය.
එමෙන්ම එය පුරස්ථිති සම්බාහනයේදී මෙන්ම සෞඛ්යසම්පන්න පුරස්ථිති සහ ලිංගික පද්ධතියක්
හිමි කර දෙන ක්රියාවලියකි.



ශුක්ර ධාතු සිරුරින් පිට කිරීම ජෛවවිද්යාත්මක අවශ්යතාවයකි

ක්රමවත්ව (regularly) ශුක්ර තරලය පිට කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයකි.

පුරස්ථිති ග්රන්ථියෙහි සෞඛ්යයට ද එය දායක වන බව සොයාගෙන ඇත.

එහෙත්, පමණ ඉක්මවා එහි නිරත වීමෙන් පුරුෂයෙකුගේ ජෛව ශක්තිය අති මහත් සේ පිරිහීමට
ලක් වේ. ඒ එමගින් ඔබේ සිරුරට අවශ්ය විටමින් සහ ඇතැම් අත්යවශ්ය ඛනිජ (ප්රමුඛවම Zn)
අහිතකර ලෙස සිරුරට අහිමි වීම හේතුවෙනි.



ක්රමවත් ශුක්ර මෝචනය ඔබේ පුරස්ථිතියෙහි සෞඛ්යය රැක දේ

ක්රමවත් ලෙස ව්යායාම කිරීම සාමාන්ය සහ සෞඛ්යය හිතකර දෙයක් වන තරම් ම ක්රමවත්ව
ලිංගික ක්රියාවෙහි යෙදීම (සංසර්ගය හෝ ස්වයංවින්දනය ) ද සාමාන්ය සහ සෞඛ්යය හිතකර
දෙයකි.

එලෙසම පමණ ඉක්මවා ව්යායාම කිරීම සේම ස්වයංවින්දනයෙහි සීමාවන් ඉක්මවීම ද ඔබව
බෙලහීනත්වයට පත් කරන, සෞඛ්යයට අවැඩදායක ක්රියාවක් වේ.



පමණ ඉක්මවූ ස්වයංවින්දනයෙන් සිරුරට දැනෙන තෙහෙට්ටුවෙහි ජෛවවිද්යාත්මක ප්රභවය

බහුලව (පමණ ඉක්මවා) කෙරෙන ස්වයංවින්දනය සහ තරල මෝචනය
“ඇසිටිල් කෝලීන් /ප්රත්යානුවේගී” (acetylcholine/parasympathetic) ස්නායු ක්රියාකාරිත්වය
උත්තේජනයට ලක් කරයි. මෙය ලිංගික හෝර්මෝන සහ ස්නායු-සම්ප්රේෂක
(neuro-transmitters :ස්නායු මගින් සිරුරට සහ මොළයට පණිවිඩ ගෙන යාම සිදු
කරන්නේ මෙම රසායනික ද්රව්යයන් මගිනි. උදා: ඇසිටිල්කෝලින්, ඩොපමයින්, සෙරොටොනින්)
විශාල වශයෙන් නිපදවීමට හේතු වේ.

මෙම හෝර්මෝන සහ ස්නායු-සම්ප්රේෂක අතිරික්තය මොළයෙහි සහ අධිවෘක්ක ග්රන්ථියෙහි
අසාමාන්යව අධික ලෙස ඩොපමයින්-නොරෙෙපිනෙෆ්රින්-එපිනෙෆ්රින් පරිවර්තන ක්රියාවලියක් ඇති
කරයි. ප්රතිඵලය වන්නේ මොළයෙහි සහ සිරුරෙහි ක්රියාකාරිත්වය කණගාටුදායක ලෙස දුර්වල
වීමයි. සත්යය වශයෙන්ම, පමණ ඉක්මවා ස්වයංවින්දනයෙහි යෙදීමෙන් ඔබගේ සිරුරෙහි
රසායනය සහමුලින්ම උඩු යටිකුරු වේ!

මෙය දීර්ඝකාලීනව සිදු වීමෙන් කායික වෙනස්කම් හටගනියි.

සරලව පවසන්නේ නම්, ඔබගේ සිරුර මත් වූ හෝ නිදිබර ස්වභාවයකට ඇද දමනු ලැබෙයි.
ඔබගේ සිරුර සහ ප්රතිශක්තීකරණ පද්ධතිය දුර්වල වීමට ලක් වෙයි.


නිසි ප්රමාණය

ඔබ ක්රමවත් ලෙස සංසර්ගයේහි යෙදෙයි නම් ස්වයංවින්දනය අත්යවශ්ය නොවන්නකි.

එසේ නොවෙයි නම්, ස්වයංවින්දනයෙහි (නිසි පමණින්) යෙදීම ඉතා සෞඛ්‍ය හිතකර සහ සිරුරට
අත්යවශ්ය වේ. තරලයන් ක්රමවත්ව සිරුරෙන් පිට කිරීම අත්යවශ්ය වීම මෙයට හේතුවයි.
එසේ නොකිරීමෙන් ඉතා පහසුවෙන් ආසාදනයට ලක් වීම සහ/හෝ අහිතකර රසායනයන් සිරුර
තුල එක් රැස් වීම සිදු වේ.

එහි බරපතළම අවස්ථාවක් වන්නේ පිළිකා ආසාදන වලට ලක් වීමට සිදු වීමය.



පුරස්ථිති සම්බාහනය

ඔබ ක්රමවත් සංසර්ගයක් නොලබන්නේ නම් පුරස්ථිති සම්බාහනයෙහි නිරත වීම
(ස්වයංවින්දනය අතරතුර ) ශිෂ්න උද්දීපනය පමණක්ම සිදු කිරීමට වඩා උචිත ය.

හේතු වන්නේ,

- 1 : සාමාන්ය සංසර්ගයකදීද යම් පුරස්ථිති සම්බාහනයක් ස්වභාවිකවම සිදු වෙයි (උකුලෙහි
චලනය හේතුවෙන්). සම්බාහනය නිසා ඇති වන අමතර රුධිර සංවහනය වඩා හොඳින් පුරස්ථිති
සංසරනයක් ඇති කර පුරස්ථිතියෙහි සෞඛ්ය යහපත් කරවයි.

2 : වඩා වැදගත් දෙය නම් පුරස්ථිති සම්බාහනය පූර්ණ ගැඹුරු වඩාත් සංතෘප්ත සුරතාන්තයක්
ලබා දීමයි. සමස්ථ කායික සන්තර්පණය වඩාත් උසස් වෙයි.

එමගින් ඔබ වඩාත් තෘප්තියට පත් කරවන නිසා නිතර නිතර ස්වයංවින්දනයෙහි යෙදීමට ඇති වන
අවශ්යතාවය අවම වෙයි.



සොබාදහමේ සැලැස්ම

ස්වයංවින්දනය ඔබට ඔබේ සිරුරෙන් ලද හැකි උපරිම සතුට විය හැකි නමුත්,
ශුක්‍රාණු පිට කරවීමෙන් සොබාදම් මව බලාපොරොත්තු වන්නේ දරුවන් බිහි කිරීමයි.

එහෙත් ඔබ ලිංගික අවයව සුරතාන්තය තෙක් උත්තේජනය කළ විට ඔබ ඔබගේ කාර්යය ඉටු
නොකළ බව සොබාදම් මව දන්නවා. එනිසා ඇය ඔබව හැකි ඉක්මනින් ත;වත් සුරතාන්තයක්
ලබාගැනීමට පොළඹවනවා. ඇයට අවශ්ය දරුවන්!! පමණ ඉක්මවූ ස්වයංවින්දනයට මූලික හේතුව
මෙයයි. සාමාන්ය ස්වයංවින්දනයකින් ඔබට ඔබව සංසර්ගයකදී තරම් තෘප්තිමත් කළ නොහකියි.

ඔබ ස්වයංවින්දනයෙන් පූර්ණ සුරතාන්තයක් ලබාගැනීමට උත්සාහ කළහොත් එය වඩා නිවරදිව
සංසර්ගයක සුරතාන්තයක ලක්ෂණ සිරුරට පෙන්නාවි. සුරතාන්තය හැකි තරම් ගැඹුරු විය යුතුයි.

එසේ සිරුර වඩාත් තෘප්තිමත් කළ විට අනවශ්ය ලෙස ස්වයංවින්දනයට අවශ්යතාවක් පැන
නැගෙන්නේ නැහැ.

මෙමගින් පමණ ඉක්මවූ ස්වයංවින්දනයට පෙළඹීම බොහෝ සෙයින් අඩු කර ගත හැකියි.



ස්වයංවින්දනයේ නිසි ප්රමාණය

ස්වයංවින්දනයේ යෙදිමට සුදුසු ප්රමාණය කොතරම් ද? එය පමණ ඉක්මවන්නේ කොතැනදී ද?

මෙය සරල රීතියකින් තේරුම් ගත හැක.

ඔබට ශක්තිමත් සහ සතුටුදායක හැඟීමක් නම් ඇත්තේ ඔබ නිසි පාමණින් ලිංගිකව තෘප්තිමත් වන්නෙක්.

ඔබට නිරන්තරයෙන් දැනෙන්නේ තෙහෙට්ටුවට පත්, රිදුම් දෙන, කිපෙනසුළු ස්වභාවයක් නම් එය
පමණ ඉක්මවූ ස්වයංවින්දනයේ ප්රතිඵලයක් විය හැකියි. ලිංගික ක්රියාවන් (ස්වයංවින්දනය
හෝ සංසර්ගය ) අඩු කර බලන්න.

ලිංගික ක්රියාවන් අඩු කිරීම ඔබ සතියක් හෝ මාසයක් තුල එහි යෙදෙන වාර ගණන අඩු කිරීමෙන්
වුවත් කළ හැකියි.


පිට නොකර

ඔබට ලිංගික තෘප්තියක් ලබාගැනීමට ශුක්ර ධාතු පිට කිරීම අත්යවශ්ය නැහැ.
එසේ තෘප්තිමත් වීමෙන් ඔබට ඔබේ සිරුරට විශාල ශක්ති ප්රමාණයක් ඉතුරු කර දිය හැකියි.

මෙය සංසර්ගයට ද පොදු වූ කරුණකි. සුරතාන්තයට පෙර ලිංගික ක්රියාව නතර ක්රීම ඔබට
ශාරීරික ශක්තිය විශාල ප්රමාණයක් ඉතිරි කර දෙයි.

මෙය ලිංගික ක්රියාවේ යෙදෙන සෑම වාරයක් පාසාම කළ යුතු නැහැ.. ඔබ පමණ
ඉක්මවා ස්වයංවින්දනයේ හෝ සංසර්ගයේ යෙදෙන්නෙක් නම් පමණක් ඇතැම් අවස්ථාවල
සුරතාන්තයටම නොයා (ධාතු පිට නොකර ) සිටිය යුතුයි. එමගින් ඔබ වඩාත් සතුටින් තබනු ඇත!

Copyright@Elakiri.com/DJHiran

විජය කුමාරනතුංග



විජය කුමාරනතුංග - සොදුරු හදවතක්‌ තිබුනු මිනිසා

විජය කුමාරනතුංග කියන්නෙ බොහොම උතුම් ගති ගුන වලින් පිරුනු මනුස්‌සයෙක්‌,මේක විජයගෙ ජිවිත කතාවෙන් එන එක කතාවක්‌ විතරයි ,
දවසක්‌ විජේයි ,කලංසුරියයි චිත්‍රපටියක්‌ කරන්න කොහේද ඇතකට ගිය ගමන් පිටිසර නවාතැනක නැවතිලා තියෙනවා,
උදෙන්ම කලන් මූන කට හොද ගන්න බාත්රෑම් එකට යද්දි කලන් දක්‌කලු විජය බාත්රෑම් එකෙ ටැප් එක දිහා බලාගෙන ඉන්නවා, එතකොට කලන් හැව්වලු.
"මොකද බන් ටැප් එක දිහ බලගෙන ඉන්නෙ වතුර එන්නෙ නැද්ද?" කියලා.
විජය කිව්වලු "නැහැ බන් වතුර එනවා ඒත් ටැප් එක වටේ කූබින් ඉන්නවා මම කරාමය ඇරියොත් උන් සේරම මැරෙයි" ...

මේක විජයගෙ මනුස්‌සකම ගැන කියන එක කතාවක්‌ විතරයි,විජය අපෙන් වෙන් වෙලා අවුරුදු ගනනක්‌ ගත උනත් මේ රත්තරන් මනුස්‌සයා අපේ හදවත් වල තාමත් ජීවත් වෙනවා..විජයට ආදරය කරන අය ඔහුට කරන උපහාරයක්‌ විදියට මේ කතාව යාලුවන් එක්‌ක බෙදා ගන්න...



ජිව්තය සුන්දරයි වෙනුවෙන් මුතුමුදලිගෙ නිශ්ශංක සටහනක්

මෙය යාළුවන් සමගත් බෙදා ගන්න ගමන් ඔබේ කාලයෙන් මොහොතක් ගතකොට අපේ පේජ් එකට ලයික් එකක් දමන්නත් කාරුණික වන්න

Sunday, July 8, 2012

මන්දාකිණියක්‌ මනසෙන් කෙතරම් ඈත පිහිටියේ ද?


අතීතයට බලපාන පරි සංකල්ප නිර්මාණය යන්න තවදුරටත් පැහැ ලි කළ යුතු වෙයි. බටහිරයන් මන්දාකිණි යන සංකල්පය නිර්මාණය කර තවම අවුරුදු සියයක්‌ නැත. එහෙත් බෞද්ධයනට සක්‌වළ දස දහස්‌ ගණනක්‌ අවුරුදු දෙ දහස්‌ පන්සියයකට පෙර ද තිබී ඇත. සක්‌වළක්‌ හෙවත් චක්‍රාවාටයක්‌ යනු මන්දාකිණියක්‌ යෑයි අපි කිසිසේත් නො කියමු. මුගලන් මහ රහතන් වහන්සේ විශ්වයේ කෙළවර සොයන්නට උත්සාහ ගත් අවස්‌ථාවෙහි උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ විසින් වළකනු ලැබූ හ. බෞද්ධයන් එවැනි විශ්වයක්‌ ගැන හුදු ආධ්‍යාත්මික ශක්‌තියෙන් පමණක්‌ දැන සිටි අවධියක බටහිරයන් ගේ විශ්වය සෞර්ය ග්‍රහ මණ්‌ඩලයටත් කුඩා විය
.
මා මෙයින් පෙන්නුම් කිරීමට තැත් කරන්නේ අවුරුදු දෙ දහස්‌ පන් සියයකට පෙර බෞද්ධයන් ගේ විශ්වවේදී දැනුම බටහිරයන් ගේ දැනුමට වඩා ඉතා උසස්‌ මට්‌ටමක තිබූ බව නො වේ. අවුරුදු දෙ දහස්‌ පන් සියයකට පෙර බටහිරයන්ට මන්දාකිණි හෝ ඉතා විශාල විශ්වයක්‌ හෝ නො තිබුණු බව ය. එවැනි තත්වයක ඊනියා මහා පිපිරුමක්‌ ගැන කතා කිරීම පවා අනවශ්‍ය ය. එහෙත් අවුරුදු දෙ දහස්‌ පන් සියයකට පෙර බෞද්ධයනට අති විශාල විශ්වයක්‌ තිබුණා පමණක්‌ නො ව ඒ විශ්වය කලක දී ප්‍රසාරණය වන තවත් කලක දී සංකෝචනය වන විශ්වයක්‌ ද විය.

ඒ විශ්වය රහතන් වහන්සේ ආධ්‍යාත්මික ශක්‌තියෙන් දුටු විශ්වයක්‌ විය. එපමණක්‌ නො ව ඒ විශ්වය අද බටහිරයන් කතා කරන ඊනියා මහා පිපුරුම හා සම්බන්ධ ගින් ගට ම ප්‍රසාරණය වන විශ්වයට වඩා මට විශ්වාස ය. මහා පිපිරුම හා ප්‍රසාරණය යනු ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයෙහි බිහි වූ විශ්වයක ආකෘතියකි. එහි දෙවියන් වහන්සේ හෙවත් මැවුම්කරුවකු නැත. එහෙත් මැවීමක්‌ ඇත. ඒ විශ්වයට ආරම්භයක්‌ ඇත. එයට එරෙහි ව කැලණිය විශ්වවිද්‍යාලයයේ සංවට්‌ටකප්ප විවට්‌ටකප්ප විශ්වයක්‌ ගැන ආකෘතියක්‌ තනා ඇත. ඒ රහතන් වහන්සේ දුටු මුලක්‌ අගක්‌ නැති විටෙක ප්‍රසාරණය වන තවත් විටෙක සංකෝචනය වන විශ්වයකි.
බටහිරයන් කැලණිය විශ්වවිද්‍යාලයයේ විශ්වය නො පිළිගන්නා බව අමුතුවෙන් කිව යුතු නො වේ. එහෙත් ඒ ආකෘතියෙන් අපට බොහෝ කලකට පෙර ඇති විණි යෑයි කියන උද්ධමනය ද, පසුව ඇති වූ මන්දනයක්‌ සහිත ප්‍රසාරණය ද දැන් ඇතැයි කියන ත්වරණයක්‌ සහිත ප්‍රසාරණය ද තේරුම් ගත හැකි ය. එපමණක්‌ නො ව, තව ටික කලකින් නැවතත් මන්දනයක්‌ සහිත ප්‍රසාරණයක්‌ වන බව ද ඉන් පසු ප්‍රසාරණය සංකෝචනයකට පෙරළෙන බව ද අපට අනාවැකියක්‌ පළ කළ හැකි ය. අපේ අනාවැකි සඵල වන්නේ දැයි දැනගැනීමට අපි පුල පුලා බලා සිටිමු.

එහෙත් අපට මෙහි දී අදාළ වන්නේ එය නො වේ. බටහිරයන් අවුරුදු සියයකට පෙර මන්දාකිණි ගැන දැනගැනීමට පෙර ඔවුන්ට මන්දාකිණි වී ද? මන්දාකිණි යනු විදුලි බල්බ නො වේ. තෝමස්‌ අල්වා එඩිසන් විද්වතා විදුලි බල්බය නිර්මාණය කිරීමට පෙර ලොවෙහි විදුලි බල්බ නො වී ය. ඔහු විදුලි බල්බය නිපදවා ඒ ගැන දැනගැනීමට පෙර ලොවෙහි කිසිවකුටත් විදුලි බල්බ නො වී ය. එහෙත් මන්දාකිණි ගැන එසේ කීමට හැකි දැයි පඬියන් ප්‍රශ්න කරනු ඇත.

ඒ ප්‍රශ්නයට අපි පැහැ ලි පිළිතුරක්‌ දෙමු. දැනට අවුරුදු සියයකට පෙර බටහිරයන් මන්දාකිණි යන සංකල්පය නිර්මාණය කිරීමට පෙර ඔවුන්ට මන්දාකිණි නො වී ය. තෝමස්‌ අල්වා එඩිසන් විද්වතා විදුලි බල්බය හා අදාළ සංකල්පය නිර්මාණය කිරීමට පෙර බටහිරයන්ට විදුලි බල්බ නො වී ය. එමෙන්ම බටහිරයන් මන්දාකිණි යන සංකල්පය සහිතව ප්‍රථම වරට මන්දාකිණියක්‌ නිරීක්‍ෂණය කරන තුරු ඔවුන්ට මන්දාකිණි නො වී ය.
මෙහි දී පැහැ ලි කරගත යුතු කරුණ නම් වෙනත් කිසිවකුට නො ව බටහිරයන්ට ඉන් පෙර මන්දාකිණි නො වූ බව ය. එහෙත් ඔවුන් ඒ ප්‍රථම මන්දාකිණිය නිරීක්‍ෂණයට කිරීමට පෙර විශ්වයේ මන්දාකිණි නො වී දැයි පඬිවරු අසනු ඇත. අප කියා සිටින්නේ නිරීක්‍ෂකයන් නොමැති ව කිසිවකුට සාපේක්‍ෂ නො වී මන්දාකිණි නො පවතින බව ය. එසේ නම් ඉන් පසුව නිරීක්‍ෂණය කරන ලද මන්දාකිණි ඒ ඒ මන්දාකිණිවලින් ආලෝකය නිකුත් කරන අවස්‌ථාවල හෝ එයට පෙර හෝ නො පැවතියේ ද යනුවෙන් නැවතත් බටහිරයන් ගෙන් ඉගෙන ගත් පඬියන් ප්‍රශ්න කරනු ඇත.

ඒ ප්‍රශ්නයට අප දෙන පිළිතුර සංකීර්ණ වෙයි. බටහිරයන් පළමු මන්දාකිණිය පිළිබඳ සංකල්පය ඇති කරගන්නේ අතීතයට ද බලපාන පරි ය. එබැවින් ඔවුන්ට සාපේක්‍ෂව මන්දාකිණි ඉතා ඈත අතීතයේ සිට පවතියි. විශ්වයේ මන්දාකිණියක්‌ පළමුවෙන් නිර්මාණය වූයේ කෙ නක ද එ න සිට ම අවුරුදු සියයකට මෙහා ජීවත් වන බටහිරයන්ට මන්දාකිණි තිබී ඇත. එසේ වුවත් බටහිරයන්ට එසේ ඉතා ඈත අතීතයේ සිට මන්දාකිණි ඇත්තේ ඔවුන් අවුරුදු සියයකට පමණ පෙර පළමු මන්දාකිණිය පිළිබඳ සංකල්පය ඇති කරගැනීමෙන් පසුව ය.

වෙනත් වචනවලින් කියන්නේ නම් අවුරුදු සියයකට එහා ජීවත් වු බටහිරයන්ට මන්දාකිණි තිබී නැත. එහෙත් අවුරුදු සියයකින් පමණ මෑතක සිටින බටහිරයන්ට (ඈත්තට ම මන්දාකිණි ගැන අසා ඇති බටහිරයන්ට) ඉතා ඈත අතීතයේ සිට ම මන්දාකිණි ඇත. එමෙන් ම අවුරුදු සියයකට පමණ පෙර සිටි බටහිරයන්ට මෙන් ම ඉන් පසුව සිටින අති විශාල බටහිරයන් පිරිසකට ද බෞද්ධයන් දන්නා සක්‌වළ නැත. ඒ සක්‌වල ඇත්තේ බෞද්ධ පොතපත කියවා ඇති බටහිරයන් අතළොස්‌සකට පමණය ය.

අප නැවතත් අවධාරණය කරන්නේ බටහිරයන් ගේ මන්දාකිණියක්‌ හා බෞද්ධයන් ගේ චක්‍රාවාටයක්‌ යනු එකක්‌ ම නො වන බව ය. එබැවින් බෞද්ධයනට ද චක්‍රාවාට තිබී ඇති නමුත් මන්දාකිණි තිබී නැත. එයින් කියෑවෙන්නේ අවුරුදු සියයකට පමණ පෙර ලෝකයේ කිසිවකුට මන්දාකිණි නො තිබුණු බව ය එහෙත් පඬියන් නැවතත් අසනු ඇත්තේ ඉන් පෙර විශ්වයේ මන්දාකිණි නො තිබිණි ද යන්න ය. නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂ නො වී නිරපේක්‍ෂව විශ්වයේ අසවල් එක තිබිණි ද නැත් ද යන ප්‍රශ්නය ම අර්ථ ශූන්‍ය ප්‍රශ්නයකි. මෙහි විහිළුවක්‌ ද වෙයි. නිරපේක්‍ෂ යන්න නිරපේක්‍ෂ ව යෙ ය හැකි නො වේ. නිරපේක්‍ෂ වන්නේ ද නිරීක්‍ෂකයන්ට සාපේක්‍ෂව යෘ නිරපේක්‍ෂව නිරපේක්‍ෂ වීමක්‌ ගැන කතා කළ හැකි ද?

විශ්වයේ යමක්‌ තිබෙන්නේ යම් නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව ය. නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂ නො වී පවත්නා යමක්‌ ගැන කතා කිරීම ම විහිළුවකි. එසේ නම් අවුරුදු සියයකට පමණ පෙර බටහිරයන්ට සාපේක්‍ෂව මන්දාකිණි පැවතීමට පෙර ඒ මන්දාකිණි විශ්වයේ නො තිබිණි ද යන ප්‍රශ්නය කිසිවකු අසනු ඇත. අවුරුදු සියයකට පෙර සිටි බටහිරයන්ට කිසි නෙක මන්දාකිණි නො පවතින්නටත් අවුරුදු සියයකින් මෙහා සිටින බටහිරයන්ට ඉතා ඈත අතීතයේ සිට මන්දාකිණි පැවතීමටත් හේතුව ඒ අවස්‌ථාවේ දී බටහිරයන්ට සියලු මන්දාකිණි පහළ වීම දැයි පඬියකු අසනු ඇත.

පඬියා නො දන්නවාට ඔහු අසන්නේ පිළිතුරක්‌ ඇති ප්‍රශ්නයකි. ප්‍රශ්නයට පිළිතුර ඔව් යන්න ය. එහෙත් එහි තේරුම විශ්වයේ සියලු මන්දාකිණි ඒ අවස්‌ථාවේ දී, එනම් අවුරුදු සියයකට පමණ පෙර, විශ්වයේ භෞතිකව (ද්‍රව්‍යමයව) නිර්මාණය වූ බව හෝ ප්‍රාදුර්භූත වූ බව හෝ නො වේ. ඒ අවස්‌ථාවේ දී බටහිරයෝ විශ්වයේ මන්දාකිණි සංකල්පීය ව අතීතයට බලපාන පරි නිර්මාණය කළ හ. අපට වැදගත් වන්නේ මේ සංකල්පීය නිර්මාණය ය.

සංකල්පය නිර්මාණය වන්නේ සිතෙහි ය. එහි දී සිත අනෙක්‌ ඉන්ද්‍රිය ද, එනම් බටහිරයන් පංචෙන්ද්‍රිය ලෙස ගන්නා ඉන්ද්‍රිය ද, ආධාරයට ගනියි. දුරේක්‍ෂයෙන් හෝ වෙනත් ආකාරයකින් හෝ ඈත මන්දාකිණියක්‌ දෙස ඇසෙන් බලන්නේ මනසෙහි නිර්මාණය වන්නා වූ සංකල්පය ද සමගින් ය. සංකල්පය ද සංජානනය ද එකට ඇති වෙයි. සංකල්පයකින් තොර ව සංජානනයක්‌ හෝ සංජානනයකින් තොර ව සංකල්පයක්‌ හෝ ඇති නො වෙයි.

වචනයෙන් හෝ චින්ත රූපයෙන් හෝ වෙනත් ආකාරයකින් හෝ නිර්මාණය කෙරෙන සංකල්පයකින් තොර ව සංජානනයක්‌ නැත. සංජානනයක්‌ නොමැති ව ඊනියා බාහිර වස්‌තු නැත. ඒවා බාහිර වස්‌තු ලෙස ගත්ත ද ඒවා අපේ මනස විසින් අනෙක්‌ ඉන්ද්‍රියයන් ආධාර කරගනිමින් ග්‍රහණය කරගනු ලැබුව ද ඒවාහි සංකල්ප ඇති වන්නේ මනසෙහි ය. අප බාහිර වස්‌තුවක්‌ යනුවෙන් හඳුන්වන්නේ අපේ භෞතික ශරීරයෙන් බාහිර ව අවකාශයෙහි පවතින්නේ යෑයි අප විසින් සැලකෙන වස්‌තුවකි.

මේ බාහිර වස්‌තු අවකාශයෙහි අපේ සිරුරෙන් ඈත් වී පවත්නා වස්‌තු ලෙස අප සලකන්නේ ද සිතෙනි. අවකාශය, සිරුර, වස්‌තුව ආදී මේ සියල්ල සංකල්ප නොමැති ව අපට සාපේක්‍ෂව නො පවතියි. අපට ප්‍රශ්නය වී ඇත්තේ මනස ඉන්ද්‍රියයක්‌ ලෙස නො ගැනීමට අපට බටහිරයන් පුරුදු කර තිබී ය. මනස ද ඉන්ද්‍රියයක්‌ ලෙස ගත හොත් ඊනියා බාහිර වස්‌තු ද මනසෙහි නිර්මාණ බව පෙනී යනු ඇත. මන්දාකිණිය පිළිබඳ සංකල්පය ඇති වන්නේ මනසෙහි ය. අපට මනසෙන් තොර ව මන්දාකිණියක්‌ නැත. මනසක්‌ නැති හබල් දුරේක්‍ෂයට මන්දාකිණි තිබේ ද?

එපමණක්‌ නො ව මනසෙන් තොර ව මනසක්‌ ද නැත. මනස නම් සංකල්පය ද මනසෙහි නිර්මාණයකි. මනස යනු කුමක්‌ දැයි බටහිරයන්ට, එනම් ඊනියා නූතනවාදීන්ට, මාක්‌ස්‌වාදීන්ට, ලිබරල්වාදීන්ට, පශ්චාත් මාක්‌ස්‌වාදීන්ට, පශ්චාත් නූතනවාදීන්ට හා වෙනත් නොයෙකුත්වාදීන්ට කිසි නෙක තේරුම් ගත නොහැකි සංකල්පයක්‌ බවට පත් වී ඇත්තේ ඔවුන්ට බාහිරව මිස වෙනත් ආකාරයකට ඊනියා වස්‌තු දෙස නො බැලිය හැකි බැවිනි. මනස යනු මනසෙහි ම ඇති වන සංකල්පයක්‌ බව බටහිරයන්ට තේරුම් ගත හැකි වනු ඇත්තේ සුසමාදර්ශී විප්ලවයකින් නො ව චින්තන විප්ලවයකින් පසුව ය.

ඊනියා අවකාශයෙහි මන්දාකිණි ඇත්තේ අපේ සිරුරට බොහෝ ඈතින් ය. ඒ දුර මැනෙන්නේ ආලෝක වර්ෂවලිනි. එහෙත් මන්දාකිණියකට මනසෙන් ඇති දුර කොපමණ ද? සංකල්පයක්‌ ලෙස ගත් කල මන්දාකිණිය ඇත්තේ ද මනසෙහි බැවින් මන්දාකිණියකට මනසේ සිට ඇති දුර ශුන්‍ය වෙයි. මෙහි දුර යනු ඊනියා අවකාශයෙහි ඇති දුරක්‌ නො වන බව පැහැ ලි විය යුතු ය. මුළු ලොව ම ඇත්තේ බඹයක්‌ පමණ වූ මිනිස්‌ සිරුර තුළ යෑයි බුදුන් වහන්සේ දේශනා කළේ ඇයි දැයි අපට සිතාගත හැකි ය. එය ද මනස විසින් කෙරෙන සිතාගැනීමක්‌ බව අමතක නො කළ යුතු ය.

අපට දැන් ප්‍රශ්න නැතිවා නො වේ. එක්‌ පැත්තකින් මනස ද නිර්මාණයක්‌ පමණකි. මනස යනුවෙන් යම් කිසිවක්‌ පවතින බව හා සියල්ල මනසෙහි නිර්මාණ යනුවෙන් පවසන්නේ විඥානවා යෝ වෙති. අපි විඥානවාදීහු නො වෙමු. අපට සදාකාලික ව හෝ යථාර්ථයක්‌ ලෙස හෝ පවතින මනසක්‌ නැත. මනසක්‌ ඇතැයි ගන්නා අය නිවන් අවබෝධ කරගෙන පිරිනිවන් පෑමෙන් පසුව මනස ඇත්තේ ද නැත්තේ ද යන ප්‍රශ්නයට පිළිතුරක්‌ නො දෙති. එවැනි ප්‍රශ්නවලට මනස ඇත්තේ ද නැත, නැත්තේ ද නැත ආදී පිළිතුරු වලංගු නො වේ.

//මහාචාර්ය නලින් ද සිල්වා – kalaya.org

මුහුණු දෙකක් සමග ඉපදුනු කෙනෙකු



අත පය බොහොමයක් සමග ඉපදුනත් මුහුණු දෙකක් සමග ඉපදුනු කෙනෙකු පිලිබදව ඔබ අසා නැතිව ඇති.
19 වන සියවසේදී උපත ලැබූ එඩ්වර්ඩ් මොර්ද්රාක් උපත ලැබුවේ මුහුණු දෙකක් සමගය.ඔහුගේ අතිරේක මුහුණට කිසිම දිනෙක කතා කිරීමට හැකිවී නැති නමුත් එයට සිනා සිමටත් වැලපිමටත් හැකි වී ඇත.
එම මුහුණෙන් රාත්‍රියට බයංකාර ශබ්දයන් නිකුත් කරන බවත් වැලපෙන බවත් වෛද්‍යවරුන්ට පවසා ඇති එඩ්වර්ඩ් මේම මුහුණ ඔහුගෙන් ඉවත් කර දමන ලෙස වෛද්‍යවරුන් අබිමුවෙයි බැගපත් වී ඇත.
එනමුත් ඒ වනවිටත් මෙවැනි සැත්කම් සදහා දියුණු තාක්ෂණයක් නොතිබූ නිසාවෙන් වෛද්‍ය වරුන්ට ඔහුගේ ඉල්ලීම ඉටු කිරීමට නොහැකි වී ඇත.

අසම්පුර්ණ මිනිසෙකු ලෙස උපන් එඩ්වර්ඩ් අවරුදු 23 දී සිය දිවි නැතිකර ගත්තේ " මෙවැනි ජීවිතයකට වැඩ මරණය යහපත් යයි " තම දින පොතේ සටහන් කරමිනි.

ජීවිතය සුන්දරයි වෙනුවෙන්
මුතුමුදලිගේ නිස්සංක

මෙය යාළුවන් සමගත් බෙදා ගන්න ගමන් ඔබේ කාලයෙන් මොහොතක් ගතකොට අපේ පේජ් එකට ලයික් එකක් දමන්නත් කාරුණික වන්න
Page - http://www.facebook.com/​JeewithayaSundarai

Wednesday, July 4, 2012

මිල්ටන් මල්ලවාරච්චිගේ නොකියූ ආදර කතාව

සුවිසල් මැදුරේ විදුලි ආලෝකයෙන් පළාතම එළියවී ඇත .. කලකට ඉහත ඉතා දුගී ජිවිතයක් ගතකල මුදලාලි දැන් වියාපාරික ලොවේ දැවැන්තයෙක් වී හමාරය . එය ඔහුගේ කැපවීම සහ වාසනා ගුණයේ ප්‍රතිපලයකි . කොතරම් ඉහල තලයක සිටියත් නිතරම මොහු පැදුරු සජ්ජ කණ්ඩායම්. නිවසට ගෙන්වා සාජ්ජ පැවැත්වීම පුරුද්දක් කරගෙන සිටියේය. ඒ මොහු ඉතාම තදින් සංගීතයට ඇලුම් කල බැවිනි .. එබැවින් සතියකට සැරයක්වත් මෙම නිවසේ පැදුරු සජ්ජයක්‌ පැවැත්වීම අනිවාර්යයෙන් සිදුවිය...

ඔහුගේ දුව අපි ඇය මධු යනුවෙන් හදුන්වමු.. මධු සංගීතයට අලුම්කලේ නැත . පියාගේ මේම ආසාව කමකට නැති පිස්සු වැඩක් ලෙස ඇය සිතුවය . තම පියා ඔහුගේ තත්වයට නොගැලපෙන දෙයකට ඇබ්බැහිවී ඇතැයි සිතූ ඇය නිතරම ඒ පිලිබදව ඇගේ අකමැත්ත ප්‍රකාශ කළේය.. ඒ මෙන්ම තම නිවසට පැමිණෙන පැදුරු සාජ්ජ කණ්ඩායම් ඇය නොරිස්සුවේය... අඩු තරමින් ඇය සාජ්ජ බැලීමටවත් ගියේ නැත

පැදුරු සජ්ජයක්‌ පැවැත්වෙන දිනක ඇය .. උඩුමහලේ බැල්කනියට වී හුදකලාව සිටි අතර නිවස තුල සජ්ජයේ සාමාජිකයෙක් ව්සින් ගායනා කල මනරම් හින්දි ගීතයක් ඇයට යන්තමින් ඇසුනි.. ඇය එම ගීතයට ප්‍රිය කලාය.. එම ගීතයෙන් පසුව එම ගායනා කණ්ඩායමේ සමාජිකය තවත් මියුරු හින්දි ගීත කිහිපයක් ඒක දිගටම ගයනා කලේය .. ඔහුගේ මියුරු හඩ ඇගේ සිත් ගත් අතර ඇය එම හඩට ප්‍රිය කලාය..

එදා සිට ඇය එම හඩ ඇසෙන දින වලට . සදලුතලයට ගොස් ඔහු ගයන ගීත රස විදීමට හුරුවී සිටියේය . එහෙත් තවම ඇය ඔහුගේ රුව දැක නැත.. දිනක් ඇයට මේම ලයාන්විත කටහඩක් හිමි පුද්ගලයා කව්දැයි බැලීමට ආශාවක් ඇතිවිය.. ඔහු ගීතයක් ගයන විට උඩු මහලේ සිට සාජ්ජය දෙස බැලුවේ ඔහු කව්දැයි දැක ගැනීමේ ආශාවෙනි...

දෑස් පියාගෙන දැහැනට සමවැදුනු අයුරින් ගයනා කරන . කොණ්ඩය පොකුටු සුදු උස තරුණයෙක් ඇයට දැක ගැනීමට හැකි විය . ඔහුගේ රුවද ඇයගේ සිත් ගත්තේය .. එදා සිට ඇය එම හඩටද හඩ හිමි තරුණයාටද සිතින් පෙම් කිරීම්ට පෙලබුනි .. ඔහු ගී ගයන සැම දිනකම උඩු මහලේ සිට ඔහු දෙස බලාගෙන සිටීම ඇයගේ පුරුද්දක් වී තිබුණි .

දිනක් ගයනා කරන විට අහම්බෙකින් ඔහුට ඇයව දැක ගැනීමට හැකිවිය . තමන් දෙස දැඩි උවමනාවෙන් බලා සිටින රුවැත්තිය දෙස ඔහුත් බැලුවේය . දෙදෙනාගේම සිව් නෙත් එකට යාවුනි . ඇය සිනාසුනි ඔහුත් පෙරලා ඇයට සිනාසුනි ඒ නෙත් වල සංසාරගත බැදීමක් ඔහු දකින්නට ඇත .. එත් ඈ කාගේ කව්දැයි ඔහු නොදනී...

“ මේ වගේ දිනක් නෑ එන්නේ - ඈ කොහේ ලදක් දෝ නෑ දන්නේ...
පෑ රිදී සිනා කැන් ඒ දෑසේ - මා සිතින් මැකිලා යා නොවේ ....”

එදා සිට පැදුරු සාජ්ජ පැවැත්වෙන සැම දිනකම ඔවුන් දෙදෙනා නෙත් වලින් කථා කලෙය .සිතින් දෙදෙනාම දෙදෙනාට ආදරය කළේය . තවත් මෙය සිත තුල සිරකරගෙන සිටීමට අපොහොසත් වූ ඇය ලිපියකින් මෙය ඔහුට දැන්වූයේය.. එහෙත් තරුණයා එය පිළිගැනීමට බිය විය . එයට හේතුව මුදලාලිගේ සිතුම් පැතුම් ගැන ඔහු දැනසිටි නිසා විය යුතුය . තමා වැනි දුප්පත් තරුණයෙක්ට ඔහු තම දියණිය සරණපාවා දීමට කිසි දිනෙක කැමැති නොවන වග ඔහු දැන සිටියා විය හැක.

එහෙත් අවසානයේ ඇය ජය ගත්තාය .. ඇයගේ බලවත් පෙරැත්තය මත ඇගේ ආදරය පිලි ගැනීමට ඔහුට සිදු විය . කිසි දිනෙක ඔහුව අතහැර නොයන බවට ඇය පොරොන්දු විය.. කෙදිනක හෝ ඇයව විවාහ කර ගන්නා බවට ඔහු පොරොන්දු විය..

“දිනක රන්සළු පලදා සද නැගී හෝරාවෙන් ....
පැමිණ ඔබ ගෙන යමි කුමරියේ පෙම් දෝලාවෙන් ......................”

දෙදෙනාගේ ප්‍රේමය කාටත් රහසේ බොහෝ කාලයක් දළුලා වැඩුනි.. එහෙත් වැඩි කාලයක් ලොවට රහසේ මෙම පෙම් පලහිලව්ව පවත්වාගෙන යාමට දෙදෙනාට හැකියාවක් ලැබුනේ නැත.. ආදරයත් කැස්සත් වසන් කල නොහැකියි යන කියමන සනාථ කරමින් ඔවුන්ගේ රහස පියාට දැනගැනීමට ලැබුණි ..
මෙය දැනගත් විට මුදලාලි යක්‍ෂාවේශ විය.. ඔහු දෙදෙනාටම නවත්වන ලෙස තදින් අවවාද කළේය.. මෙය නතර කිරීමට ඔහු නොගත් උත්සහයක් නැත.. ඔහු දියණියට නිවසින් එලියට යාම පවා තහනම් කළේය.. එහෙත් ඔවුන් දෙදෙනාගේ සිත් වල ඇති ප්‍රේමය තහනම් කිරීමට පියා අපොහොසත්ය..

“මගේ පාලු ලෝකයේ තනිවූ මේම ... සක්විති රජුන් හමුවේ නැත හිසනම ..
සිතුවිලි මගේ හසුරා ගතහැක නමා .. මට දුක හිතෙන්නේ ඔබ ගැන තමා ..”

මේ සම්බන්දයෙන් මුදලාලි ගත් සියළු පියවර අසාර්ථක විය . තරුණයාට කොයි තරම් අවවාද කලත් තර්ජනය කලත් පලක් නොවුනි .. අවසානයේ දියණිය කාමරයේ සිරකළ අතර .. පැදුරු සාජ්ජ කණ්ඩායම සමග නිවසට එන මේම තරුණයාට නැවත නිවසට ඒම තහනම් විය.. එදා සිට ඔහුට සුවිසල් මැදුරේ දොර වැසුනි..

“ මැදුරේ දොරගුළු ලු නියා ... අදුරේ මා තනිවූ නියා...
මට සිහිවෙනවා .. මේ දැන් වාගේ නෑ මා හැඩුවේ එදා...
රන්මසු නැහැ කියා මා දිලිදුයි කියා කිවා....මට තව මතකයි ඒවා ...”

තමන්ගේ දුප්පත් කම නිසා මුදලාලි මෙම සම්බන්දයට කැමැති නොවන බව ඔහුට වැටහුනි.. එහෙත් කිසි දිනෙක ඇයව අමතක කිරීමේ හැකියාවක් ඔහුට නැත..

මේ අතර පියා ඔහුට හැකි උපරිමයෙන් ක්‍රියා කලත් දෙදෙනාගේ සිත් වෙනස් කිරීමට ඔහුට නොහැකි වීය.. සියලු වෑයම් අසාර්ථකවී හෙම්බත්වී සිටි මොහුට .. අමුතුම උපායක් කල්පනාවිය. එතැන් පටන් ඔහු ක්‍රියා කලේ වෙනස් ආකාරයකටය . මෙතුවක් ක්‍රියා කල ආකාරය සහමුලින්ම කණපිට පෙරලුනා වැනිය.. නැවතත් සංගීත කණ්ඩායම සමග තරුණයාට නිවසට ඒමට අවසර ලැබුණි .. මෙතෙක් නිවාස අඩස්සියේ සිටි තරුණියට ද ක්‍රම ක්‍රමයෙන් තම සුපුරුදු නිදහස බුක්ති විදිමටද අවකාශය ලැබුණි..

මෙයින් උපරිම ප්‍රයෝජන ගත් පෙම්වතුන් නැවතත් ප්‍රේමයෙන් වෙලුනි මෙතෙක් ඔවුන්ට තිබු එකම බාදකයත් තුරන්වී ඇති බැවින් දැන් ඔවුන්ට බිය වීමට කිසිම හේතුවක් නැත .. මේ අතර පියා මොවුන් දෙපලට ගේ එක්වීමට තමන්ගේ අකමැත්තක් නැති බව ප්‍රකාශ කලේය ..

එහෙත් තරුණයාට පියාගේ පොරොන්දුවකට යටත් වීමට සිදුවිය . තරුණයත් ඔවුන්ගේ මට්ටමට සමාන තරමක පොහොසතෙකු වීය යුතු බවත් පැවසූ පියා එතෙර රටක රැකියාවක් ඔහුට සොයාදී එහි පිටත් කළේය .. නැවතත් වසර කිහිපයකින් සිය රටට පැමිණි පසු විවාහය සිදු කර දෙන බව පැවසුවේය .. දෙමාපිය අසිර්වාදය ඇතිව එක් වීමට ලැබීම බග්‍යක් ලෙස සිතු දෙදෙනා එයට කැමැති වීය .. නැවත සිය රටට පැමිණ ඇයගේ අත ගැනීමේ බලාපොරොත්තුව ඔහු වෙනත් රටකට යාමට ගුවන්තොටුපොළ බලා පිටත්විය ...

“ඒදා රැ ගුවන්තොටු පොලේදි මා ...
වෙන්වී ගියේ..... සිතකින් නොවේ ......’

දුරු රටක තනිවී සිටියත් ඔහු එය සතුටින් විද ගත්තේ . සියලු දුක් දොම්නස් විදින්නේ ඇය නිසා බව සිතමිනි.. එම කාලයේ පණිවිඩ යැවීමේ ප්‍රධානම ක්‍රමය වුයේ ලිපි මාර්ගයෙනි ඔහු ඉඩ ලැබෙන සැම විටම ඇයට ලිපි ලීවේය .. ඇයගෙන් ලිපි එනතුරු මග බැලුවේය .. එහිදී ඔහුගේ එකම සතුට වුයේ ඇය සිහි කරමින් ලිපි ලිවීමයි..

“ මධු මල ලෙස මුදු මගේ ප්‍රියදර මිහිරාවිය වෙතටයි ...
ඔබ සිහි කර කර ..ඔබට ලියන ඒක මට ඇති ඒක සතුටයි ....


එහෙත් වැඩි කාලයක් දෙදෙනාට ලිපි ගනුදෙනුව කිරීමට ඉඩ ලැබුනේ නැත . පියා ඒ වන විට ඔහුගේ සැලැස්ම ක්‍රියාවට නංවමින් සිටියේය .. ඔහු දියණියගේ නමට එන ලිපි ඇයට ලැබෙන ඒක වැළකුවේය.. එමෙන්ම ඇය විසින් තැපැල් කරන ලිපි ඔහුට නොයන ලෙස ඔහුගේ බලපුලුවන් කාරකම් ප්‍රයෝජනයට ගනිමින් වැළකුවේය..


කිසිදු තොරතුරක් දැනගැනීමට නොහැකිව අසරණව සිටින දියණියගේ සිතට විසබීජ දැමීමට පියා පටන් ගත්තේ එතැන් සිටය.. ඔහු වෙනත් තරුණියක හා හාද බව පවසමින් දියණියගේ සිත වෙනස් කිරීමට උත්සහ කල පියා අවසානයේ ජය ගත්තේය .දියණියගේ සිත වෙනස්වූ විගස එයින් ප්‍රයෝජන ගන්න සිතු . පියා තම පවුලට ගැලපෙන තරුනයෙක්ව ඇයට යෝජනා කළේය .. දැඩි ලෙස කලකිරීමට පත්ව සිටින තරුණිය එම යෝජනාවට කැමැති වීය... බලන්න පිවිතුරු ආදරයක් දෙකඩ කරමින් මුලාව ජයගත් අපුරුව...


මේ අතර කිසිදු තොරතුරක් දැනගැනීමට නොහැකිව සිටි තරුණයාට අවසානයේ දැනගැනීමට ලැබෙන්නේ ඔහු පනමෙන් ආදරය කල තරුණිය පොහොසත් තරුණයෙකු හා ලගදි විවාහවීමට යන බවයි .. මෙයින් දැඩි දුකට පත් තරුණයාට කල හැකි කිසි දෙයක් නැත .. ගිවිසුම් කාලය අවසාන වනතුරු නැවත සිය රට බල යාමටද ඔහුට හැකියාවක් නොමැත .. ඉතාමත් දුක්බිත වූ තරුණයාට කළහැකි එකමදේ සිතින් ඇයට සුභ පැතීම පමණි....

“අදහෙට ඔබ මා අතහැර යනබව දැනගන්නට ලැබුනා - රහසින් මට ඇසුණා..
ඔබ රවටා නැත .. ඔබ හඩවා නැත ...
දැන දැන මා නම් වැරදිකරේ නැත ...
ඔබ ගැන මට පුදුමයි .....
වෙනසක තතු නොහැගෙයි....


එයිට කාලයකට පසු ඔහු නැවත මව් රටට පැමිණියත් ඒ වනවිට ඔහුගේ පෙම්වතිය විවාහවී අවසානය... එහෙත් දිනක් දෙදෙනා අහම්බෙන් මුණ ගැසී කතා කරනවිට තමයි ඔවුන් දෙදෙනාටම වැටහෙන්නේ පියා තමන්ව මුලා කර ඔහුගේ අදහස ඉටු කරගත් වහ... එහෙත් දැන් ඔවුන්ට කල හැකි යමක් නැත දුක දරාගෙන වෙන්වීම හැරෙන්නට ඇය දැන් විවාහකය ..

“අවසර නැත මට ඔබේ අත ගන්නට බැමි බැද ඇත ලොව සතර දෙසින් ...
එනමුදු උපදින හැම බවයකදිම මම ඔබ හිමිකර ගනිමි ලදේ ...

පසුව ඔහු ඉතාමත් ජනප්‍රිය ගායකයෙක් බවට පත් වෙනවා .. ඔහුගේ ලයාන්විත කට හඩට දහස් ගනන් ජනතාව ආදරය කරනවා .. එහෙත් ප්‍රථම ප්‍රේමයෙන් පරාජයවී ලැබූ අත්දැකීම මනසින් මැකීමට ඔහු අපොහොසත් එම නිසාමදෝ ඔහු මත්පැන් පානය කිරීමට පෙලබෙනවා... ඒ මෙන්ම ඔහු ගයනා කල ගීතවල ඔහු විදි විරහව කැටිවී තිබෙනවා හරිම අපුරුවට..

අවසානයේ මේ අග්‍රගණයේ පුද්ගයා අසනීපවී මිය යනවා.. එයත් හරි අපුරු සිදුවීමක් විදියට මක්නිසාදයත් ඔහු මියයන්නේ ඔහු පනමෙන් ආදරය කර ඔහුට හිමිකර ගැනීමට නොහැකිවූ පෙම්වතියට අයිති නවලෝක රෝහලේ රෝහල් කාමරයක් තුල ඇයගේ ඇස් ඉදිරි පිටදීම වීමයි ..


මරු කතරේ මිනිස්‌ පුරේ
කොතැනක වේවා
මෙතේ බුදුන් පාමුල ඔබ
නෙළුමක්‌ වේවා.....


මෙයි කතෘ අයිතිය http://chami4u.blogspot.com/2012/07/blog-post.html සතුවන බව සලකන්න.

මෙය යාළුවන් සමග බෙදා ගන්න අතරම අපේ පිටුවට LIKE එකක් දැමීමටත් කාරුණික වන්න http://www.facebook.com/JeewithayaSundarai


Monday, July 2, 2012

ලෝකය ගැන ලෝකයක් වටින දේවල් ටිකක්




ලොකයේ විශාලතම රට – අතීත සෝවියට් දේශය
ලොකයේ කුඩාම රට – වතිකානුව
ලොකයේ විශාලතම දූපත – ග්‍රීන් ලන්තය
ලෝකයේ කුඩාම දූපත – නවුරු හා අයෝජිමා දූපත්( ශාන්තිකර සාගරයේ)
ලෝකයේ වැඩිම ජන ගහනයක් ජීවත් වන රට – චීනය
ලෝකයේ අඩුම ජන ගහනයක් ජීවත්වන රට – වතිකානුව
ලෝකයේ රටවල් වැඩිම මහද්වීපය – අප්‍රිකා මහද්වීපය
ලෝකයේ විශාලතම ඇල – සෙන්ට් ලෝරන්ස් (කැනඩාව හා ඇමරිකාව අතර)
ලෝකයේ විශාලතම අභය අභය භූමිය – කෘරූගර් අභය භූමිය (අප්‍රිකාව)
ලොකයේ විශාලතම මුහුදු බොක්ක – බෙංගාල බොක්ක
ලොකයේ වියලිම ස්ථානය – ඩිලි රටේ ඇරිකාවලය
ලොකයේ අනර්ඝම සුවඳ විලවුන් නිපදවන නගරය – පැරීසිය
ලොකයේ පැරණිම චිත්‍රය ඇත්තේ ප්‍රංශයේ ඩොඩොන් වලින් සොයාගත් ලෙන් වලයි
ලොකයේ පැරණිම කෞතුකාගාරය – ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියා නගරයේ ය.වසර 2300 පමන පැරණිය
ලොකයේ පැරණිම සාහිත්‍ය ග්‍රන්ථය – ඉන්දියාවේ ඍග්වේදය
ලෝකයේ පැරණිම කෘෂිකර්මාන්තය පැවති රට – බැබිලෝනියාව(ඉරාකය)
ලෝකයේ පැරණිම අගනුවර – සිරියාවේ ඩැමස්කසය
ලෝකයේ කුඩාම මත්ස්‍යා – පිලිපීනයේ පිග්බි ගෝබිය
ලෝකයේ කුඩාම කුරුල්ලා – බී හමින් බර්ඩ්ය.
ලෝකයේ කුඩාම සමනලයා – අප්‍රිකාවේ ඩිවොස් බ්ලූය
ලෝකයේ කුඩාම කෘමියා – අප්‍රිකාවේ ගොලයත්ය.
ලෝකයේ වැඩිම වේගයෙන් පියාඹන කුරුල්ලා – ස්පයින්ටෙල් නම් වැහිලිහිණියා
ලෝකයේ වැඩිම රටවල් ගනනක වගා කරන බෝගය – තිරිඟු
ලෝකයේ වැඩිම සාමජික සංඛ්‍යාවක් ඇති සත්ත්ව වර්ගය – කුහුඹුවන්ය
ලෝකයේ මිල අධ්කම ලෝහය – රේඩියම්
ලෝකයේ බර වැඩිම සත්ත්වයා – නිල් තල්මසා ය.
ලෝකයේ වේගවත්ම සත්ත්වයා – චීටා
ලෝකයේ විශලතම බිජු දමන පක්ෂියා – පැස්බරාය
ලෝකයේ වැඩිම චිත්‍රපට නිපදවන රට – ඉන්දියාව
ලෝකයේ වැඩිම භාෂා ගනනකට පරිවර්ථනය වූ කෘතිය – බයිබලය
ලෝකයේ දිගම උමග – ජපානයේ සෙයිකාන් උමග
ලෝකයේ දිගම දුම්රිය මාර්ගය – සයිබීරියන් දුම්රිය මාර්ගය සැ.6000
ලෝකයේ දිගම පත්‍ර ඇති ගස – ඇමේසන් වනයේ උණ ගස් ය
ලෝකයේ දිගම වලිගය හිමි පක්ෂියා – ජපානයේ ඔනගදෝරි පක්ෂියා (දිග මී.11)
ලෝකයේ උසම සත්වයා – ජිරාෆ්ය.
ලෝකයේ උසම දාගැබ – බුරුමයේ ‍රැන්ගුන් නුවර පිහිටි ස්වේදගන් චෛත්‍ය