Monday, August 20, 2012

මෙඩූසා


මෙඩූසා

ඔන්න එකෝමත් එක කාලෙක දෙවිවරුයි යක්ෂයොයි මහපොලව උඩ ජීවත් උනා. මෙන්න මේ කාලයේදි මහපොලවට අධිපති දෙවියගේ දුවයි මුහුදු වලට අධිපතියා දෙවියගේ පුතයි කසද බැඳලා ඒ දෙන්නට ලස්සන දූ කුමාරියක් ලැබුනා.

ඒ දූ කුමාරියට මේ දෙන්නා 'මෙඩූසා' කියලා ලස්සන නමකුත් දැම්මා. මෙඩූසා කියන්නේ ගොඩාක්ම ලස්සන දූ කුමාරියක්..

දෙමවුපියනුත් මේ දූ කුමාරියගේ ලස්සන ගැන වර්ණනා කලා. ඒ තරම් මේ දූ කුමරියත් සෑහෙන්ඩ ලස්සනයි. ටික ටික කල් ගත වෙලා මේ කුමාරිය වැඩිවියට පත් වෙනවා. ඒත් එක්කම එයැයිගේ ලස්සනත් බලාගෙන ඉන්නැද්දිම වැඩිවෙනවා.

දන්නවනේ කාන්තාවන් ගොඩක් ලස්සන උනහම ආඩම්බරකම ඉබේටම වගේ එනවා කියලා. මේ දූ කුමාරියටත් ආඩම්බරකම ඕනාවටත් වඩා තිබ්බා. මේයැයි හැමතිස්සෙම තමන්ගේ ලස්සන ගැන ආඩම්බර උනා. තමන්ගේ ලස්සන වර්ණනා කරන්ඩත් මේ මෙඩූසා කුමාරිය අමතක කලේ නෑ..

දවසක් මේ දූ කුමාරිය "මම තමයි මේ ලෝකේ ලස්සනම කුමාරිය ! මම ඇප්‍රොඩයිට්ටත් වඩා ලස්සනයි !" කියලා පුරසාරම් දෙඩෙව්වා. ඇප්‍රොඩයිට් කියලා කියන්නේ සුන්දරත්වයේ හා ආදරයේ දෙව්දුව !

මෙඩූසාගේ පුරසාරම් දෙඩවිල්ල ඇප්‍රොඩයිට් දෙවඟනටත් ඇහුනා.

ඉතින් මේ ඇප්‍රොඩයිට් දෙවඟන, මෙඩූසා කුමාරියට යෝජනාවක් කරනවා.

"අපි දෙන්නා මේ ලෝකේ ඉන්න කඩවසම් ම ආදරවන්තයෝ එක්ක යාළුවෙමු. ගොඩක්ම කඩවසම් ආදරවන්තයෝ වැඩියෙන්ම ඉන්න කෙනාට දිනුම ලැබෙනවා. බැරිවෙලවකවත් ඔයා දින්නොත් ඔයා ආදරයේ දෙවඟන වෙන්න මම මරණයට පත් වෙන්නම්... හැබැයි මම දින්නොත් ඔයාට මැරෙන්ඩ සිද්ද වෙනවා !!!! "

ඇප්‍රොඩයිට් දෙවඟනගේ මේ යෝජනාවට මෙඩූසා එකපයින්ම කැමති වෙනවා.

දෙන්නම එක වගේ ලස්සන නිසා තරඟය සෑහෙන්ඩ තියුණු වෙනවා. දෙන්නගේම පලවෙනි බැල්මට කසවසම් කුමාරවරු වශී වෙනවා. නමුත් මෙඩූසාගේ තියෙන අහංකාරකමත් එක්ක ජීවත් වෙන්ඩ කිසිම කුමාරයෙක් කැමති වෙන්නේ නෑ..

නමුත් ඇප්‍රොඩයිට් දෙවඟන ලස්සන වගේම ඒයැයිගේ ආදරේට වශී වෙච්ච කුමාරවරු ගනන දවසෙන් දවස වැඩි එනවා.

කොහොමහරි අන්තිමේදි තරඟය අවසාන දවසට ලං උනහම ඇප්‍රොඩයිට් කුමාරියට කසවසම් ආදරවන්තයෝ සිය ගාණක් ඉන්නවා. ඒත් මෙඩුසට හිටියේ එකම එක ආදරවන්තයෙක් විතරයි.... (කවුද දන් නෑ ඒ මෝඩයා...)

මේ තරඟයෙන් ඇප්‍රොඩයිට් දෙවඟන දිනන නිසා මෙඩූසට මැරෙන්ඩ සිද්ධ වෙනවා.... ඒත් ඇප්‍රොඩයිට් දෙවඟනගේ තියෙන හොඳ හිත නිසා මෙඩූසව මරණයට පත් කරන්නේ නෑ.. ඒ වෙනුවට ජීවිත කාළයටම බලපාන විදිහේ සාප කරනවා.

ඒ සාපය තමයි මෙඩූසා දිහා බලන හැම එකාම ගල්වෙලා යන එකයි මෙඩූසට තිබ්බ ලස්සන කොණ්ඩය විශඝෝර නයි බවට පත් කරන එක !!

Our thanks to madurangacreations.blogspot.com

මෙය යාළුවන් සමගත් බෙදා ගන්න ගමන් ඔබේ කාලයෙන් මොහොතක් ගතකොට අපේ පේජ් එකට ලයික් එකක් දමන්නත් කාරුණික වන්න
Page - http://www.facebook.com/JeewithayaSundarai

No comments:

Post a Comment