Saturday, June 23, 2012

අප වෙසෙන මන්දාකිණිය අසල්වැසි මන්දාකිණියත් සමග ගැටෙන බව සනාථයිලු ....





ප වෙසෙන මන්දාකිණිය වන ක්ෂීරපථය අසල්වැසි ඇන්ඩ්‍රෝමීඩා මන්දාකිණිය සමග ගැටෙන කාල වකවානුව නිර්ණය කළ බව විද්‍යාඥ කණ්ඩායමක් පවසයි. හබ්ල් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් නිරීක්ෂණයන්හි යෙදුණු එම විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ, වසර බිලියන 4ක පමන කාලයකදී මන්දාකිණිය දෙක ගැටී එකක් බවට පත්වනු ඇති බවයි.


මෙහිදී සූර්යාගේ පිහිටීමට බලපෑමක් එල්ල විය හැකි වුවත් සෞරග්‍රහ මණ්ඩලය විනාශ වීමට පවතිනුයේ සීමිත ඉඩක් පමනක් බව ද විද්‍යාඥවරු පවසති.

රාත්‍රි අහසේ බොකුටුවූ චිත්‍රයක් ලෙසින් දිස්වන ඇන්ඩ්‍රෝමීඩා මන්දාකිණිය තාරකා විද්‍යාඥයින් හඳුනාගනු ලැබුයේ, මිට වසර දහසකට පමන ඉහතදීය.

එය විශ්වයේ ක්ෂීරපථයට අලෝක වර්ෂ මිලියන 2.5ක පමණ පරතරයකින් පිහිටා ඇති බව සැලෙකෙයි.

No comments:

Post a Comment