Thursday, August 30, 2012

මිනිස්සුන්ට ආදරේ බලෙන් දනවන්න බැහැ.



මිනිස්සුන්ට ආදරේ බලෙන් දනවන්න බැහැ....
අපි නොහිතන වෙලාවක නොහිතන තැනකදී හමු වෙන කෙනෙකුට ආදරෙන් බැඳෙනවා අඩුයි කියල ගොඩක් අය හිතනවා...
එත් හොයල බැලුවහම, වැඩියෙන්ම ආදරේ කරන මිනිස්සු ආදරෙන් බැඳිලා තියෙන්නේ හරිම අහබු විදියට....
එයාල හීනෙන් වත් නොහිතපු විදියට වගේම හීනෙන් වත් නොපතපු විදියේ මිනිස්සුත් එක්ක...
ඒ නිසාම ගොඩක් අය ආදරේ අන්දයි කියනවා...බොළඳයි කියනවා...එහෙම කියන මිනිස්සුම කාටත් වැඩියෙන් නොගැලපෙන අයටම ආදරෙත් කරනවා..
මේ හැම දේකින්ම මට නම් දැනෙන්නේ ආදරේ අමුතුයි කියලයි...ඊටත් වැඩියෙන් ආදරේ කරන මිනිස්සු හරිම අමුතුයි කියල...
මිනිස්සුන්ට පුළුවන් ගොඩක් වෙනස්කම් හොයන්න,දකින්න....වෙන කිසිම සතෙකුට වඩා....
එත් අදරේදී විතරක් මිනිස්සු නැති සමානකමුත් හොයා ගන්නවා....ඇත්තටම අමුතුයි නේද???
-මුතුමුදලිගේ එමාෂි-

මෙය යාළුවන් සමගත් බෙදා ගන්න ගමන් ඔබේ කාලයෙන් මොහොතක් ගතකොට අපේ පේජ් එකට ලයික් එකක් දමන්නත් කාරුණික වන්න
Page - http://www.facebook.com/JeewithayaSundarai

No comments:

Post a Comment