Thursday, September 6, 2012

අපේ පිටුවේ පළවුණු පින්තුර කීපයක් muthumudalige nissanka

Muthumudalige nissanka post



ඔන්න මේ කියන්න යන්නේ එකෝමත් එක රටකට සම්බන්ධ කථාවක්... ඉතින් ඔය ඉඳල හිටලා මාසෙකට සැරයක් විතර ළමයෙක් දෙන්නෙක් අපචාරයට ලක්වුනාට ගණිකා ව්‍යාපාරය ඒ රටේ තහනම්.. මොකද ළමයි දූෂනය වගේ නෙමේ ගණිකා මඩම් හරි නරක හින්දා.. ඒ නීති කෙසේ වෙතත් ඒ රටේ වැඩේ හොඳ ඉහලින් කරගෙන යනවා.. මොකද ඉතින් ඔය උවමනාව වෙන විදිහකින් ඉටු කරගන්න බැහැනේ.. කොහොමහරි දවසක් ඔය ගණිකා මඩමකට පොලෝසියෙන් පැන්න....

ඒකෙ එවලෙ හිටියෙ ගණිකාවෝ තුන් දෙනයි..ඉතින් ඒ තුන් දෙනාව කුදලගෙන යන ගමන් මදිපාඩුවටත් එක්ක කියලා ඒ අසල පදික වේදිකාවේ වෙළදම් කර කර හිටපු මහලු වෙළෙන්දෙක්වත් පොලෝසියෙන් අල්ලලා දාගත්තා. මොකද ඒ ඒරටේ පොලෝසියේ හැටි. වරදක් කරන්න ඕනේ නෑ හිරේ විලන් ගුවේ වැටෙන්න.... කොහොම කොහොමහරි දැන් නඩු අහන දවසත් ආවා.. දැන් මේ නඩුකාරය පළමුවෙනි විත්තිකාරියගෙන් පුරශ්න අහන වෙලාව.. විත්ති කූඩුවට නැගි ඇය මෙහෙම කිව්වා..

අනේ හාමුදුරුවනේ මේක පට්ටපල් බොරුවක් මම ගණිකාවක් නෙමෙයි ඇඳුම් මසන්නියක්.. මේ පොලිස් රාළහාමිලා බොරුවට මාව ගෙනාවේ..
ඇය දෙස රෞද්‍ර බැල්මක් හෙලූ නඩුකාරතුමා, ම්ම්ම්... රුපියල් දහදාහයි මාස තුනයි, දඩුවම් නියම කලා.. දැන් දෙවෙනි විත්තිකාරියගේ වාරය.. ඇය මහ හයියෙන් කඳුළු සලමින් මේසේ කිව්වා... ස්වාමිනී මම ගණිකාවක් නෙමෙයි. මම රෙදි වෙළෙන් දියක්...ඇය දෙසද රෞද්‍ර බැල්මක් හෙලූ නඩුකාරතුමා මෙසේ කිව්වා,
බොරුව, බොරුව තමයි මට පේන්න බැරිම දේ... රුපියල් දහදාහයි මාස තුනයි.. දැන් තුන්වෙනි විත්තිකාරියගේ අවස්තාව.. ඉතා සෙමින් විත්ති කූඩුව වෙත ඇදුනු ඇය හෙමින් තම කටහඪ අවදිකලා. ස්වාමිනී, මම ගණිකාවක්.. මම පිළිගන්නවා මම කරන්නේ වරදක්බව. මම ඒදේ කලේ මගේ දරුවෝ දෙන්නාව හදාගන්න...

.. මුලු උසාවියම නිහඩතාවයෙන් ඇලලී ගියා.. ඇය දෙස අනුකම්පා සහගත බැල්මක් හෙලූ නඩුකාරතුමා මෙසේ පැවසුවා, තමාගේ අවක බව සලකා, තමාට සමාව දානය කරනවා.. නමුත් මේ වරද නැවතවරක් නොකරන ලෙස තදින් අවවාද කරනවා...ඉන්පසු පැමිනියේ අර මහළු වෙළෙන්දාගේ වාරයයි.. තම උපැස් යුවල යටින් ඔහු දෙස බැලූ නඩුකාරතුමා මෙසේ ඇසුවා, හ්ම්ම්... තමන්ට මොනවද කියන්න තියෙන්නේ?,

මහළු වෙළෙන්දා ඉතා පහත් ස්වරයෙන් කතා කලා, ස්වාමිණී, මමත් ගණිකාවක්.. ........................ අන්න දැක්කනේ කොල්ලනේ මේකතාවෙන් ගන්න තියෙන ආදර්ශය.. වරදක් කරන තැනක උඩ බලාගෙන ඉන්න හොඳ නැහැ.. එක්කෝ ඒ වරද කරන්න ඕනේ. නැත්නම් දුවන්න ඕනේ.. එහෙම නැතිව අහුවුනොතින් කළත් නැතත් ඒක කළා කියල පිළිගන්න ඕනේ.. ඔය මතක නැති උනා කියලනම් බේරෙන්න බැහැ..


අපිට ලිව්වේ චමිදු ඔමේගා

Source : antique cars for sale near me

මෙය යාළුවන් සමගත් බෙදා ගන්න ගමන් ඔබේ කාලයෙන් මොහොතක් ගතකොට අපේ පේජ් එකට ලයික් එකක් දමන්නත් කාරුණික වන්න
Page - http://www.facebook.com/​JeewithayaSundarai

muthumudalige nissanka post


මීට මස ගානකට කලින් මම මගේ පේජ් එකට එකට ලිපියක් ලිව්වා..එක ගෙඩි පිටින් උස්සල අනිත් පේජ් කාරයෝ තමන්ගේ විදියට දාගත්ත...කමක් නැහැ කාට හරි ඕක කියවල හොදක් වෙනවනම් කියල මම කට වාගෙන හිටිය.මෙන්න දැන් එක එල කිරි එකේ දාල රිද්ම පත්තරෙන් උපුටා ගත්ත කියල...මේවා ඉතින් කාට කියන්නද...අඩුම තරමින් පුංචි ඇත්ත කියන්න තරම්වත් කොන්දක් නැති මිනිස්සු ඉන්න එක ගැනයි දුක...

එල කිරි එකේ දමා ඇති අයුරු http://www.elakiri.com/forum/showthread.php?t=1480415

original ලිපිය http://www.facebook.com/photo.php?fbid=331299180273068&set=a.272443249491995.59124.272350709501249&type=3

කරුණාකර මෙම ලිපිය හැකි පමණ බෙදා හරින්න...එය අපට හයියක් වේවි...ස්තුතියි..
මුතුමුදලිගේ නිස්සංක

Sunday, September 2, 2012

මේක හාමුදුරු කෙනෙක් දුන්නෙ,ඔයාලටත් වැදගත් වේවි..





ජපානයේ ලෙඩ රෝග සුව පිළිබඳ සංගමය නම් ආයතනය ජලය පානය කිරීමෙන් නිදන්ගත වූ සහ රෝග සුව කිරීම පිළිබඳ සාර්ථක අත්හදා බැලීමක් කර, 100%ක් ප්‍රතිඵල ලබා ගන්නා පිළිවෙලක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව සුව කල හැකි වු රෝග මෙසේය.

1.අධික රුධිර පීඩනය,නිරත්තිය(ලේ අඩුකම,ලේ වල රක්තානු අඩු බව )
වාත රක්තය අංශභාගය,අධික හෘද ස්පන්දනය, අපස්මාරය,අතිස්ථුලතාව(තරබාරුව )
2.කැස්ස,උගුරේ ආසාදනය,ඇදුම,ක්ෂය රෝගය,මොලේ උණ,අක්මාව මුත්‍රාශය සම්බන්ධ රෝග.
3.අධි අම්ලතාව,උදර වාතය,ලේ අතීසාරය,මල බද්ධය,දියවැඩියාව,අර්ශස්
4.සියළුම ඇස් රෝග,අක්‍රමවත් මාස ශුද්ධිය,මුත්‍රා මාර්ගයේ පිළිකා
5.ඇසේ,කනේ හෝ දත් වල සියළුම රෝග.

01උදෑසනින් පිබිදෙන්න,දත් මැදීමට පෙර මි.ලී. 640 බැගින්(වතුර බෝතලයක් ) මද උණුවතුර ප්‍රමානයක් බොන්න.

ඉන්පසු,
(අ ).පැයක් යනතුරු දියර හෝ ඝන කිසිවක් ආහාරයට නොගත යුතුයි.
(ආ )ඉන්පසු සාමාන්‍ය ආහාර ගත හැකියි.
(ඇ )කෑම වේල් තුනටම පසු පැය දෙකක් යනතුරු කිසිම කෑමක් බීමක් නොගත යුතුයි.
(ඉ )රෝගී හෝ මහලු අයට එක් වර වතුර ප්‍රමාණය බීමට අපහසුනම් ටිකෙන් ටික නියමිත ප්‍රමාණය දක්වා එය දියුණු කල හැකියි.

මෙම ප්‍රතිකාරයෙන් රෝගීන් සුවපත් වන බවත්,නිරෝගී අයගේ තත්වය ආරක්ෂා වන බවත් සහතික කොට කිව හැකිය,

පරීක්ෂණ වලින් ඔප්පුවී ඇති ආකාරයට ඒ ඒ රෝග මෙම ක්‍රමයෙන් සුව කිරීමට ගතවූ කාලය.

(අ ) රුධිර පීඩ්නය - දින 30යි
(ආ )දියවැඩියාව- දින 30යි
(ඇ ) උදර වාතය-දින 10යි
(ඈ )මල බද්ධය- දින 10යි
(ඉ )ක්ෂය රෝගය-මාස 03යි
(ඊ ) පිලිකාව-මාස 06යි

වාත රෝග (ආතරයිටීස් ) රෝගයෙන් පෙළෙන අය දිනකට තුන් වරක් බැගින් සතියක් මෙය කල යුතුය.ඉන්පසු කළ යුත්තේ දිනකට වරකී.මෙයින් අතුරු ආබාධ ඇති නොවේ.මුල් දින කිහිපය තුල වැඩි වාර ගනනක් මුත්‍රා කිරීමට සිදු වේ.

අළුයම අවදී වූ විට කෙල ගසා කට නොසොදා,උණුකර මද රස්නයට නිවාගත් වතුර බෝතලයක් (මි.ලී.640 ) බඳුනකට දමා දෙ අතට ගෙන වාඩි වෙන්න.පාවහන් ඉවත් කරන්න.දෙ ඇස් පියා ගන්න,දැන් මෙසේ ජලයට බල පිහිටුවන්න.

බුද්ධ රත්නයේ අනන්ත ගුණ බලයෙන්,
ධම්ම රත්නයේ අනන්ත ගුණ බලයෙන්,
සංඝ රත්නයේ අනන්ත ගුණ බලයෙන්,
සියලුම බොසත්වරුන්ගේ අනන්ත ගුණ බලයෙන්,
දෙමාපියන්ගේ අනන්ත ගුණ බලයෙන්,
ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටෙන්,
ශ්‍රී දළදා වහන්සේ ගේ පිහිටෙන්,
සියළු දිවියන්ගේ පිහිටෙන්,
මා කරගත් කුසල් වල බලයෙන්,
මෙය මට බෙහෙතක් වේවා ! බෙහෙතක් වේවා ! බෙහෙතක් වේවා !
මෙයින් මා නිදුක් වේවා! සුවපත් වේවා ! දීර්ඝායු වේවා!
මාගේ ශරීරයේ ඇති සියළු රෝග මේ බෙහෙතින්ම සුවපත් වේවා !

• දැන් වතුර බීමට පටන් ගන්න.විනඩි 10ක් හෝ ගෙන බඳුන හිස් කලාට වරදක් නැත.වතුර බොන අතර තමන්ට ඇති සියළුම රෝග මෙනෙහි කර ඒවා සුව වේවායි ! සිතන්න.වතුර බිව් පසු පයක් ගතවනතුරු කිසියම් කෑමක් හෝ බීමක් නොගන්න.
• පැයකට පසුව උදේ තේ/කෝපී බොන්න.

• මෙසේ දින 10ක් කරන විට ශරීරයේ බර ගතිය අඩුවූවාසේ දැනේයි.එතැන් සිට සියළු රෝග සුව වීමට පටන් ගනී.යලි එම රෝග හෝ කිසිම රෝගයක් නොවැළදේවි.ශරීරයේ ඇතුලත ඇති සියළුම ඉන්ද්‍රීයයන් අළුත්වැඩියා වේවී.සම එමගින් වයස් ගත වීමට ප්‍රමාද වේවී.ක්‍රමයෙන් තරුණබවට පත් වේවී.සම පැහැපත් වේවී.බොහෝ කාලයක් ජීවත් වීමට නිරෝගී වාසනවන්ත අයෙක් වේවී.

තෙරුවන් සරණින් සැප ජය හා දියුණුව.!!

Copied from Elakiri.com
Source  : Ways to Boost Your Brain Power by Brainy Reads

මෙය යාළුවන් සමගත් බෙදා ගන්න ගමන් ඔබේ කාලයෙන් මොහොතක් ගතකොට අපේ පේජ් එකට ලයික් එකක් දමන්නත් කාරුණික වන්න
Page - http://www.facebook.com/JeewithayaSundarai

අපේ පිටුවේ පළවුණු පින්තුර කීපයක්