Thursday, August 30, 2012

Sinhala reads


මා අසා ඇති මවු ගුණ ගීත වලින් මා හදවතේ වඩාත් රැඳී ඇති එකම ගීය ලියා ඇති මිනිසා කවුරුන්ද කියා සොයා ගන්නා විටත්, ඔහු මෙලොව හැර දා ගොස් දශකයකටත් වැඩිය...
කොටින්ම ඔහු මිය ගොස් ඇත්තේ මා උපදින්නට වසර එකහමාරකටත් පෙරය...
නමුදු, තවමත් ඒ ගීය මා කුඩා කල ඇසුවාටත් වඩා නැවුම්ය....අර්ථවත්ය ....
"ආදරයේ උල්පත වූ අම්මා"
අන්න ඒ සොදුරු හද රැඳී ගීතයි...
එහි මා වඩාත් ප්‍රිය කරනුයේ
"ඔබ මතු බුදු වන දිනයේ..මා රාහුල කුමරුන් සේ...සෙවන පතා අද මෙන් පැමිණෙන්නෙමි... සුළඟිල්ලේ එල්ලී" යන පද පේලි වලටය...
කිමද එය මා හට මගේ අම්මා පිලිබඳ ඇති විශාලතම පැතුම දනවන නිසාවෙනි...
එමෙන්ම මගේ අම්මා මට දුන් ගුණවත් කම් කියා දෙන පද පෙලියක්ද එම ගියේහිම ඇත..එනම් "සඳ දිය කොට කිරි වතුරෙන්... ඒ දියරෙන් මුව දෝවා"
මිනිසෙකුගේ සංවේදීකම රැදෙනුයේ හුදෙක්ම මවගේ සෙනෙහසෙනි....එය කදිමට දනවන සංවේදී මිනිසෙකු සිංහල ගේය පද සාහිත්‍ය කරුවන් තුල සොයා බැලුවහොත් හුමවන
හොදම උදාහරණය ඔහුය....ඒ කවරෙකුවත් නොවේ ප්‍රේමකීර්ති ද අල්විස් ය......
මිනිසෙකු හදවතට ලං වීමට ඔහු ජිවත් වී සිටීම අනවශ්‍ය බව මා හදුනා ගත්තේ ඔහු ලියු ගීත ඇසීමෙනි,වින්දිමෙනි.....
තවද තුවක්කු උණ්ඩයකට මිනිසෙකුගේ සංවේදීකම පසාරු කරගෙන විනිවිද යා නොහැකි බව ප්‍රථමයෙන්ම දැන ගත්තේ,දිනෙක මගේ මවගෙන් ඔහුගේ මරණය පිලිබඳ තතු විමසු විටය ...

- මුතුමුදලිගේ එමාෂි-

Source  : Ways to Boost Your Brain Power by Brainy Reads

මෙය යාළුවන් සමගත් බෙදා ගන්න ගමන් ඔබේ කාලයෙන් මොහොතක් ගතකොට අපේ පේජ් එකට ලයික් එකක් දමන්නත් කාරුණික වන්න
Page - http://www.facebook.com/JeewithayaSundarai

No comments:

Post a Comment