Thursday, May 17, 2012





පුංචිම කලේ අම්මගේ අතින් අල්ලන් ඉස්කෝලේ ගිය හැටි මතක් කරන්න...අම්මා අපේ ඇගිලි තුඩු වලට පැන්සල තියල අකුරු ලියන්න ඉගැන්නුවා මතකද...ඉස්කෝලේ ඇරිලා අම්මා එනකන් ගේට්ටුව ඉස්සර හිටිය මතකද...ඒ වෙලාවට අම්මා ටිකක් හරි පරක්කු උනානම් අපි හැඩුව තරම්.අම්මත් එක්ක කොහේ ගියත් අපිට තමා වාසි ඇයි අඩුම තරමින් අයිස් ක්‍රීම් එකක්වත් අරන් දෙනවනේ...දුන්නේ නැත්නම් අඩිය පොලවේ ගහල හරි ඒක අරගන්න විදියත් අපි දැනගෙන හිටිය එහෙම නේද ....අම්මා ඉස්සෙල්ලම බත් බෙදුවේ ඔයාලට සමහර වෙලාවට අම්මට කන්න ඉතිරි වුනේ දන් කුඩු ටික විතරයි...එහෙකත් නැත්නම් මගේ රත්තරන් අම්මා බඩගින්නේ හිටිය ....මතක් කරන්න...කොහේ හරි දුර පළාතකට ගියත් කන්න ලැබිච්ච දෙයින් ටිකක් හරි ලේන්සුවේ හොතාගෙන හරි අරන් ඇවිත් මගේ රත්තරන් අම්මා මට කන්න දුන්න...අපිට ලෙඩක් දුකක් හැදුනම අපිට සනීප වෙනකන්ම හිටියේ හිතේ ගින්දරෙන්.අපි කොහේ හරි ගියත් අපි එනකන් රෑට නිදි වරාගෙන බලාගෙන ඉන්නවා...එහෙව් රත්තරන් අම්මට මම එක වචනෙකින් හරි බැනල ඇති.එහෙම නේද ?එහෙම තමා අපි විතරක් නෙමේ මේ ලෝකේ ඉන්න හැමෝම එහෙමයි....

අද ඔයාලගේ ගෙදර බුදු පහන තියනකොට ඔයාගේ රත්තරන් අම්මා වෙනුවෙන් ප්‍රාර්ථනයක් කරන්න ..." උපදින උපදින හැම අත්මයකදිම මගේම රත්තරන් අම්මගේ කුස තුලම මා ඉපදේවා කියලා" ...ඔයාලගේ සිතින් දැන හෝ නොදැනුවත්ව ඔයාලගේ රත්තරන් අම්මට සිත් තැව්ලක් සිදු වුනානම් අම්මගේ දෙපා වැදලා ඒ වෙනුවෙන් සමාව ගන්න...අද අම්මාවරුන්ගේ දිනය...ඔයාගේ රත්තරන් අම්මව ඇස් දෙක වගේ බලා ගන්න අධිෂ්ටාන කරගන්න..ඒ අම්මාවරුන්ගේ දිනය නිසාම නෙමෙයි.ඒ මෙතේ බුදුන් නොදැකපු අපි මෙලොව බුදුන් දකින නිසා.....සිංහල මුස්ලිම් දෙමල අපි හැමෝගෙම අම්මා "අම්මාමයි"

No comments:

Post a Comment