Thursday, September 6, 2012

Muthumudalige nissanka post



ඔන්න මේ කියන්න යන්නේ එකෝමත් එක රටකට සම්බන්ධ කථාවක්... ඉතින් ඔය ඉඳල හිටලා මාසෙකට සැරයක් විතර ළමයෙක් දෙන්නෙක් අපචාරයට ලක්වුනාට ගණිකා ව්‍යාපාරය ඒ රටේ තහනම්.. මොකද ළමයි දූෂනය වගේ නෙමේ ගණිකා මඩම් හරි නරක හින්දා.. ඒ නීති කෙසේ වෙතත් ඒ රටේ වැඩේ හොඳ ඉහලින් කරගෙන යනවා.. මොකද ඉතින් ඔය උවමනාව වෙන විදිහකින් ඉටු කරගන්න බැහැනේ.. කොහොමහරි දවසක් ඔය ගණිකා මඩමකට පොලෝසියෙන් පැන්න....

ඒකෙ එවලෙ හිටියෙ ගණිකාවෝ තුන් දෙනයි..ඉතින් ඒ තුන් දෙනාව කුදලගෙන යන ගමන් මදිපාඩුවටත් එක්ක කියලා ඒ අසල පදික වේදිකාවේ වෙළදම් කර කර හිටපු මහලු වෙළෙන්දෙක්වත් පොලෝසියෙන් අල්ලලා දාගත්තා. මොකද ඒ ඒරටේ පොලෝසියේ හැටි. වරදක් කරන්න ඕනේ නෑ හිරේ විලන් ගුවේ වැටෙන්න.... කොහොම කොහොමහරි දැන් නඩු අහන දවසත් ආවා.. දැන් මේ නඩුකාරය පළමුවෙනි විත්තිකාරියගෙන් පුරශ්න අහන වෙලාව.. විත්ති කූඩුවට නැගි ඇය මෙහෙම කිව්වා..

අනේ හාමුදුරුවනේ මේක පට්ටපල් බොරුවක් මම ගණිකාවක් නෙමෙයි ඇඳුම් මසන්නියක්.. මේ පොලිස් රාළහාමිලා බොරුවට මාව ගෙනාවේ..
ඇය දෙස රෞද්‍ර බැල්මක් හෙලූ නඩුකාරතුමා, ම්ම්ම්... රුපියල් දහදාහයි මාස තුනයි, දඩුවම් නියම කලා.. දැන් දෙවෙනි විත්තිකාරියගේ වාරය.. ඇය මහ හයියෙන් කඳුළු සලමින් මේසේ කිව්වා... ස්වාමිනී මම ගණිකාවක් නෙමෙයි. මම රෙදි වෙළෙන් දියක්...ඇය දෙසද රෞද්‍ර බැල්මක් හෙලූ නඩුකාරතුමා මෙසේ කිව්වා,
බොරුව, බොරුව තමයි මට පේන්න බැරිම දේ... රුපියල් දහදාහයි මාස තුනයි.. දැන් තුන්වෙනි විත්තිකාරියගේ අවස්තාව.. ඉතා සෙමින් විත්ති කූඩුව වෙත ඇදුනු ඇය හෙමින් තම කටහඪ අවදිකලා. ස්වාමිනී, මම ගණිකාවක්.. මම පිළිගන්නවා මම කරන්නේ වරදක්බව. මම ඒදේ කලේ මගේ දරුවෝ දෙන්නාව හදාගන්න...

.. මුලු උසාවියම නිහඩතාවයෙන් ඇලලී ගියා.. ඇය දෙස අනුකම්පා සහගත බැල්මක් හෙලූ නඩුකාරතුමා මෙසේ පැවසුවා, තමාගේ අවක බව සලකා, තමාට සමාව දානය කරනවා.. නමුත් මේ වරද නැවතවරක් නොකරන ලෙස තදින් අවවාද කරනවා...ඉන්පසු පැමිනියේ අර මහළු වෙළෙන්දාගේ වාරයයි.. තම උපැස් යුවල යටින් ඔහු දෙස බැලූ නඩුකාරතුමා මෙසේ ඇසුවා, හ්ම්ම්... තමන්ට මොනවද කියන්න තියෙන්නේ?,

මහළු වෙළෙන්දා ඉතා පහත් ස්වරයෙන් කතා කලා, ස්වාමිණී, මමත් ගණිකාවක්.. ........................ අන්න දැක්කනේ කොල්ලනේ මේකතාවෙන් ගන්න තියෙන ආදර්ශය.. වරදක් කරන තැනක උඩ බලාගෙන ඉන්න හොඳ නැහැ.. එක්කෝ ඒ වරද කරන්න ඕනේ. නැත්නම් දුවන්න ඕනේ.. එහෙම නැතිව අහුවුනොතින් කළත් නැතත් ඒක කළා කියල පිළිගන්න ඕනේ.. ඔය මතක නැති උනා කියලනම් බේරෙන්න බැහැ..


අපිට ලිව්වේ චමිදු ඔමේගා

Source : antique cars for sale near me

මෙය යාළුවන් සමගත් බෙදා ගන්න ගමන් ඔබේ කාලයෙන් මොහොතක් ගතකොට අපේ පේජ් එකට ලයික් එකක් දමන්නත් කාරුණික වන්න
Page - http://www.facebook.com/​JeewithayaSundarai

No comments:

Post a Comment