Thursday, August 30, 2012



ක්‍රිස්ටිනා පෙරී යනු අද ලොව ජනප්‍රිය ගායිකාවකි.. ජා ඔෆ් හාර්ට් (jar of hearts), තවුසන්ඩ් ඉයර්ස්(thousand years ) වැනි ගීත තුලින් ලොව ප්‍රේක්ශක අවදානය දිනා තිබෙන ඇය දක්‍ෂ ගායිකාවක් වගේම විශිෂ්ට ගීත රචනා කරන්නියක්. රූසපුවෙන් හා දක්‍ෂතාවයෙන් අගතැන්පත් ඇය මාධ්‍ය හමුවේ ඇය රචනා කල විශේෂ ගීතයක් ගැන සදහන් කලා. ගීතයේ නම ඩිස්ටන්ස්(Distance) ඇය එය ලියා ඇත්තේ ඩේවිඩ් හොජස් (David Hodges) කියන ගීත රචකයත් සමග එකතු වී. "මා ඒක ලිව්වේ අපි ආදරය කරන නමුත් එය කියාගන්න බැරි අය වෙනුවෙන්. එය මගේ ජීවිත අත්දැකීමක්. 2010 ගිම්හාන කාලයේදී මම කෙනක් සමග ආදරෙන් බැඳුනා. අපි බොහොම සමීපව වැඩ කරපු දෙන්නෙක්. නමුත් මම ඔහුට වැඩිය කැමති නැහැ වගේ තමයි හැසිරුනේ. ඒක ඇත්තටම අමාරු දෙයක් වුනා. මොකද මම බොරු කරන්න දක්‍ෂ නැති නිසා(සිනාසෙමින්)..ඉතින් මේ ගීතය ලිව්වේ මගේ හැගීම සහ මගේ හිතේ තියෙන ආතතිය සහ එය අඩු කරගැනීමට මා දරන උත්සහය ගැනයි. මම එයාට ආදරෙයි කියනවා වෙනුවට ගීතයක් රචනාකලා. ඇය ගීතය ගැන ඇගේ වචන වලින් සදහන් කලේ ඒආකාරයටයි. ඉතින් බලන්න ආදරය හා එය පැවසීමට ඇති ලැජ්ජාශීලී බව මිල මුදල් හෝ රූපය හෝ ජනප්‍රියත්වය මත රැදෙන්නේ නැති හැටි. අපි අතරෙත් කීදෙනෙක් එහෙම කියාගන්න බැරුව ඉන්නව ඇද්ද.. කොටින්ම මේක ලියන මම පවා.. Source  : Ways to Boost Your Brain Power by Brainy Reads.

Chamidu Omega Creation

මෙය යාළුවන් සමගත් බෙදා ගන්න ගමන් ඔබේ කාලයෙන් මොහොතක් ගතකොට අපේ පේජ් එකට ලයික් එකක් දමන්නත් කාරුණික වන්න
 Page - http://www.facebook.com/​JeewithayaSundarai 

No comments:

Post a Comment