Saturday, March 3, 2012

විජය කුමාරනතුංග - සොදුරු හදවතක්‌ තිබුනු මිනිසා



විජය කුමාරනතුංග කියන්නෙ බොහොම උතුම් ගති ගුන වලින් පිරුනු මනුස්‌සයෙක්‌,මේක විජයගෙ ජිවිත කතාවෙන් එන එක කතාවක්‌ විතරයි ,
දවසක්‌ විජේයි ,කලංසුරියයි චිත්‍රපටියක්‌ කරන්න කොහේද ඇතකට ගිය ගමන් පිටිසර නවාතැනක නැවතිලා තියෙනවා,
උදෙන්ම කලන් මූන කට හොද ගන්න බාත්රෑම් එකට යද්දි කලන් දක්‌කලු විජය බාත්රෑම් එකෙ ටැප් එක දිහා බලාගෙන ඉන්නවා, එතකොට කලන් හැව්වලු.
"මොකද බන් ටැප් එක දිහ බලගෙන ඉන්නෙ වතුර එන්නෙ නැද්ද?" කියලා.
විජය කිව්වලු "නැහැ බන් වතුර එනවා ඒත් ටැප් එක වටේ කූබින් ඉන්නවා මම කරාමය ඇරියොත් උන් සේරම මැරෙයි" ...

මේක විජයගෙ මනුස්‌සකම ගැන කියන එක කතාවක්‌ විතරයි,විජය අපෙන් වෙන් වෙලා අවුරුදු ගනනක්‌ ගත උනත් මේ රත්තරන් මනුස්‌සයා අපේ හදවත් වල තාමත් ජීවත් වෙනවා..විජයට ආදරය කරන අය ඔහුට කරන උපහාරයක්‌ විදියට මේ කතාව යාලුවන් එක්‌ක බෙදා ගන්න...



ජිව්තය සුන්දරයි වෙනුවෙන් මුතුමුදලිගෙ නිශ්ශංක සටහනක්‌

No comments:

Post a Comment