Monday, August 20, 2012

නව පරම්පරාවට අමතක වුනු ශ්‍රී ලංකාවේ


නව පරම්පරාවට අමතක වුනු ශ්‍රී ලංකාවේ ජනප්‍රියම සහ දක්ෂතම සක්සොපොන් වාදකයා - ස්ටැන්ලි පිරිස්


කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබු ස්ටැන්ලි පිරිස් ලාංකීය සන්ගීත ශේෂ්ත්රය වසර තිස්තුනක්ටත් වඩා කාලයක් සේවය කල මහගු වාදකයෙක් විය.ක්ලැරන්ස් විජේවර්දනයන් කණ්ඩායම් සංගීතය හදුන්වාදුන් 1960 මැද අවදියේදී කණ්ඩායම් සංගීතය ශ්‍රී ලංකාවේ පැතිර යන විට නුවර ෆොර්චුන් සංගීත කණ්ඩායමේන ස්ටැන්ලි කරලියට පැමිණියේ ඔහුගේම නිවුන් සොයුරු රන්ගිත් පෙරේරා සමග එකම කණ්ඩායමේ වදන ශිල්පියෙකු ලෙසටය.

විජය කොරයාගේ හමුවීමෙන් පසු ඔහු සිලෝන් රේඩියෝ සමාගමේ වාදකයෙකු ලෙස සේවයට එක්විය,එහිදී 700 කටත් අදික කැසට් ප්‍රමාණයකට ඔහු අතින් සංගීතය සම්පාදනය විය.1981 දී සුර සරදියෙල් , බයිසිකලේ සහ සරන්ගා චිත්‍රපට වලින් චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයට පිවිසුණු ඔහු ඔහු මිය යනතෙක්ම චිත්‍රපට බොහොමයකම සංගීත අධ්‍යක්ෂක ලෙස සේවය කරන ලදී.

ශ්‍රී ලාංකීය සංගීත ශේස්ත්රයට මහගු සේවයක් කල ස්ටැන්ලි පිරිස් මිය යනවිට ඔහු විසින් ගීත 1000 කටත් වඩා සංගීතය සම්පාදනය කර තිබිණ.ඔහු අප අතරින් සමුගෙන ඇතත් අදටත් ඔහුගේ ගීත අප දෙසවන් වල රැව්දේයි.

ජීවිතය සුන්දරයි පිටුවෙන්
මුතුමුදලිගේ නිස්සංක

මෙය යාළුවන් සමගත් බෙදා ගන්න ගමන් ඔබේ කාලයෙන් මොහොතක් ගතකොට අපේ පේජ් එකට ලයික් එකක් දමන්නත් කාරුණික වන්න
Page - http://www.facebook.com/JeewithayaSundarai

No comments:

Post a Comment