Thursday, August 30, 2012

කපටි රජෙක් හා බැබිලෝනියානු එල්ලෙන උයන



කපටි රජෙක් හා බැබිලෝනියානු එල්ලෙන උයන

ක්‍රිස්තු පූර්ව 650 ගණන් වල බැබිලෝනියාවේ රජකමට පත් වෙනවා නෙබුකත්නසාර් කියලා රජ කෙනෙක්. රජෙක් කියලා කිව්වට නෙබුකත්නසාර් කියන්නේ අධිරා‍ජ්‍යයෙක් කියලා හැඳින්වුවාට වරදක් නෑ... ඉතිහාසය උනත් සාක්ෂි දරන්නේ යුද්ධ කරන්ඩ දස්කම් තියෙන රජෙක් හැටියට !!!

දවසක් මේ රජතුමාට හිතෙනවා තමන්ගේ බැබිලෝනියා රාජ්‍යයට උතුරින් තියෙන 'මෙඩ්ස්' (Medes) කියන රාජ්‍යය අල්ල ගන්ඩ.මෙඩ්ස් කියන රාජ්‍යය ගහ කොල පිරුණ කඳුවැටි වලින් ආරක්ෂිත රාජ්‍යයක්. කොටින්ම බලන බලන හැම පැත්තම කොල පාටින් දිස් වෙච්ච රාජ්‍යයක් කිව්වොත් වරදක් නෑ.

ඉතින් නෙබුකත්නසාර් රජතුමා සුපුරුදු පරිදි මේ රාජ්‍යයත් එක්ක යුද්ධ කරන්ඩ යන්නේ නෑ. ඒ වෙනුවට රජතුමා අපූරු උපායක් පාවිච්චි කරනවා. ඒ තමයි,

මෙඩ්ස් කියන රාජ්‍යයේ රජතුමාට ඉන්නවා 'අමිටිස්' (Amytis) කියලා රූ සම්පත්තියෙන් අගතැන්පත් දූ කුමාරියක්. නෙබුකත්නසාර් රජතුමා මෙඩ්ස් කියන රාජ්‍යයේ රජතුමාත් එක්ක සාකච්ඡා කරනවා රාජ්‍යයන් දෙකේම සහයෝගිතාව වර්ධනය කරගන්ඩ මෙඩ්ස් රාජ්‍යයේ දූ කුමාරිය සරණපාවා ගන්ඩ කැමතියි කියලා. (කොහොමද මේකෑ මොලේ !!)

කොහොමහරි මෙඩ්ස් රාජ්‍යයේ රජතුමා ඒ යෝජනාවට කැමති වෙලා අමිටිස් කුමාරියව නෙබුකත්නසාර් රජතුමාට සරණපාවා දෙනවා.

කුමාරියත් මේ රජතුමා එක්ක බැබිලෝනියාවේ පදිංචියට යනවා.

බැබිලෝනියාව ගැන කිව්වොත් ඒක එහෙම් පිටින්ම කාන්තාරයක්. ගහ කොලක් නෑ පේන තෙක්මානයේ . තනිකරම වැලි ගොඩක් !!!

බැබිලෝනියාවේ ටික කාලයක් ජීවත් වෙනකොට කුමාරියට හෝම් සික් (HomeSick) එක හැදෙනවා. ඒ කියන්නේ සාංකාවක් වගේ හැදෙනවා. තමන්ට හුරු පුරුදු වනගත පරිසරයෙන් ඈත් වෙලා වැලිකතරක ජීවත් වෙන්ඩ ලැබිච්ච එක ගැන කුමාරිය සෑහෙන්ඩ දුක් වෙනවා. රජ සැප තිබ්බත් මොකෑ හිතේ සතුටක් නැත්තං !!!

මේ ගැන හිතලම කුමාරිය ටිකෙන් ටික කෘෂ වෙනවා. මේක රජතුමා දැකලා කරුණු කාරණා අහනවා.කුමාරියත් සේරම විස්තරේ රජතුමාට කියනවා.

ඊට පස්සේ රජතුමා කන්දක හැඩයට හිටින්න ගොඩනැඟිල්ලක් හදනවා. ඒකේ එක එක ගස් වර්ග පලතුරු ජාති වවලා කුමරියට හුරු පුරුදු වනගත පරිසරය ගොඩනගලා දෙනවා. අන්න ඒ ගොඩනැගිල්ල තමා පස්සේ කාලෙක ලෝක පුදුමයක් වෙච්ච බැබිලෝනියානු එල්ලෙන උයන කියන්නේ !!!

උපුටාගැනීම සිතක සංකල්පනා බ්ලොගයෙන්  Source  : Ways to Boost Your Brain Power by Brainy Reads

මෙය යාළුවන් සමගත් බෙදා ගන්න ගමන් ඔබේ කාලයෙන් මොහොතක් ගතකොට අපේ පේජ් එකට ලයික් එකක් දමන්නත් කාරුණික වන්න
Page - http://www.facebook.com/JeewithayaSundarai

No comments:

Post a Comment