ලොව කෙටි ම ලියුම් ගනුදෙනුව කළ වික්ටර් හියුගෝ
ලෝක සාහිත්‍ය
ඉතිහාසයේ විශිෂ්ටතම චරිතයක් ලෙස සැලකෙන වික්ටර් හියුගෝ උපතින් ප‍්‍රංශ
ජාතිකයෙකි. ඔහු නවකතාකරුවකු පමණක් නොව කවියකු, නාට්‍ය රචකයකු, ඔපෙරා
රචකයකු, චිත‍්‍රශිල්පියකු, නිදහස් චින්තකයකු, මාන
ව
හිමිකම් කි‍්‍රයාකාරිකයකු මෙන් ම ප‍්‍රකට දේශපාලන චරිතයක් ද විය. වික්ටර්
මාරී හියුගෝ නමින් 1802 පෙබරවාරි 26 වැනිදා ප‍්‍රංශයේ දී උපන් ඔහු කුඩා කල
දස්කම් පෑවේ කවියකු ලෙසය. ඒ ප‍්‍රාථමික පාසල් සිසුවකුව සිටියදීය. ඔහු
මුලින් ම පළ කළේ ද කවි පොතකි. ඔහුගේ ඉතා දිගු සාහිත්‍ය ජීවිතය පුරා ම සෑම
දිනකම පද්‍ය පේළි 100ක් ද ගද්‍ය පිටු 20ක් ද ලියන්නට සමත් වූ බව සඳහන්ය.
යොවුන් වියේ දරිද්‍රතාවෙන් බොහෝ සේ පීඩා විඳි ඔහු, 1822 ලියූ කවි එකතුවක්
නිසා පැහැදීමට පත් ප‍්‍රංශයේ 18 වැනි ලූවී රජු ඔහුට වාර්ෂික විශ‍්‍රාමික
පාරිතෝෂිකයක් ද පිරිනැමුවේය. රාජ්‍ය පාලකයන්ගේ ගෞරවයට පාත‍්‍ර වූ ඔහු ඇතැම්
විටෙක රාජ්‍ය පාලකයන්ට එරෙහි ව අභීතව සටන් වැදුණු අවස්ථා ද බොහෝය. ඒ නිසා
විටෙක ඔහුට සිය මවුබිමින් පිටුවහල් වී සිටීමට ද සිදු විය.
ඔහු ජීවත්ව
සිටියදී පළ වූ පොත් සිය ගණනකි. එසේ ම ඔහු 1885 මැයි 22 වැනිදා මිය ගිය පසු
පළ වූ කෘති ද තිස් ගණනකි. පැරීසියේ දී සිදු වූ ඔහුගේ අවමඟුලට විසි ලක්ෂයකට
අධික ජනකායක් සහභාගි වූ බව සඳහන්ය.
ලෝක සාහිත්‍යයේ වඩාත්
ප‍්‍රසිද්ධ චරිත දෙකක් වූ යාන් වැල්යාන් (‘ලෙ මිසරබ්ල’ නවකතාවේ ප‍්‍රධාන
චරිතය) හා ක්වෝසිමොඩෝ (හන්ච්බෑක් ඔෆ් නොත‍්‍රඩම් - මේ පොත ‘ආදර ස්මෙරල්ඩා’
යන නමින් සිංහලෙන් පළවී තිබේ.) නිර්මාණය කිරීමෙන් ලෝක සාහිත්‍යය තුළ
අමරණීයත්වයට පත් වූ වික්ටර් හියුගෝ නවකතා ගණනාවක් ම ලොවට දායාද කර තිබේ.
ඔහු 1829 දී ලියූ මුල් ම පරිණත නවකතාව වූ ‘ලාස්ට් ඬේස් ඔෆ් ද කොන්ඩෙම්න්ඞ්
මෑන්’ (මරණයට කැප කළ මිනිසකුගේ අවසාන දින කීපය) නම් නවකතාව ඇල්බෙයා කැමූ,
චාල්ස් ඩිකන්ස්, ෆියඩෝර් දොස්තොව්ස්කි වැනි ලේඛකයන්ට ආභාසයක් වූ බව සඳහන්ය.
සියවස් දෙකකට පමණ පෙර ඔහු මානව හිමිකම් පිළිබඳව මතවාදයක් ඇති කළේත් මරණ
දඬුවම අහෝසි කරන්නට ලොව පුරා උද්ඝෝෂණයක් දියත් කළේත් එම කෘතියෙන් පසුවය.
පීඩිත ජන ජීවිත ප‍්‍රධාන චරිතවලට යොදා ගෙන මිනිස්කම ගැන ප‍්‍රශ්න කරන්නට,
සමාජ අසාධාරණයට හා අයුක්තියට එරෙහිව සටන් කරන්නට ඔහු පෙලඹුණේ මින් පසුවය.
‘මනුතාපය’ ්දීන දුක’ ආදි වශයෙන් සිංහලයට පරිවර්තනය කරන්නට යෙදුණු ඔහුගේ ‘ලෙ
මිසරබ්ල’ නවකතාව පළ වූයේ 1862 දීය. පිටු 1200ක් වූ ඒ නවකතාව ලියන්නට ඔහුට
වසර 17ක් ගත විය. එම නවකතාව ප‍්‍රකාශකයාට බාර දී විදේශගත වූ ඔහු ඒ පිළිබඳව
ප‍්‍රකාශකයා සමග කළ ලිපි හුවමාරුව ලෝකයේ ප‍්‍රථම හා කෙටිම පණිවුඩ හුවමාරුව
ලෙස සැලකේ.
ඔහු ප‍්‍රකාශකයාට යැවූ ලිපියෙහි සඳහන් වූ එකම ලකුණ වූ ‘?’ ප‍්‍රකාශකයාගේ පිළිතුර වූයේ ‘!’ යන්නය.
උපුටා ගැනීම මල් කැකුළු වෙබ් අඩවියෙනි