Saturday, June 23, 2012

අප වෙසෙන මන්දාකිණිය අසල්වැසි මන්දාකිණියත් සමග ගැටෙන බව සනාථයිලු ....





ප වෙසෙන මන්දාකිණිය වන ක්ෂීරපථය අසල්වැසි ඇන්ඩ්‍රෝමීඩා මන්දාකිණිය සමග ගැටෙන කාල වකවානුව නිර්ණය කළ බව විද්‍යාඥ කණ්ඩායමක් පවසයි. හබ්ල් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් නිරීක්ෂණයන්හි යෙදුණු එම විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ, වසර බිලියන 4ක පමන කාලයකදී මන්දාකිණිය දෙක ගැටී එකක් බවට පත්වනු ඇති බවයි.


මෙහිදී සූර්යාගේ පිහිටීමට බලපෑමක් එල්ල විය හැකි වුවත් සෞරග්‍රහ මණ්ඩලය විනාශ වීමට පවතිනුයේ සීමිත ඉඩක් පමනක් බව ද විද්‍යාඥවරු පවසති.

රාත්‍රි අහසේ බොකුටුවූ චිත්‍රයක් ලෙසින් දිස්වන ඇන්ඩ්‍රෝමීඩා මන්දාකිණිය තාරකා විද්‍යාඥයින් හඳුනාගනු ලැබුයේ, මිට වසර දහසකට පමන ඉහතදීය.

එය විශ්වයේ ක්ෂීරපථයට අලෝක වර්ෂ මිලියන 2.5ක පමණ පරතරයකින් පිහිටා ඇති බව සැලෙකෙයි.

Kello


1. තමාගේ පෙනුම කොයි වගේද කියන ප්‍රශ්නයට කෙල්ලෝ බලාපොරොත්තු වෙන්නේ අවංක පිළිතුරක් නෙවෙයි. තමන්ව සතුටු කරන පිළිතුරක්.

2. සෞදි අරාබියේ කාන්තාවකට දික්කසාදය ලබගැනීමට තම ස්වාමියා තමාට බීමට කෝපි ලබාදීම ප්‍රතික්ශේප කිරීමත් ප්‍රමාණවත් හේතුවක්

3. ඉතාලියේ මේරි යන නම ඇති කාන්තාවන්ට ගණිකා වෘත්තියේ යෙදීම නීතියෙන් තහනම්

4. අර කෙල්ල ලස්සනද කියලා කෙල්ලෙක් අහුවොත් කෙල්ල බලපොරොත්තු වෙන්නේ අවංක පිළිතුරක් නෙවෙයි.



5. ලෝකයේ වැඩිම සහ දෙවන IQ ලකුණු වාර්තා කර ඇත්තේ කාන්තාවන් විසිනුයි

6. කෙල්ලෝ කවදාවත් තමුන් වැරදියි කියල හිතන්නේ නෑ, එයාලා හිතන්නේ හැමවිටම කොල්ලන් සමාව ගත යුතුයි කියලයි

7. කෙල්ලෙක්ගේ නානකාමරයේ තිබිය හැකි සාමාන්‍ය භාණ්ඩ ගණන 437 ක් වන අතර මින් බොහෝ දේවල් පිරිමියෙක්ට අඳුනාගැනීමට නොහැකි දේවල් වෙනවා

8. පිරිමියෙක් දින 7ක ගමනක් යන විට ඇඳුම් කට්ටල 5ක් පමණ රැගෙන යන අතර ඇඳුම් 2ක් දෙවරක් බැගින් අඳිනවා. කාන්තාවක් එම ගමන යනවිට ඇඳුම් 21ක් වත් රැගෙන යන අතර එසේ කරන්නේ එක් එක් දවසේ තමාට අඳින්න ආසා හිතෙන්නේ කොයි ඇඳුමද කියා හිතාගැනීමට නොහැකිවයි.


Wednesday, June 20, 2012

අරුම පුදුම හත....හතේ බලේ






ගණිත ශස්ත්‍රයේ මූලාරම්භකයින් වන බැබිලෝනියනුවෝ සහ ඇසිරියවරුන් එදා ඔවුන්ගේ සෑම ප්‍රධාන කාර්යයකදීම හතට ප්‍රධාන තැන දී සියලුම කාර්යයන් හතෙන් අවසන් කිරීමට පුරුදුව සිටි බව පැරණි ඉතිහාස ග්‍රන්ථ පරික්ෂා කරන විට පෙනෙයි....

මෙම හතේ බලය පැහැදිලි අවබෝධයක් ලබා ගෙන සිටි පුරාණ ග්‍රීකයන් තමන් සිටින දිශාව හැර අනික් හත් දිශාවටම නමකාර කිරීමට පුරුදුව සිටියහ....තමන්ගෙන් අයෙකු මරණයට පත් වූ විට නැවත වෙනස් ස්ථාන හතක උප්පත්තිය ලබන බව ඔවුන් තුල විශ්වාසයක් තිබින.තවද මියගිය පුද්ගලයා වෙනුවෙන් විවිධ අවමන්ගල්‍ය චාරිත්‍ර විධි පැවත්වූහ....එසේම මිසරයේ පාලනය කළ පාරාවෝ රජවරුද හත පිළිබදව විශ්වාසයක් තැබීය....

මෙම හත පිළිබදව වූ අසීමිත විශ්වාසය නිසා ග්‍රීකයන් මියගිය විට පුද්ගලයෙකුගේ සිරුර බෙහෙත් ගල්වා දින හතක් නිවස තුළ තබා හැනීමටත්,එයට පසු සත් දිශාව පැදකුණු කර මළසිරුර සොහොන් ගෙයක තැන්පත් කිරීමටත් ,එම සොහොනේ ගෙය තුල බළලුන් හත් දෙනෙකු තැබීමටත්,එසේම එම සොහොන් ගෙය පැති හතේ මල් පැළ හතක් සි‍ටුවා තැබීමටත් පියවර ගත් හ....

ග්‍රීසියේ පුනර්ජීවයක් ඇතිවූයේ බුද්ධිමත් පුතුන් හත් දෙනෙකුගේ උත්සහය නිසා බවට ඔවුන් තුළ විශ්වාසයක් තිබින...එසේම අතීතයේ රෝම නගරය වටා උස් කදු වැටි හතක් පිළිබදව අපූර්ව කතා ඔවුන් අතර තිබීය......

ආගමික නායකයන් හා සම්බන්ධ ජීවිත සිද්ධීන් පිළිබදව සැලකීමේදී ද හත සම්බන්ධව වී ඇති බවක් පෙනී යයි......

බුද්ධ චරිතය දෙස බැලීමේදී,සිදුහත් කුමරු මව් කුසින් බිහිවී මිහිතලය මත පියතබන අවස්ථාවේදී නෙළුම් මල් හතක් පුබුදු වූ බවත් බිළිදු කුමරු නෙළුම් මල් මත සත් පියවරක් තැබූ බවත් කියැවෙයි...දුෂ්කර ක්‍රියා කල බුදුන්වහන්සේ බුද්ධතවයට පත් වුයේ හත් වන වසරේදි ය......උන් වහන්සේ සත් සතියක් ගත කළේද ඉන් පසුව ය..

එසේම ජේසුතුමාගේ චරිත කතාව විමසීමේ දී එතුමා කුඩා කාලයේදී සත් දවසක් නැතිවී සිටිබව පැවසේ......එසේම ජේසු තුමා කුරුසුයේ මරණයට පත් වූ මොහොතේ ආශ්චර්යයන් හතක් සිදු වූ බව සදහන් ය.....

සමහර ඓතිහාසික කරුණු පිළිබදව විමසීමේදී...සොලමන් රජතුමාගේ ඓතිහාසික දේව මන්දිරයෙහි ස්වර්ණමය ඉටිපන්දම් හතක් මෙන්ම,ශුද්ධ වූ ග්‍රන්ථ හතක් තිබූ බවත් පූජකවරුන් හත් දෙනෙක් ඒවාට දිනකට හත් වරක් සුවද දුන් ඇල්ලූ බවත් ඉතිහාසයේ සදහන් වේ....

කුස රජතුමා පබාවතී දේවීය ලබාගැනීම සදහා විවිධ දුක් කම්කටොළු විදිද්දී,ඇය ලබා ගැනීමට රජවරුන් හත් දෙනෙකු ශක්‍ර දේවේන්ද්‍රයා එවූ බව පැරණී සාහිත්‍ය ග්‍රන්ථ වල සදහන් වෙයි......

එසේම උමන්දාවෙහි දැක්වෙන ලෙස දික්තලාව ලබාගැනීම පිණිස කාල ගෝලයා හත් වසරක් කඹුරණ ලද බව කියැවේ.....

බුදුවරුන් පස්දෙනෙකු පහළ වීමෙන් පසු කාලීනව කල්ප විනාශයේදී ඉරවල් හතක් පායා,වැසි හතක් වැස්ස පසු ලෝක විනාශය සිදුවේ යයි බොහෝ මිනිසුන් ඈත අතීතයේ පටන් විශ්වාස කරයි.....

යමෙකු මියගිය විට හත් දවසේ දානය දීම,කිරිමව් වරුන් සදහා භාර ඔප්පු කිරීමේදී කාන්තාවන් හත් දෙනෙකු කැදවීම,තොවිල් පවිල් කටයුතු කිරීමේදී හත් මාළුව උයා,ත‍ටු හතක යකුන් සදහා කැප කිරීම වැනි,චාරිත්‍ර විධි බැලීමේදී ද වෙනත් ඉලක්කම් වලට වඩා හතේ ඉලක්කම කෙරෙහි විශේෂ අවධානයක් තිබුනු බව පැහැදිලි වේ.....

දෙදෙනෙකු විවහපත් වන විට ඔවුන්ගේ අනාගත යුග ජීවිතයේදී මතුවන ප්‍රශ්න පිළිබදව ජ්‍යේතිෂයට අනුව කරුණු පැහැදිලි කරන්නේ කෙන්ද්‍රයේ හත් වන කො‍ටුව පරික්ෂාකර බලාය......

කාඩ් කූට්ටමේ හතේ ඉලක්කමට ද එයින් ක්‍රිඩාකරන්නන් අතර විශේෂ සැලකිල්ලක් ඇත...ඔවින් එය හදුන්වන්නේ වාසනාවන්ත හත යනුවෙන් ය....

Wiki

විකිපීඩියා වෙබ් අඩවිය පොතක් ලෙස මුද්‍රණය කළහොත් එය කියවීමට වසර සියයකට වඩා ගතවන අතර එය පිටු මිලියන 3 කටත් වඩා වැඩි වෙනු ඇත ...


Monday, June 11, 2012

විකට රජු ප්‍රෙඩීගේ පුත් ජනේෂ් සිල්වා අදිස්සියේ අභාවප්ප්‍රාප්ත වෙයි.




නැසීගිය ප්‍රවීන විකට නළු ෆ්‍රෙඩී සිල්වාගේ පුත් ජනේෂ් සිල්වා ඊයේ (10 වැනිදා) පෙරවරුවේ මිය ගියා.

පසුගිය කාලයේදී පිළිකා රෝගයට ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මියගොස් ඇත්තේ කොළඹ ජාතික රෝහලේදීය.


මියයන විට 50 හැවිරිදි වියේ පසුවූ ජනේෂ් තම පියාගේ අඩිපාරේ ගොස් විකට චරිත රඟපාමින් සිංහල චිත්‍රපට කිහිපයකටම සිය දායකත්වය ලබාදී තිබ්ණි.

දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බදාදා (13 වැනිදා) සිදු කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙනවා.
ඔහුට අපි නිවන් සුව පතන්නෙමු. මෙය ඔයාලගේ පිටුවෙත් පළකර ඔහුට ඔබගේ ප්‍රණාමය දක්වන්න.

. http://www.facebook.com/JeewithayaSundarai


Sunday, June 10, 2012

කාන්තාවන් සෝදිසි කිරම


කාන්තාවන් සෝදිසි කිරම

කාන්තාවක සෝදිසි කිරම කාන්තා නිලධාරිනියක විසින්ම කළ යූතුය.
(අපරාධ නඩූ විධාග සංග්‍රහය 30 වගන්තිය)

කාන්තාවන් රඳවා තැබීම
කාන්තාවක රඳවා තැබිය යූත්තේ කාන්තා සිරමැදිරියක කාන්තා නිලධාරිනියක භාරයේ පමණකි.

බහූ විවාහ

එක් කාන්තාවක විවාහ කරගෙන සිටියදී තවත් කාන්තාවක හා විවාහ වීම වරදකි.
බහූ විවාහයට අවූරුදු 10 දක්වා වන සිට දඬූවමක් පැනවිය හැකිය.
(දණ්ඩ නීති සංග්‍රහය 362 (බී) �362 (සී) වගන්තිය)

අවූ. 18 අඩූ පූද්ගලයන් අතර විවාහය

අවූරුදු 18 ට අඩූ පූද්ගලන් අතර විවාහ ලියාපදිංචි කිරම නීත්‍යනූකූල නොවේ.
වයස අවූ. 16 ට අඩූ දෑරියක තම පෙම්වතා සමග රහසේ විවාහ වූවහොත් එම පිරිමි ළමයාට විරුද්ධව ස්තී්‍ර දූෂණය නමැති වරදට නඩූ පැවරිය හැක.

දික්කසාදය
විවාහ වූ දෙදෙනාගේ කැමැත්තෙන් පමණක් දික්කසාද වීමට නීතියෙන් අවසර නැත.
දික්කසාදයක් ලබා ගත හැක්කේ ඒ සඳහා නීතියෙන් පිළිගත් හේතුවක් ඇත්නම් පමණකි.

ලිංගික අතවර

මගතොටදී - කවර හෝ ස්ථානයකදී කාන්තාවකගේ කැමැත්තට පටහැනිව, සිතා මතා කාන්තාවකගේ සිරුර ස්පර්ශ කිරම හෝ ඇය ලිංගික හිරිහැරයකට පත් කිරම ලිංගික අතවර කිරීමකි.
ඊට අවූරුදු 5 දක්වා වන සිර දඬූවමකින් හෝ දඩයකින් දඬූවම් කළ හැක.
(දණ්ඩ නීති සංග්‍රහය 345 වගන්තිය)
සේවා ස්ථානයේදී - සේවා ස්ථානයක බලධරයකු එහි සේවයේ නියූතු කාන්තාවකට ලිංගික හිරිහැරයක් ඇතිවන ආකාරයෙන් වදන් පැවසීිම හෝ හැසිරම ලිංගික අතවර කිරමකි.
දඬූවම් - අවූරුදු 5 දක්වා වන සිර දඬූවමක් හෝ දඩයක්
(දණ්ඩ නීති සංග්‍රහය - 345 වගන්තිය)
වාචික ලිංගික අතවර - කාන්තාවක ලිංගික හිරිහැරයකට හෝ ලිංගික අපහසූතාවයකට පත්වන ආකාරයේ වදන් පැවසීම ලිංගික අතවර කිරමකි.
අවූරුදු 5 දක්වා වන සිර දඬූවමකින් හෝ දඩයකින් ඊට දඬූවම් කළ හැකිය.
(දණ්ඩ නීති සංග්‍රහයේ 345 වගන්තිය)

ස්තී්‍ර දූෂණය
කාන්තාවකගේ කැමැත්ත නොමැතිව හෝ ඇය බිය ගන්වා හෝ ඇය සිහිවිකල්ව සිටියදී හෝ ඇය මත් වූ අවස්ථාවකදී හෝ ඇය අත් අඩංගුවේ සිටියදී ලබාගත් කැමැත්ත ඇතිව ඇය හා ලිංගික සංසර්ගයේ යෙදීම ස්ත්‍රි දූෂණයකි.
අවූරුදු 7 - 20 දක්වා වන සිර දඬූවමකට, දඩයකට හා වන්දි ගෙවීමට වරදකරු යටත් වේ. අවම සිර දඬූවම අවූරුදු 7 කි.
(දණ්ඩ නීති සංග්‍රහය 364 වගන්තිය)

කණ්ඩායම් දූෂණය
රංචූ ගැසී ස්ත්‍රියක දූෂණය කළහොත් ඊට වරදකරු වන එක්එක් පූද්ගලයා වසර 10 කට නොඅඩූ හා 20 ට නොවැඩි බරපතල වැඩසහිත සිර දඬූවමකට දඩයකට හා වන්දි ගෙවීමකට යටත් වේ.
(දණ්ඩ නීති සංග්‍රහය 364 වගන්තිය)


ස්ත්‍රි දූෂණය - බාලිකා
වයස අවූරුදු 16ට අඩූ බාලිකාවක සමග ඇගේ කැමැත්ත ඇතිව හෝ නැතිව ලිංගික සංසර්ගයේ යෙදීම ස්ත්‍රි දූෂණයකි.
වරදකරු අවූරුදු 10 ට නොඅඩූ අවම සිර දඬූවමකට හා දඩයකට මෙන්ම වන්දි ගෙවීමටද යටත් වේ. සිර දඬූවම අවූරුදු 20 දක්වා දීර්ඝ කළ හැකිය.
(දණ්ඩ නීති සංග්‍රහය - 364 වගන්තිය)

බරපතල ලිංගික අපයෝජනය
කාන්තාවකගේ කැමැත්ත නොමැතිව හෝ අනිසි ලෙස ඇයගේ කැමැත්ත ලබාගෙන ඇය සමග කුමන ආකාරයේ හෝ ලිංගික ක්‍රියාවක යෙදීම බරපතල ලිංගික අපයෝජනයයි.
ස්ත්‍රි දූෂණයට නියමිත දඬූවමට මෙයට ද පැවසිය හැකිය.
(දණ්ඩ නීති සංග්‍රහය 365 (ආ) වගන්තිය)


බාලිකාවන්ගෙන් අයූතු ලිංගික ප්‍රයෝජන ගැනීම
ලිංගික අපයෝජනයෙහි යොදා ගනූ ලැබීම සඳහා හෝ කිසියම් ආකාරයක ලිංගික ක්‍රියාවකට සහභාගිවීම සඳහා යම් ස්ථානයක රැඳී සිටීමට අවූරුදු 18 ට අඩූ බාලිකාවකට දෑන දෑනම ඉඩ දෙන පූද්ගලයෙක් ළමයින්ගෙන් අයූතු ලිංගික ප්‍රයෝ්ජන ලබා ගැනීමේ වරද සිදු කරයි.
අවූරුදු 5 ට නොඅඩූ 20 ට නොවැඩි සිර දඬූවමකින් හා දඩයකින් මෙයට දඬූවම් කළ හැකිය.


ව්‍යාභිචාරය
පියා හා දුව, මව හා පූතා සීයා හා මිණිපිරිය වැනි පැවත ඒමෙන්, විවාහයෙන් හෝ කුලවැද්දීමෙන් ළඟ නෑකමක් ඇති පූද්ගලයන් අතර සිදුවන ලිංගික සම්බන්ධතා ව්‍යාභිචාරයයි.
ව්‍යාභිචාරයට අවූරුදු 7 ක අවම අනිවාර්ය සිර දඬූවමකින් දඬූවම් කළ හැකි වරදකි.
(දණ්ඩ නීති සංග්‍රහය - 364 (අ) වගන්තිය)
අවූරුදු 16 ට අඩූ දෑරියක සමග ව්‍යාභිචාරයේ යෙදීම, අවූරුදු 15 ට නොඅඩූ අවම සිර දඬූවමකට යටත් වේ.
(දණ්ඩ නීති සංග්‍රහය 384 (3) වගන්තිය)

ප්‍රවෘත්ති පළ කිරම
ලිංගික අතවරයකට ගොදුරු වූ පූද්ගලයෙකු හඳුනාගත හැකි ආකාරයට ඒ පූද්ගලයා පිළිබඳ තොරතුරු ඒ පූද්ගලයාගේ කැමැත්ත නොමැතිව පළ කිරම අවූරුදු 2 දක්වා සිර දඬූවමකින් හෝ දඩයකින් දඬූවම් කළ හැකි වරදකි.
(දණ්ඩ නීති සංග්‍රහය 365 (අ) වගන්තිය)


ගණිකා වෘත්තියේ යෙදවීම
කාන්තාවක ඇගේ කැමැත්ත ඇතිව හෝ නැතිව ශ්‍රී ලංකාව තුළ හෝ පිටත ගණිකා වෘත්තියේ යෙදවීමට ලබාදීම කුටිටනය කිරමයි.
අවූරුදු 2 නොඅඩූ අවූරුදු 10 ට නොවැඩි සිර දඬූවමකින් හා දඩයකින් ඊට දඬූවම් කළ හැකිය.
(දණ්ඩ නීති සංග්‍රහය 360 (ආ) වගන්තිය)
කාන්තාවන් පැහැරගෙන යාම
අයූතු ලිංගික සංසර්ගය සඳහා කාන්තාවක ඇගේ කැමැත්තට පටහැනිව පැහැරගෙන යාම අවූ. 10 දක්වා සිරදඬූවම් ලැබිය හැකි වරදකි.
(දණ්ඩ නීති සංග්‍රහය 357 වගන්තිය)

ගෘහස්ථ සැහැසිකම්
බිරිඳට පහරදීමේ, වදහිංසා කිරමේ අයිතියක් සැමියාට නැත
එය දණ්ඩ නීති සංග්‍රහයේ 314, 315, 316, 317 වගන්ති යටතේ දඬූවම් ලැබිය හැකි සාපරාධි වරදකි.
ඊට එරෙහිව නීතියට අනූව කටයූතු කිරමේ, පොලිසියට පැමිණිලි කිරමේ අයිතියක් සෑම කාන්තාවකටම ඇත.
සැමියාගේ වදහිංසා, හිරිහැර, ඉවසා දරා සිටීමට කිසිම බිරිඳක් බැඳී නොසිටි.


යාළුවන් එක්කත් බෙදා ගන්න...

අපේ පේජ් එකටත් සෙට් වෙන්න. http://www.facebook.com/JeewithayaSundarai
http://muthumudalige-nissanka.blogspot.com/


ලොව කෙටි ම ලියුම් ගනුදෙනුව කළ වික්ටර් හියුගෝ


ලොව කෙටි ම ලියුම් ගනුදෙනුව කළ වික්ටර් හියුගෝ

ලෝක සාහිත්‍ය ඉතිහාසයේ විශිෂ්ටතම චරිතයක් ලෙස සැලකෙන වික්ටර් හියුගෝ උපතින් ප‍්‍රංශ ජාතිකයෙකි. ඔහු නවකතාකරුවකු පමණක් නොව කවියකු, නාට්‍ය රචකයකු, ඔපෙරා රචකයකු, චිත‍්‍රශිල්පියකු, නිදහස් චින්තකයකු, මානව හිමිකම් කි‍්‍රයාකාරිකයකු මෙන් ම ප‍්‍රකට දේශපාලන චරිතයක් ද විය. වික්ටර් මාරී හියුගෝ නමින් 1802 පෙබරවාරි 26 වැනිදා ප‍්‍රංශයේ දී උපන් ඔහු කුඩා කල දස්කම් පෑවේ කවියකු ලෙසය. ඒ ප‍්‍රාථමික පාසල් සිසුවකුව සිටියදීය. ඔහු මුලින් ම පළ කළේ ද කවි පොතකි. ඔහුගේ ඉතා දිගු සාහිත්‍ය ජීවිතය පුරා ම සෑම දිනකම පද්‍ය පේළි 100ක් ද ගද්‍ය පිටු 20ක් ද ලියන්නට සමත් වූ බව සඳහන්ය.

යොවුන් වියේ දරිද්‍රතාවෙන් බොහෝ සේ පීඩා විඳි ඔහු, 1822 ලියූ කවි එකතුවක් නිසා පැහැදීමට පත් ප‍්‍රංශයේ 18 වැනි ලූවී රජු ඔහුට වාර්ෂික විශ‍්‍රාමික පාරිතෝෂිකයක් ද පිරිනැමුවේය. රාජ්‍ය පාලකයන්ගේ ගෞරවයට පාත‍්‍ර වූ ඔහු ඇතැම් විටෙක රාජ්‍ය පාලකයන්ට එරෙහි ව අභීතව සටන් වැදුණු අවස්ථා ද බොහෝය. ඒ නිසා විටෙක ඔහුට සිය මවුබිමින් පිටුවහල් වී සිටීමට ද සිදු විය.
ඔහු ජීවත්ව සිටියදී පළ වූ පොත් සිය ගණනකි. එසේ ම ඔහු 1885 මැයි 22 වැනිදා මිය ගිය පසු පළ වූ කෘති ද තිස් ගණනකි. පැරීසියේ දී සිදු වූ ඔහුගේ අවමඟුලට විසි ලක්ෂයකට අධික ජනකායක් සහභාගි වූ බව සඳහන්ය.

ලෝක සාහිත්‍යයේ වඩාත් ප‍්‍රසිද්ධ චරිත දෙකක් වූ යාන් වැල්යාන් (‘ලෙ මිසරබ්ල’ නවකතාවේ ප‍්‍රධාන චරිතය) හා ක්වෝසිමොඩෝ (හන්ච්බෑක් ඔෆ් නොත‍්‍රඩම් - මේ පොත ‘ආදර ස්මෙරල්ඩා’ යන නමින් සිංහලෙන් පළවී තිබේ.) නිර්මාණය කිරීමෙන් ලෝක සාහිත්‍යය තුළ අමරණීයත්වයට පත් වූ වික්ටර් හියුගෝ නවකතා ගණනාවක් ම ලොවට දායාද කර තිබේ. ඔහු 1829 දී ලියූ මුල් ම පරිණත නවකතාව වූ ‘ලාස්ට් ඬේස් ඔෆ් ද කොන්ඩෙම්න්ඞ් මෑන්’ (මරණයට කැප කළ මිනිසකුගේ අවසාන දින කීපය) නම් නවකතාව ඇල්බෙයා කැමූ, චාල්ස් ඩිකන්ස්, ෆියඩෝර් දොස්තොව්ස්කි වැනි ලේඛකයන්ට ආභාසයක් වූ බව සඳහන්ය. සියවස් දෙකකට පමණ පෙර ඔහු මානව හිමිකම් පිළිබඳව මතවාදයක් ඇති කළේත් මරණ දඬුවම අහෝසි කරන්නට ලොව පුරා උද්ඝෝෂණයක් දියත් කළේත් එම කෘතියෙන් පසුවය. පීඩිත ජන ජීවිත ප‍්‍රධාන චරිතවලට යොදා ගෙන මිනිස්කම ගැන ප‍්‍රශ්න කරන්නට, සමාජ අසාධාරණයට හා අයුක්තියට එරෙහිව සටන් කරන්නට ඔහු පෙලඹුණේ මින් පසුවය. ‘මනුතාපය’ ්දීන දුක’ ආදි වශයෙන් සිංහලයට පරිවර්තනය කරන්නට යෙදුණු ඔහුගේ ‘ලෙ මිසරබ්ල’ නවකතාව පළ වූයේ 1862 දීය. පිටු 1200ක් වූ ඒ නවකතාව ලියන්නට ඔහුට වසර 17ක් ගත විය. එම නවකතාව ප‍්‍රකාශකයාට බාර දී විදේශගත වූ ඔහු ඒ පිළිබඳව ප‍්‍රකාශකයා සමග කළ ලිපි හුවමාරුව ලෝකයේ ප‍්‍රථම හා කෙටිම පණිවුඩ හුවමාරුව ලෙස සැලකේ.

ඔහු ප‍්‍රකාශකයාට යැවූ ලිපියෙහි සඳහන් වූ එකම ලකුණ වූ ‘?’ ප‍්‍රකාශකයාගේ පිළිතුර වූයේ ‘!’ යන්නය.

උපුටා ගැනීම මල් කැකුළු වෙබ් අඩවියෙනි

Wentworth Miller


" මේ සිරගෙදර බිත්ති වලින් පිටත සුන්දර ලෝකයක් තියෙනවා.ඒ සුන්දර ලෝකය ඔය එනකන් බලාගෙන ඉන්නවා සහෝදරයා.මගේ වගකීම ඔයාව මේ හිරගෙදරින් ඒ සුන්දර ලෝකයට ගෙනි යන එක"

මේ සිරගත වීමට පෙර මයිකල් විසින් තම සහෝදරයා ලින්කන්ට කියපු දේ.මුළු අග පුරාම පච්චයක් ගා ගෙන තමන්ගේ සහෝදරයාව මරණයෙන් බේරගන්න වුවමනාවෙන්ම සිරගත වෙන නිල්පාට ඇස් දෙකක් තිබුන , හැම කෙනෙකුටම වඩා තීක්ෂණ බුද්ධියක් තිබුන මයිකල්ව ඔයාලට මතකද ,අද අපි කතාකරන්නේ පරිසන් බ්රේක් නාට්‍යයේ මයිකල් ගැන.

මයිකල් ගේ ඇත්ත නම වෙන්වෝර්ත් මිලර් Wentworth Miller,ඉපදුනේ 1972 ජුනි 2 වෙනිදා එංගලන්තයේ ,ඔහුගේ මව ගේ පරම්පරාවෙන් ඔහු රුසියානු ප්‍රංශ ලන්දේසි වර්ගවලට අයත් මිශ්‍ර ජාතිකයෙක් එඅහෙත් ඔහුගේ පියාගේ පැත්තෙන් ඔහු එංගලන්ත අප්‍රිකානු සහ ජර්මානු පරම්පාර වන්ට හිමිකම් කියන්නෙක්.ඔහුගේ කඩවසම් පෙනුමට හේතුව මෙම මිශ්‍ර කම යයි කියන්නට පුළුවන්.ඔහු ඉංග්‍රීසි සාහිත්‍ය වෙනුවෙන් ප්රින්ස්ටෝන් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාදිය ලැබුවෙක්.

කොතරම් කඩවසම් උනත් සිනාමවේදී ඔහුගේ ගමන එතරම් ලේසි වුවක් නොවෙයි.1990 සිට නළුවෙක් ලෙස සිනමා වට අවතීර්ණ වෙන්න ඔහුට සැහෙන පරිශ්‍රමයක් දරන්නට වුන.අවරුදු කීපයක් කෙටි චරිත රග පෑ ඔහු මුලින්ම සිනමාවට අවතීර්ණ උනේ 2003 දී හියුමන් ස්ටේන් කියන චිත්‍රපටියෙන්.

මිලර් වැඩි පුරාම ජනාදරයට පත් උනේ ඔහු රග පෑ මාලා 4 කින් විකාශනය වුනු ප්රිසන් Prison break බ්රේක් නාට්‍යයෙන්.මේ නාට්‍යය 2005 වසරේ සිට 2009 වසර දක්වා තිරගත වුනු අතර එය කොටස් 100 කටත් ආදී සන්කයවකින් යුක්ත වුනා.මේ කතාව කොතරම් ජනප්‍රිය උනාද කියනවනම් prison break t shirt,Games පවා වෙළද පලට එන්නට පටන් ගත්ත.ඒ වගේමයි මෙම නාට්‍ය ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙලදී වගේම අනිකුත් බොහොමයක් සම්මාන උළෙලන් වලදී හොදම මාලා නාට්‍යට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවා.

මෙම නාට්‍ය අවසන් වෙන්නේ මයිකල් මොලයේ ස්නායු ආබදයකින් මියයන බව පසක් කරමින්.කෙසේ නමුත් මඅයිකල් ස්චොෆ්යිල්ඩ් (Michel Scofield )චරිතය අප අදවත් වල බොහෝ කාලයක් පවතිනු ඇති.

ජීවිතය සුන්දරයි පිටුවේ පළවූ පින්තුර සමහරක්