Sunday, June 10, 2012

Wentworth Miller


" මේ සිරගෙදර බිත්ති වලින් පිටත සුන්දර ලෝකයක් තියෙනවා.ඒ සුන්දර ලෝකය ඔය එනකන් බලාගෙන ඉන්නවා සහෝදරයා.මගේ වගකීම ඔයාව මේ හිරගෙදරින් ඒ සුන්දර ලෝකයට ගෙනි යන එක"

මේ සිරගත වීමට පෙර මයිකල් විසින් තම සහෝදරයා ලින්කන්ට කියපු දේ.මුළු අග පුරාම පච්චයක් ගා ගෙන තමන්ගේ සහෝදරයාව මරණයෙන් බේරගන්න වුවමනාවෙන්ම සිරගත වෙන නිල්පාට ඇස් දෙකක් තිබුන , හැම කෙනෙකුටම වඩා තීක්ෂණ බුද්ධියක් තිබුන මයිකල්ව ඔයාලට මතකද ,අද අපි කතාකරන්නේ පරිසන් බ්රේක් නාට්‍යයේ මයිකල් ගැන.

මයිකල් ගේ ඇත්ත නම වෙන්වෝර්ත් මිලර් Wentworth Miller,ඉපදුනේ 1972 ජුනි 2 වෙනිදා එංගලන්තයේ ,ඔහුගේ මව ගේ පරම්පරාවෙන් ඔහු රුසියානු ප්‍රංශ ලන්දේසි වර්ගවලට අයත් මිශ්‍ර ජාතිකයෙක් එඅහෙත් ඔහුගේ පියාගේ පැත්තෙන් ඔහු එංගලන්ත අප්‍රිකානු සහ ජර්මානු පරම්පාර වන්ට හිමිකම් කියන්නෙක්.ඔහුගේ කඩවසම් පෙනුමට හේතුව මෙම මිශ්‍ර කම යයි කියන්නට පුළුවන්.ඔහු ඉංග්‍රීසි සාහිත්‍ය වෙනුවෙන් ප්රින්ස්ටෝන් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාදිය ලැබුවෙක්.

කොතරම් කඩවසම් උනත් සිනාමවේදී ඔහුගේ ගමන එතරම් ලේසි වුවක් නොවෙයි.1990 සිට නළුවෙක් ලෙස සිනමා වට අවතීර්ණ වෙන්න ඔහුට සැහෙන පරිශ්‍රමයක් දරන්නට වුන.අවරුදු කීපයක් කෙටි චරිත රග පෑ ඔහු මුලින්ම සිනමාවට අවතීර්ණ උනේ 2003 දී හියුමන් ස්ටේන් කියන චිත්‍රපටියෙන්.

මිලර් වැඩි පුරාම ජනාදරයට පත් උනේ ඔහු රග පෑ මාලා 4 කින් විකාශනය වුනු ප්රිසන් Prison break බ්රේක් නාට්‍යයෙන්.මේ නාට්‍යය 2005 වසරේ සිට 2009 වසර දක්වා තිරගත වුනු අතර එය කොටස් 100 කටත් ආදී සන්කයවකින් යුක්ත වුනා.මේ කතාව කොතරම් ජනප්‍රිය උනාද කියනවනම් prison break t shirt,Games පවා වෙළද පලට එන්නට පටන් ගත්ත.ඒ වගේමයි මෙම නාට්‍ය ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙලදී වගේම අනිකුත් බොහොමයක් සම්මාන උළෙලන් වලදී හොදම මාලා නාට්‍යට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවා.

මෙම නාට්‍ය අවසන් වෙන්නේ මයිකල් මොලයේ ස්නායු ආබදයකින් මියයන බව පසක් කරමින්.කෙසේ නමුත් මඅයිකල් ස්චොෆ්යිල්ඩ් (Michel Scofield )චරිතය අප අදවත් වල බොහෝ කාලයක් පවතිනු ඇති.

No comments:

Post a Comment