Monday, August 20, 2012

පෝල් ලෝන් (Paul Long)



පෝල් ලෝන් (Paul Long) නැමති පුත්ගලයා තම දරුවන් වන 6 හැවරදි ජොශපීන් සහ 8 හැවරදි ෆේබියන් පාසලට රැගෙන යමින් සිටියා. හදිසියේ තම කාරයේ ඇන්ජිම නතරවුනේ පෝලුත් ළමයිනුත් පාරේ අතරමන් කරමින්. පෝල්ට උවමනා වුයේ මෝටර් රථය පාර කෙළවරේ මන්තීරුවට තල්ලු කරගන්නයි. කවුරුවත් නැවැත්තුවේ නැහැ. කවුරුවත් ඇවිත් ඇහුවේ නැහැ "ඔබට උදවුවක් අවශ්‍යද කියලා හෝ ඔබට තල්ලුවක් අවශ්‍යද කියලා?'', පෝල් කියා සිටියා. ටික වේලාවකට පසු එක්තරා මෝටර් රථයක් පාරේ අයිනේ නැවැත්තුවා. එම මෝටර් රථයෙන් බැස ආවේ හුඩියක් (hoodie) පැළඳගත් පුත්ගලයෙක්. ඔහු මා වෙත ඇදී එනවිට මම දකින දර්ශණය අදහා ගැනීමට බැරි වුනා. ඒ ආවේ ඩේවිඩ් බෙකම් (David Bekham). මම අහුවා ඔබ ඩේවිඩ් බෙකම්‍ නේද? කියා.හිස වැනූ ඔහු මගෙන් අහුවා මට මොනවද වෙන්න ඕනෙ කියලා? මට ඕනෙ කාර් එක පාරේ කෙලවරේ මන්තීරුවට දාගන්න.... කියලා. ඔහු මගේ කාර් එක තල්ලු කලා. ඉන් පසුවත් ඇහුවා මට තව උදව්වක් ඕනෙද කියලා.. මම කිව්වා නැහැ. බෙකම් මම ඔබට ආදරෙයි කියලා. ඔහුගේ නිහතමානී මහත්මාගතිය මගේ හිතේ සදහටම රැදේවි. ඩේවිඩ් බෙකම් කියන්නේ එන්ගලන්ත පාපන්දු කන්ඩායමේ හිටපු සුපිරි තරුවක් වගේම තවත් පාපන් දු ක්‍රීඩා සමාජ කිහිපයක නම දරා සිටි ක්‍රීඩකයෙක්. ඒවගෙම මුලු ලොවම දන්නා ජනප්‍රිය චරිතයක්. රූපවාහිනී වැඩසටහන් හා අනෙකුත් වැඩසටහන්වලට සහභාගී වන තාරකාවක්. නමුත් මොහු කල ඒ හොඳ ක්‍රියාව වැඩිය ප්‍රසිද්ඬ උනේ නැහැ. මොකද ඒ ඔහු කල හොඳ දෙයක් නිසා. නමුත් ඔහු වැරදි ක්‍රියාවක් කලා නම්, ඒ ගැන මුලු ලොවම කතා කරාවි. ඒක තමා තිත්ත ඇත්ත....


Thanks to Chamidu Omega for this Article.

මෙය යාළුවන් සමගත් බෙදා ගන්න ගමන් ඔබේ කාලයෙන් මොහොතක් ගතකොට අපේ පේජ් එකට ලයික් එකක් දමන්නත් කාරුණික වන්න
Page - http://www.facebook.com/JeewithayaSundarai

No comments:

Post a Comment